"මිස්ස" නම් බමුණාගේ කුටිය බුදුන් වහන්සේට පුජා කල බව.
ලංකාවේ පොලොනන්රුව යුගයේත් බමුණෝ වාසය කල බව සදහන් වෙනවා.
බුදු දහම ඉන්දියාවෙන් බිහි නොවුන දහමක් බවට, පෙර අපරදිග ආචාර්ය මහාචාර්ය වියත් පඬිවරුන් විසින් ඉදිරිපත් කර ඇති තර්කානුකූල තවත් කරුණු හා ප්‍රශ්න 17ක් මෙන්න.
1. බුදුන්වහන්සේ ඉන්දියාවේ සිටි බවට ඉන්දියාවේ පැරණි පොත පත සාක්ෂි නොදරන්නේ ඇයි?
2. ජීවමාන බුදුන්ට හෝ එකල ජීවත් වූ සංඝයා වහන්සේලාට ලෙනක් වෙහෙරක් විහාරයක් පුජා කල බවට කිසිම සෙල්ලිපියක් ඉන්දියාවෙන් සොයා ගත නොහැකි වන්නේ ඇයි? හෙළදීපයේ නම් එවැනි බොහෝ සෙල් ලිපි හමුවී ඇත. එහෙම වුනේ කොහොමද?
3. බුදුන් වහන්සේ ජීවත්වූ කි.පු. 6 වන සියවසෙන් කිසිම පිළිගත් ඓතිහාසික සාක්ෂියක් ඉන්දියාවෙන් සොයා ගැනීමට නොහැකි වන්නේ ඇයි?
4. ලුම්බිණි සෙල්ලිපියේ බුදු උපතක් ගැන සඳහන් නොවීම හා එම සෙල්ලිපිය සොයා ගත් Anton Fuhrer වංචාකාරී පුද්ගලයෙක් බව සනාත වී තිබෙන අතර ඔහුගේ කතන්දර අප පිළිගත යුතුද?
5. සුත්‍රපිටක වලට අනුව බුදුන් වහන්සේ සල් ගසක් යට ඉපදුනායයි කීවත් නේපාලයේ අසෝක ගසක් තිබෙන්නේ ඇයි? පසුකාලීනව එම අශෝක ගසට සල් යන නම ආරූඪ කොට හෙළයන් හා තායිලන්ත වැසියන් පිළිගන්නා නියම සල්ගසට වෙනත් නමක් දෙන්නට හදන්නේ ඇයි?
6. මාගධි භාෂාව ඉන්දියාවෙන් උපන් භාෂාවක් බව පිළිගැනීමට සාක්ෂි නැති වීම හා අසෝක සෙල්ලිපි වල පවා ඇති භාෂාවේ මුලය සංස්කෘත වන්නේ ඇයි?
7. Alexander Cunningham බොහෝ සෙල්ලිපි වරදවා පිටපත් කර ගැනීම සහ වැරදි අර්ථ කතනයන් එකතු කර තිබෙන්නේ ඇයි?
8. අසෝක ගිරි ලිපි 4 හි සියවස් ගණනක් මෙවැනි ධර්මයක් අසා නැති බව සඳහන් කර තිබීම. මේ ලිපිය ලියනවිට ආසන්න වශයෙන් බුදුන් පිරිනිවී වසර 218 කි. 2 වැනි සංඝායනාව තබා සියවසකි. එසේ වන්නේ ඇයි?
9. ඉන්දියාව බුද්ධ කාලයේ සිටම වරින් වර ග්‍රීසියේ ආක්‍රමණයන්ට ලක්ව ඇති බව ලොවම දන්නා දෙයකි. (ඉතින් බුද්ධ දේශය ඉන්දියාව කියනවනම්) බුදුන් වැඩසිටි දේශය වරින් වර ග්‍රීසියේ ආක්‍රමණයට ලක් වුන බවක් බෞද්ධ ඉතිහාසයේ කොතැනකවත් සඳහන් වී නැත්තේ ඇයි?
10. සුත්‍ර පිටකවල විස්තර කෙරෙන විස්තර වලට ඉන්දියාවේ බුදුන් උපන්, බුදුවුන, ප්‍රථම ධර්මදේශනාව, පිරිනිවන් පෑ ස්ථාන සහ අනෙක් බොහෝ ස්ථාන සමාන නොවීම. විශේෂයෙන්ම ප්‍රධාන ස්ථාන අතර දුර අදහා ගත නොහැකි තරම් දුරින් වැඩිවීම. එලෙස වන්නේ ඇයි?
11. අසෝක රජු 3 වන සංගායනාවක් කල බවට, රජුට සංඝමිත්තා මිහිදු කියා දරුවන් දෙදෙනෙකු සිටි බවට, ලංකාව තායිලන්තය වැනි බෞද්ධ රට වලට ධර්ම ප්‍රචාරණය කල බවට ගිරි ලිපි හෝ ඉන්දියාවේ පැරණි පොත පත්හි සාක්ෂි නැති වීම. අසෝක රජගේ බෞද්ධ කම සම්බන්ධයෙන් ගැටළු මතු වීම. මෙයට ප්‍රධාන සාධකයක් වන්නේ බුදු දහම වැළඳ ගත් පසුද සංඝයා වහන්සේලා විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීම, සහ සෙල්ලිපි වල සඳහන් නීති රීතිය. උදාහරණ වශයෙන් සතුන් තෝරා බේරා මැරීමට හැකි අමුතුම නීති පද්ධතීන් ගිරි ලිපි වල සඳහන් වීම. එසේ වන්නේ ඇයි?
12. බුදුන්වහන්සේ සහ සංඝයා වහන්සේලා ලෙන්වල වසරකට වැඩි කලක් ගත කල අවස්ථා බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. උතුරු ඉන්දියාවේ හෝ නේපාලයේ හිමාලයට ආසන්නව හිස මුඩු කරගත්, දෙසිවුර හැඳ ගත්. පාවහන් නොමැතිව සීත කාලයේ වැඩ විසීම ආශ්චර්යමත් කරුණක් වීමක් නොවේද?
13. බුද්ධ දේශයේ සඳහන් වන විවාහ, දරු ප්‍රසුතියේ දී අනුගමනය කෙරෙන චාරිත්‍ර (දරු ප්‍රසූතිය සඳහා දෙමව්පියන් වෙත යාම) ඉන්දියාවේ නොවන්නටත්, ලංකාවේ වන්නටත් හේතුව කිම?
14. කෘෂිකාර්මික චාරිත්‍ර ආදිය ඉන්දියාවේ චාරිත්‍ර නොවීම. බුදුන් උපන් දේශයේ වාරි කර්මාන්තයෙන් කුඹුරු අස්වැදීම් සහ ප්‍රධාන කොට බත් සහ හොදි අනුභවය කරන සංස්කෘතියක් තිබුනත් ඉන්දියාවේ ප්‍රධාන අහාර රොටි වැනි ආහාර විශේෂයි. ඉන්දියාවේ වැව් නොමැත. ඒ මොකද?
15. ඉන්දියා අශෝක රජු දිගට හරහට වෙහෙර විහාර හදාගෙන යනකොට ඔහුගේ බිරින්ඳෑ කෙනෙක් බුදුන් පිටදුන් බෝධියට කටු ගසා ගිනි තියා විනාශ කළාලු.? බුදු කෙනෙකු පිටදුන් බෝධියක් කාන්තාවක් විසින් කටු ගසා ගිනි තියා විනාශ කිරීමක් කළා කියනවනම් එය හාස්‍යට කරුණක් නොවේද.?
16. බුදුවරු 4 නමක් සිටි රටක් ලෙස කීවත් ඉන්දියාවේ මුළු ඉතිහාසය පුරාම ලෝකය මවන ලද මහා බ්‍රහ්ම සංකල්පයක්, හින්දු දහමක් ප්‍රධාන දර්ශනය ලෙස පැවතීමටත් හේතුව කුමක්ද?
17. ලෝකයේ සියලුම බෞද්ධ රටවල බෞද්ධ සිද්ධස්ථාන බොහෝ වෙති. එහෙත් බුදුන් උපන්නා කියා බෝඩ් එක ගසා සම්මත කරගෙන සිටින ඉන්දියා රටේ බෞද්ධ සිද්ධස්ථාන ඉතා අඩුවීමට හේතුව කුමක්ද? එසේම ඒ තිබෙන බොහොමයක් ඒවාද හින්දු කෝවිල්/ජෛනාරාම වලට සමාන වන්නේද ඇයි? එවිට ඉන්දියාවේ අශෝක රජු හැදුවා කියන වෙහෙර විහාර කෝ?
Cunningham ගේ Fuhrer ගේ යුග වලට වඩා අද විද්‍යාව සහ තාක්ෂනය දියුණුය. අද ප්‍රශස්ත සන්නිවේදන මාර්ග තිබේ. අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ඇති පොත පත කියවා ගන්නා මිනිස්සු අන්ධානුකරණය වැළඳ නොගනිති. අපේ බුදුන් වහන්සේ වැඩ නොසිටි රටක ඒවා පෙන්වන්නට නොහැකි තැන අපව මුළාකරවන්නට පසුව ගොතන ලද බොරු කතා නොවේද මේවා?
නුවණින් විමසන්න. සෙමින් සිතන්න..