හිනා..හිනා.වෙන්න හිනා - 9

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    හිනා..හිනා.වෙන්න හිනා - 9

    බබාගෙ මොලේ

    අත් බෑගය නැතිවී ඇති බව දැනගත් ඇය එය සොයමින් වීදිය පුරා සැරිසරන්නට විය.
    පුදුමයකි ! කුඩා දරුවෙකු ඇයගේ අත් බෑගය ඔසවාගෙන විත් ඇයට පිරිනැමීය.

    "ගොඩා...ක් ස්තූතියි., ඔයා නම් හො...ඳ... බබෙක්"
    බබා - "බෑග් එතේ ඔත්තොම තියෙනවද තියලා බලන්න"
    "ම්..... ඔව්, ඒත් තිබුනේ රුපියල් දෙදාහේ කොලයක්. දැන් තියෙන්නේ පන්සීයේ කොල හතරක්"
    බබා - "කලින් ඇන්ති වගේ ඔයත් මාලු නෑ කියලා කීයක් වත් නොදී මාලු උනොත් කියලයි එහෙම කලේ"

    ;)


    මාලු බෑම

    වියලී ගිය කානුවක බිලී පිත්තක් දමාගෙන සිටින කුඩා දරුවෙකු දුටු කාන්තාවකට දරුවා පිළිබඳ අනුකම්පා සිතී රුපියලක් ඔහු අතතබා

    කාන්තාව - බබා දැන් කී දෙනෙක් අහුවුනාද ?
    දරුවා - ඔයත් එක්ක දහ දෙනයි.

    :shocked:

    රිදී ජුබිලිය

    සිය යුග දිවියේ රිදී ජුබිලිය ඉහලින් සමරන්නට සිතූ අංකල් සෑම් සිය බිරිය ක්‍රිස්ටිනාද කැටුව තමන් හනිමූන් ගිය තානායම කරා පැමිණ ..

    අංකල් සෑම් - ක්‍රිස්ටී..... මොකද ඔයා මේ දුවගේ කොන්ඩේ ස්ට්‍රේට් කරන ස්ප්‍රේ එකත් දාගෙන තියෙන්නේ අහවල් එකකටද ?
    ක්‍රිස්ටිනා - ඒකේ ගහලා තියෙන්නේ හොඳට කෙලින් වෙනවා කියලා. ටෙස් කරල බලන්ඩත් එක්ක අරගෙන ආවා.

    :P

    සුරුට්ටු මුදලාලි

    පල්ලියට එන ප්‍රභූන්ගේ අශ්වයන් ගාලෙන් බැඳීම, පැමිණෙන පුද්ගලයන්ට උදව් උපකාර කිරීම වැනි කාර්යයන්හි නියැලී සිටි එම ප්‍රසන්න පුද්ගලයාට දෛනිකව ලැබුනේ ඉතා සුළු දීමනාවකි. ඔහුගේ වැඩ සහ හැසිරීම ගැන සැලකිලිමත්වු පල්ලියේ ස්වාමිවරයා ඔහු ස්ථිර සේවයේ යොදා ගැනීමටයි සිතා, අධ්‍යාපන සහතික සහ අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස ඔහුට දැන්වීය.

    අධ්‍යාපන සහතික පරීක්ෂා කිරීමේදී හැඟී ගියේ ඔහු ගණිතය විෂයය සාමාර්ථය නොලබා ඇති බවයි. ඉතා කණගාටුවට පත් ස්වාමි ඔහුගේ සේවය අත්හිටුවීමටත් නවක සේවකයෙක් ස්ථිරව සේවයට බඳවා ගැනීමටත් කටයුතු කරන බව ඔහුට දන්වා, මෙතෙක් ගෙවීමට තිබූ වැටුප් ගෙවා දැමීය.

    කාලයක් ඉතා උනන්දුවෙන් හා ආශාවෙන් ඉටුකල සේවය නැතිවීයාමෙන් දැඩි හිත් කම්පාවට පත්වී පල්ලිය අසල ගැවසෙමින් සිටි ඔහුට සුරුට්ටුවක් බීමේ දැඩි උවමනාවක් මතුවිය. ඔහුගේ අවශ්‍යතාවය ඉටුකරගැනීමට සෑහෙන දුරක් පයින් යාමට ඔහුට සිදුවිය. ඈතින් පිහිටි කඩයකට ගොඩවී සුරුට්ටුවක් පත්තුකරගත් ඔහුට කදිම අදහසක් පහලවිය. අතට ලැබුණු සියළු මුදල්වලින් සුරුට්ටු මිලදී ගත් ඔහු පල්ලියට යන එන අයට ඒවා විකිණීමට පටන් ගති. සුළු ලාභයක් තබාගෙන පටන්ගත් එම ව්‍යාපාරය කාලයාගේ ඇවෑමෙන් නගරයටත් අවට ගම් දනව් කරාත් ව්‍යාප්තව ගියේ ඔහුටත් නොදැනුවත්වමය. ගණන් හිලව් ගැන කිසිත් නොදත් ඔහු ඒ සඳහා සේවකයන් පත්කරන්නටත් ව්‍යාපාරය නගා සිටුවන්නටත් මහත් වෙහෙසත් ගති.

    දිනක් ඔහු ගනුදෙනු කරන බැංකුවේ කළමණාකරු ඔහු හමුවීමට පැමිණ .......

    කළමණාකරු - “මම ඔබතුමාව හමුවෙන්නට ආවේ ඉතා වැදගත් කාරණාවකට”. “දැන් ඔබගේ ගිණුමේ ඉතා විශාල මුදලක් එකතුවී තිබෙනවා. එයින් යම් ආයෝජනයක් කරන්න කියා මා ඔබ දැනුවත් කරන්නයි මෙහි පැමිනියේ.” මට කියන්න ඔබතුමා මෙතරම් ධනයක් එක්රැස් කරන්න හැකිවීමේ රහස?

    සුරුට්ටු මුදලාලි - මොන රහසක්ද මහත්තයෝ........ මම ගණිතයවත් පාස් නැති මිනිහෙක්.

    කළමණාකරු - මොනවා ! විශ්වාස කරන්නත් අමාරුයි. ඔබ ගණිතය එහෙම පාස්වෙලා හිටියානම් ....

    සුරුට්ටු මුදලාලි - එහෙනම් මහත්තයෝ... මෙලහට මම පල්ලියේ අප්පු.

    :cool:
    -----------------------------------------------------

    :lol::lol::lol:
    :lol:

    හොඳනම් රෙප් දෙන් අමතක කරන්න එපා
    :)

    බැලුවෙ නැත්නම් බලන්න..
    හිනා..හිනා.වෙන්න හිනා - 8
    හිනා..හිනා.වෙන්න හිනා - 7
    හිනා..හිනා.වෙන්න හිනා - 6
    හිනා..හිනා.වෙන්න හිනා - 5
    හිනා..හිනා.වෙන්න හිනා - 4
    හිනා..හිනා.වෙන්න හිනා - 3
    හිනා..හිනා.වෙන්න හිනා - 2
    හිනා..හිනා.වෙන්න හිනා - 1




     

    slimkasun

    Member
    Jun 18, 2006
    25
    0
    1
    Sri Lanka, Colombo
    <a href="http://plugin.smileycentral.com/http%253A%252F%252Fwww.smileycentral.com%252F%253Fpartner%253DZSzeb008%255FZJfox000%2526i%253D10%252F10%255F17%255F203%2526feat%253Dprof/page.html" target="_blank"><img src="http://smileys.smileycentral.com/cat/10/10_17_203.gif" alt="SmileyCentral.com" border="0"><img border="0" src="http://plugin.smileycentral.com/http%253A%252F%252Fimgfarm%252Ecom%252Fimages%252Fnocache%252Ftr%252Ffw%252Fsmiley%252Fsocial%252Egif%253Fi%253D10%252F10_17_203%2526uiv%253D3.0/image.gif"></a>