හිනා හිනා

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,927
    1,583
    113

    ඔන්න පිස්සන් කොටුවේ බණ දේශනාවක් පවත්වන්නට දොස්තර මහත්තයාට ආස හිතුනා. ඒ ගමන ඔක්කොම ලෑස්ති කරල බණ දේශනාව තියන්න ලෑස්ති කරල හාමුදුරුවොත් වඩම්මවල, පිස්සෝ සෙට් එකත් යාන්තං වාඩි කෙරෙව්වා.

    දැං හාමුදුරුවන්ගේ වාරේ

    “පින්වත්නි. සාධු නාදයක් දෙන්න“

    පිස්සෝ නියම පින්වතුන් වගේ සාධු නාද දෙනවා.

    “පින්වතුනි, දැන් නමස්කාරය කියන්න“



    ආයේ නියමෙට දෙනවා පිස්සො ටික. අහගෙන ඉන්න ආසාවේ බෑ.

    “පින්වතුනි, දැං මම කිව්වට පස්සේ කියන්න... බුද්ධං සරණං ගඡ්ඡාමි“

    ම්හු.. කිසි සද්දයක් නෑ.

    “පින්වතුනි, මා කියුවාට පසුව කියන්න.. බුද්ධං සරණං ගඡ්ඡාමි“

    ඒත් කිසි සද්දයක් නෑ. හාමුදුරුවන්ට දැං තරහයි.

    “පින්වතුනි, මම කිව්වට පස්සේ මේ වාක්ය කියන්න. බුද්ධං සරණං ගඡ්ඡාමි“

    ඒත් නෑ.. හාමුදුරුවන්ට මළ

    “මොකද බුදුන් වදින්න බැරිද ඔහේලට“

    පිස්සෝ ටික කියනවා

    “නෑ නෑ හාමුදුරුවොම කියන්න අපි වේලාවට දෙන්නං“ කියල

    හාමුදුරුවන්ට අප්රබංස, ඕන දෙයක් කියල හාමුදුරුවෝ තනියම වදාරනවා

    බුද්ධං සරණං ගඡ්ඡාමි
    ධම්මං සරණං ගඡ්ඡාමි
    සංඝං සරණං ගඡ්ඡාමි

    ඔන්න එතකොට වේරම්භ වාතයක් සේ නැගි හිටිය පිස්සන් කැල මෙහෙම කියනවා.

    “ඔබේ රාගී මන කැලඹේදෝ
    පිරිසිදු හදවත පෑරේදෝ
    එම විට පවසනු මුවින් ඔබේ“


    බුද්ධං සරණං ගඡ්ඡාමි
    ධම්මං සරණං ගඡ්ඡාමි
    සංඝං සරණං ගඡ්ඡාමි
     
    • Like
    Reactions: Kalu_Banda