හිරගෙයි රැඳවියන්ට හෙරොයින් ගෙනත් දුන්නැයි නීතිඥයා අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බන්ධනාගාර රැදවියන්ට හෙරොයින් ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය ලබා දෙන්නේ යැයි කියන නීතිඥයකු හෙරොයින් ද සමග අනුරාධපුර අධිකරණ සංකීර්ණය ආසන්නයේ කඩ 12 ප්‍රදේශයේදී ඊයේ (11) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී යැයි කියති.
    මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර පරසන්ගස්වැව 44 හැවිරිදි නීතිඥයෙකි.නීතිඥවරයා සිය වෘත්තීය උපයෝගී කර ගනිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් එම මත්ද්‍රව්‍ය බන්ධනාගාර රැඳවියන්හට ලබා දෙන පුද්ගලයකු බව පොලිසිය කියයි.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ නඩුවලට පෙනී සිටින මුවාවෙන්, ඔවුන් උසාවියට රැගෙන එන අවස්ථාවල දී ඔවුන්ට සමීප වෙමින් හෙරොයින් මත්කුඩු, ගංජා, බීඩි, සිගරැට්, දුම්කොළ මෙම නීතිඥයා රැඳවියන්ට ලබාදෙන බවට අනාවරණය වූ බව ද පොලිසිය සඳහන් කළේය.

    මෙම නීතිඥයා සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අධිකරණ සංකීර්ණය ආසන්නයේ කඩ 12 ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු පානය කරමින් සිටියදී මොහු අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවකදී සැකකරුගේ කලිසම් සාක්කුවේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2300ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.අත්අඩංගුවට ගැනුණු නීතිඥවරයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
     
    • Like
    Reactions: haunte

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,509
    32,235

    1st place to clean (y)
     
    • Like
    Reactions: SLK_sri