හිරුණිකාගේ සැමියා

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    හිරුණිකාගේ සැමියා

    14063784_836239596476180_3945191022243662347_n.jpg
    හිරුණිකාගේ සැමියා හිරාන් යටෝවිට දුම්බර වනසමින් නින්දිත වන සංහාරයක…!!!
    Dumbara 1පාතාල නායකයෙක් වන පාදුක්කේ වැලි චූලා නැමැති මිනීමරුවෙක් සමග එක්වී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සැමියා වන හිරාන් යටෝවිට කිරිඇල්ල ප්‍රදේශයේ දුම්බර කන්ද මුලුමනින්ම වනසමින් කරන නින්දා සහගත පස් ජාවාරමක් හා වන සංහාරයක් පිළිබද ලංකා නිවුස්ලයින් වෙත වාර්තා වේ.
    රටේ ජනාධිපති පරිසර ඇමතිවරයාව සිටියදී සියලු පරිසර වේදීන් හා කිරිඇල්ල පොලිසියේ නිලධාරීන් නපුංසක ස්වරූපයට පත් කරමින් අක්කර අට දහස් තුන්සිය දා හතක ( 8317) ක් පුරා පැතිරුණු හරිත බිමක් වනසමින් කරන මේ ජාවාරම නිසා කිරිඇලල දුම්බර ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 4 ක පවුල් 2500 අන්ත අසරණව සිටිති.
    සිය සුකුමාල බිරිදගේ දේශපාලන බලය අතට ගත් හිටපු නිරූපණ ශිල්පී හිරාන් යටෝවිට වැලි චූලා නැමැති පාතාල නායකයා හා එක්ව මේ විනාශය කරන්නේ කිරිඇල්ල නැදුන් විහාරාධිපතිව හිදන හදපාන්ගොඩ මහින්ද හාමුදුරුවන්ගෛ් අනුග්‍රහය යටතේය. ඛේදවාචකය වන්නේ හදපාන්ගොඩ මහින්ද හිමි චීවරයක් ද සහිතව මේ විනාශය කිරීම සදහා හිරාන් යටෝවිටට හා වැලි චූලාට ඉඩ හසර සලසා දී ඇත්තේ මේ ඉඩම් පන්සලේ පාරම්පරික නින්දගම් බව පවසමිනි. එසේ කියමින් මේ ජනාවාස මෙතැනින් ඉවත් කිරීමට මහින්ද හාමුදුරුවන් බොහෝ කලක සිට ගත් උත්සාහය දැන් බලවත්ව ඇත්තේ ඔහු යහපාලන ආණ්ඩුවට හිතවත් දේශපාලන චරිතයක් වනවා සේම පූජිත් ජයසුන්දර පොලිස්පතිගේ ඉතා සමීපතමයෙක් වීම නිසා බව පැවසේ.
    මේ හාමුදුරුවන් මීට පෙර හාමුදුරුවන්ගේ පාරම්පරික නින්දගම යැයි කියා ගන්නා අක්කර 2500ක් හොරණ ප්ලාන්ටේෂන් සමාගමට තිස් අවුරුදු බදු පදනම මත ලබා දී තිබේ. මීට අමතරව ඇති අක්කර 5800ක ප්‍රදේශයේ ජිවත්වන මිනිසුන් ඉවත්කරීමේ අවශ්‍යතාවයක හාමුදුරුවන් වසර ගණනාවක සිට කටයුතු කරන බව ගම්වාසීහු පවසති. ඔවුන් කියන්නේ වර්ෂ 1909 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් මෙම ඉඩම් තමන්ට පරිහරණය සදහා නිදහස් කර දී ඇති බවත් සියවසකට ආසන්න කාලයක් තමන් මේ බිම් පරිභෝජනය කරමින් ජීවත්වන බවත්ය.
    නැදුන්විහාරාධිපති මේ ඉඩම් අයිතිය කියමින් ගම් වැසියන් පන්නා දමන්නට උත්සාහ කරන්නේ වර්ෂ 1994 සිට බව ගම්වාසීහු පවසති. මේ පිළිබදව කළ පැමිණිල්ලකට අනුව එවකට සිටි ඉඩම් ඇමතිවරයා විසින් පත්කළ සිවු පුද්ගල කමිටුව වර්ෂ 2014 දී නිර්දේශ කර ඇත්තේ මේ බිම එහි පදිංචි වැසියන්ගේ පාරම්පරික ඉඩම් ලෙස පිළිගත යුතු බවය. ඊට පසු වර්ෂ 2015 ජූනි වලදී හාමුදුරුවන් ගම්වැසියන්ට එරෙහිව රත්නපුර දිසා අධිකරණයේ ගොනුකළ නඩුවත් නිශ්ප්‍රභා වූයේය. ඉන් අනතුරුව මේ හාමුදුරුවන් සිවිල් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර එම නඩුව පවත්වාගෙන යන අතරවාරයේ හිරාන් යටෝවිට ගේ දේශපාලන බලයත්, වැලි චූළාගේ මැර බලයත්, පූජිත් ජයසුන්දරගේ පොලිස් බලයත් යොදාගෙන මේ නින්දිත වන සංහාරය හා භූමි සංහාරය කරන බව හෙළි වී තිබේ.
    පස් කපමින් ගස් කපමින් දැවැන්ත විනාශයක් කරන මේ දුම්බර කදුවැටිය ලංකාවට ආවේනික ඒක දේශික ශාඛ සහිත භූමියකි. වටිනා දැව සහිත භූමියකි. අනවශ්‍ය පාරිසරික විනාශ සිදුකළ හොත් නායෙ යෑමේ අවදානමක් සහිත බව භූ විද්‍යා කාර්යාංශය අනතුරු හගවා ඇති භූමියකි. මේ කදුවැටිය නායෙ ගියහොත් කලුගග තෙක් එම පස් සහ මඩ ප්‍රවාහය ගමන් කිරීමේ අවදානමක් ඇති බව පැවසේ.
    මේ භූමිය පන්සලේ නින්දගමක් වුවද පාතාල කාරයින් ලවා තර්ජනය කරමින් දේශපාලන බලය මිස හිස නැති මිනිසුන්ගේ බලයත් පොලිස් බලයත් යොදා ගනිමින් මෙවැනි ජාතික ව්‍යසනයක් කිරීමට නැදුන් විහාරාධිපතිට ලබා දුන් විශේෂ ලයිෂන් එකක් තිබේදැයි මේ ගම්වැසියෝ ජනාධිපති මෙන්ම පරිසර ඇමති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රශ්න කර සිටිති.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අවජාතකයෝ සෙට් එකක්. මුන් ව ලොකු දම්වැල් වලින් දැම්ම බැදලා දාන්න ඕනේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගෑණිගෙ කඳ හොඳ නැතු වුනාම ගොඩක් එවුන් කඳන් හොයන්න කැලෑ වදිනව, මොකුත් කියන්න බයයි ඩිෆෙන්ඩරයක් එවල උස්සල පුක හරවල ආප්ප ගැහුවොත්...!!