BUMP
BUMP
------ Post added on Oct 23, 2021 at 9:19 PM
BUMP
------ Post added on Oct 23, 2021 at 9:19 PM
me kiyanne police kuduwe neda?
මම මුලින්ම වැඩ කරපු තැන ඇඩ්මින් මැනේජර් ව කුණු කේස් එකකට රිමාන්ඩ් කලාලු.. හැමදාම කුණු දානවා කියලා උසාවි නියෝගයක් දාල කුණු දාන එක තහනම් කරපු තැනක්ලු ඒක..කේස් එක දරුණුවටම යන නිසා මිනිස්සුන්ට කියලා කුණු දානව දැක්කොත් ඒ වෙලාවෙම අල්ලගෙන පොලීසියට කියන්න කියලා.. ලොක්කගෙ කරුමෙටම වගේ පළවෙනිම වතාවට එදාම හදිස්සීයට කුණු එක අත ඇරියලු ඒ ප්ලේස් එකේම..
පොර ඔය උසාවි සීන් ගැන දැනන් ඉඳලා නෑ..
උදේ පාන්දර අත්දිග ෂර්ට් එක එහෙම ඇඳගෙන ඔෆිස් එද්දි තමයි සීන් එක සෙට් වෙලා තියෙන්නේ..
මැනේජර් කාරයා ටිකක් ලොකු අතු එහෙම දන්න ඩයල් එකක්.. පොලිසියට අලුතෙන් ආව ඕ.අයි.සී කෙනෙක් නිසා මිනිහා කවුද කියල අහන්නෙ බලන්නෙ නැතුව කෙලින්ම ඇතුළටම දැම්මලු ඔක්කොම උසාවියෙදි කියන්න කියලා..
ඇඩ්මින් මැනේජර් උනාට මිනිහත් ටිකක් අමුතු ඩයල් එකක්.. ඕනම එකෙක් එක්ක මචන් කියාගෙන ගිහින් සෙට් වෙලා වැඩේ කර ගන්න ඩයල් එකක්..
කූඩුව ඇතුළෙ ඉන්න ගමන් ඇහුවලු එකෙක්ගෙන් මොකද්ද බං සීන් එක කියලා..?
මේ පොඩි රේප් කේස් එකක් කිව්වලු ගාණක් නැතුව..
මැනේජර් හීන් දාඩියත් දැම්මලු.. තව එකෙක්ගෙන් ඇහුවාම ඌත් ගාණක් නැතුව කිව්වලු
මේ මේ මර්ඩර් කේස් එකකට පැටලුනානේ.. ඒක මාට්ටු වෙයි කියලා හිතුවෙත් නෑ.. අම්!@#$%&න අන්තිම මොහොතේ පාවලා දුන්නනේ.. එළියට ගිය ගමන් උන්ට ගේම දීල මම ආයෙ එනවා.. කියලා..
තව ඩයල් එකක් පැත්තක ඉඳල ඔලුව බිම ගහගෙන අහනවලු පැකට් එකක් නැද්ද කියලා.. බලද්දී ඌ කුඩ්ඩෙක්ලු..
තව ඩයල් දෙක තුනක් හිටියට මැනේජර් සද්ද නැතුව හිටියලු ෂර්ට් එකේ අත් දෙකත් නවාගෙන උඩ බොත්තමත් ඇරගෙන අයි.ආර්.සී කාරයෙක් වගේ..වෙලාවට එකෙක්වත් ඇහුවේ නෑලු ඔයා මොකද ඇතුළට ආවේ කියලා.. කුණු බෑග් එකක් විසික් කරලා ආවා කියලා මුන්ට කටක් ඇරලා කියන්නෙ කොහොමද කියලා අහනවා..