හිරුණිකා දේශපාලනයට
සමාන්‍යයෙන් අපට අහන්න ලැබේන්නේ පියාගෙන් පස්සේ පුතුන් දේශපාලනයට පිවිසෙන ප්‍රවෘත්ති නමුත් අද අපි කියන්න හදන්නේ පිය උරුමයෙන් දේශපාලනයට පය තියන සුන්දර කටකාර තරණියක් ගැන.
පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය දවසේ සිදු වූ සිදු වීම අපට හොඳට මතකයි.පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු ගේ ආධාර කරුවන් සිදු කළ වෙඩි තැබීමකින් ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනෙකු මිය ගියා.
සිද්ධිය වෙලාවේ රජය පවා මධ්‍යස්ථව කටයුතු කලේ නෑ කියලා පවා චෝදනා ආවා.
කෙසේ නමුත් තම පියාගේ මරණයේ සෙවනැලි අතරින් ඇඬු කඳුලින් නැගී ආ ඇගේ ස්වරයට කාගේත් දෙකණ විවර වුනා.පියාගේ චිතකයේ ගිනි දළු අතරින් ඇය දේශපාලනයට එන බවට පෙරණිමිති පහල වුනා.
කොළොන්නාව ජනතාවගේ හද බැඳ ගත් දේශපාලන චරිතයක් වූ ලකී හෙවත් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වගේම ගාම්බීර ප්‍රබල හඬක් සහ දේශපාලන පරිචයක් ඇය තුලිණුත් ඉදිරියට ආවා.
ඇය පසුගිය දා සිය දේශපාලනයේ පලමු අඩිය තැබුවා.ඒ මහජන පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙමින් ඉදිරියේ දී ඇයට පක්ෂයේ ලේකම් තනතුරක් ලබා දීමට නියමිතයි.ඇයගේ ගමන කෙසේ ඇදීයයිද? රටම නිහඬවම බලා සිටිනවා....උපුටා ගත්තේ....http://www.aluthnews.com/