හිමේ වෑලලුන වයිරස

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx


    ග්ලෑසියර දියවීමත් එක්ක ඒ අයිස් වල වෑලලුන වයිරස පරිසරයට නිරාවරණය වෙන්න පුලුවන්. ඉදිරි අනාගතයේ මොන විදීහේ රෝග එයිද?





    චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවරින් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය ලොව කැලැඹීමට සමත් වී ඇත. කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට පැතිරෙන වයිරස වර්ගයකි. මෙම නව කොරෝනා වයිරසයේ සුලමුල තවමත් අපට අබිරහසකි. එය චීන විද්‍යාඥයන් විසින් වැඩි දියුණු කළ වයිරසයක් බවත්, අත්වැරදීමකින් වූහාන් වැසියන් අතරේ පැතිර ගිය බවත් පැවැසෙයි.
    මේ සටහන නව කොරෝනා වයිරසය ගැන නොවෙයි. නව කොරෝනා වයිරසයට වඩා බිහිසුණු, විද්‍යාඥයන්ට ආගන්තුක, වයිරස රැසක් වසර 15,000 ක් තිස්සේ, චීනයේ ටිබෙට් සානුවේ ගුලියා නමැති ග්ලැසියරයේ අයිස් තට්ටු අතරේ තැන්පත් වී ඇති බවත්, දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම හේතුවෙන් ග්ලැසියරය දියවී, මෙම මාරක වයිරස ද පරිසරයට මුදාහැරෙනු ඇති බවටත් විද්‍යාඥයෝ බිය පළ කරති. ටිබෙට් සානුවේ ගුලියා ග්ලැසියරයේ තැන්පත් වුණු වයිරස සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන්නේ අද ඊයේ නොවෙයි. 1992 වසරේ සිටය. 1992 සිට 2015 වන විට වයිරස වර්ග 28 ක් විද්‍යාඥයෝ සොයා ගත්හ. මෙම වයිරසවලට කිසිදු ප්‍රතිකර්මයක් නොමැති අතර, මේවා මනුෂ්‍යයන්ට ආසාදනය වුවහොත් කොරෝනා වයිරසවලටත් වඩා බිහිසුණු බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යද්දී අයිස් තට්ටු දියවී, වයිරස වාතයට මුදාහැරීම සිදු වුවහොත්, එය සතුන් හරහා මිනිසුන්ට හෝ සෘජුව මිනිසුන්ට ආසාදනය විය හැකි බව ද විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති. ග්ලැසියරයෙන් ලබා ගත් වයිරස සාම්පල ඇමෙරිකාවේත් රුසියාවේත් චීනයේත් අධිආරක්ෂිත පර්ෙ‌ය්ෂණාගාර තුළ සෙල්සියස් අංශක ඍණ 3 ක උෂ්ණත්වයක් යටතේ තැන්පත් කර තැබෙන අතර, ඒවා යොදා ගනිමින් පර්ෙ‌ය්ෂණ කටයුතු සිදු කෙරේ.
    2016 දී වසරේ දී, රුසියාවට අයත් ආක්ටික් පළාතේ, උතුරුදිග සයිබීරියාවේ, උණ රෝගයක් හේතුවෙන් 40 දෙනකු රෝහල් ගත කෙරුණි. උණ රෝගය පැතිරීම ආරම්භ වූයේ සයිබීරියාවේ 12 ගෝත්‍රික දරුවකුගෙනි. රෝගය උත්සන්න වී දරුවා මියගියේය. දරුවාගෙන් තවත් ගෝත්‍රිකයන් 40 දෙනකුට රෝගය ආසාදනය විය. රුසියන් රජය එරට හමුදාවේ, ජීව අවි සම්බන්ධ හමුදා විශේෂඥ දැනුමක් ඇති සොල්දාදුවන් වහා ක්‍රියාත්මක වී, රෝගය කුමක්දැයි සොයා බලද්දී, මාරක ඇන්ත්‍රැක්ස් විෂබීජ රෝගයට හේතුව බව අනාවරණය කර ගත්තේය.
    ඇන්ත්‍රැක්ස් කුඩා දරුවාට ආසාදනය වී ඇත්තේ වසර 70 ක් අයිස් තට්ටු යට සැඟව තිබුණු, ගෝලීය උණුසුම හේතුවෙන් අයිස් දියවී වාතයට නිරාවරණය වුණු පිනිමුවකුගේ සිරුරක් තුළ බව පසුව අනාවරණය විය. මෙම සිදුවීම ලොව කැලඹීමට සමත් විය. කෙසේ නමුත් රුසියන් රජය සහ හමුදාව එය සංගත තත්ත්වයක් බවට පත් වීමට ඉඩක් ලබා දුන්නේ නැත. පිනිමුවාගෙන් සිරුරින් වාතයට මුදා හැරුණු වයිරසය හේතුවෙන් පිනිමුවෝ 1,000 කට වැඩි ප්‍රමාණයක් මියගියහ. චීනයේ ටිබෙට් සානුවේ ගුලියා ග්ලැසියරයේ අයිස් තට්ටු දියවීමේ වේගය දිනෙන් දින වේගවත් වෙයි. අයිස් තට්ටු දියවීම ආරම්භ වූයේ 1970 වසරේ සිට බවත්, අද වනවිට ඉතිරිව ඇත්තේ ග්ලැසියරයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් බව කාලගුණ විපර්යාස පිටුදැකීමේ ජගත් සංවිධානය පෙන්වා දී ඇත.

    සටහන - ලුසිත ජයමාන්න
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔයවගෙ සීන් එකක් එක්ස් ෆයිල්ස් එකෙත් තිබුණ නෙද ?
    හරියටම මතක නෑ. ෆිල්ම් නම් ගොඩක් ආවා ඔය වගේ සීන් ආපු. එක්ස් ෆයිල්ස් වලත් තිබ්බාවගේ තමා මතක
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් ග්ලැසියර කේස්1 නම් ඔව්. අපි මේ ගත කරන මොහොතෙත් ආක්ටික් වල ටොන් දාස් ගනන් වල අයිස් වේගෙන් දියවෙනවා.. ඒ අයිස් අවුරුදු 10,000කටත් වඩ ඉපැරණි ඒවා.. ඔබ කියන දේ වෙන්න පුලුවන්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔයවගෙ සීන් එකක් එක්ස් ෆයිල්ස් එකෙත් තිබුණ නෙද ?
    කැලේක පරණ ගස් කපනකොට කොල පාට දිලිසෙන පොඩි සත්තු වගයක් එලියට ඇවිල්ල මිනිස්සුන්ගෙ ඇඟවල් කන එකක් නම් තිබ්බ.
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    1.අයිස් දිය වෙනවා
    2.මුහුදු මට්ටම වැඩි වෙනවා
    3.ගංගා වලට මුහුදු ජලය එකතු වෙනවා
    4.ගොවිතැන් කරන්න බැරි වෙනවා
    5.එතකොට මිනිස්සුන්ට කන්න නැති වෙනවා
    6.උඩු ගම් බලා මිනිසු යනවා
    7.මිනිස්සුන්ට ඉන්න තියෙන ඉඩ අඩු වෙනවා
    8.ඊට පස්සේ උස්බිම් වලට මිනිස්සු ගිහිල්ලා මරාගන්නවා ඉඩ නැති හින්ද තවම නාවේ ඉදිකළ කවුරුත් දන්න....
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕක චයින හදපු වෙෙරස් ඵකක් කියල ප්‍රචාරය කරේ අැමරිකාව.trade war ඵක නිසා.හැබැයි චීනේ මුලින්ම ඔය වෙෙරස් ඵක පැතිරෙන කොට අැමරිකාව උඩ පැන පැන බලන් හිටියේ චීනෙ ඕක නිසා වැටෙනකන්.පස්සෙ උන්ගෙ රටටත් ඔය වෙෙරස් ඵක අාවට පස්සෙ තමා ඕක චීනේ හදපු වෙෙරස් ඵකක් කියල ප්‍රචාරය කරේ. අැමරිකාවට මේ දවස්වල පඩයක් ගියත් චයිනා නිසා ඔය කථාව කොහොමත් විශ්වාස කරන්න බෑ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඕක චයින හදපු වෙෙරස් ඵකක් කියල ප්‍රචාරය කරේ අැමරිකාව.trade war ඵක නිසා.අැමරිකාව ට මේ දවස්වල පඩයක් ගියත් චයිනා නිසා ඕක විශ්වාස කරන්න බෑ.

    චිනට අයිති ඒරියා එකක් තමා ඔය පරීක්ශා කරන්නේ. චීන වෑඩ්ඩොත් සෙට් වේලා තමා පරීක්ෂණ කරන්නේ
     
    • Like
    Reactions: D_Mad