හිරුණි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අමෙරිකාවේ සිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජයග්‍රහණ හඹා යන හිරුණි



_104173403_hiruniwije.jpg



"ශ්‍රී ලංකාව සතුව විශිෂ්ට ක්‍රීඩකයින් සිටිනවා. නිසි මග පෙන්වීමක් සහ නිසි පුහුණුවක් ලබා දුන්නොත් ඔවුන් ලෝක මට්ටමේ ජයග්‍රහණ අත් කර දේවි," බීබීසී සිංහල සේවය සමග එලෙස පැවසුවේ, අමෙරිකාවේ පදිංචිව සිටිමින් ශ්‍රී ලංකාව නියෝජනය කර මලල ක්‍රීඩිකාවකි.
හිරුණි විජයරත්න නමැති ඇය සිය දෙමාපියන් සමග අමෙරිකාවේ පදිංචියට ගොස් ඇත්තේ, ඇය 9 වන වියේ පසු වෙත්දීය.



වෘත්තියෙන් අලෙවි කළමනාකාරවරියක ලෙස අමෙරිකානු සමාගමක සේවය කරන හිරුණි සිය මලල ක්‍රීඩා පුහුණුවීම්වල නිරත වන්නේ, විවේකයක් ලද විටකය.



_104172898_hiruni.jpg



ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විවිධ ජයග්‍රහණ අත් කරගෙන ඇති හිරුණි විජයරත්න පසුගිය සෙනසුරාදා (නොවැ 03) අමෙරිකාවේදී ශ්‍රී ලංකාවේ නම බැබළවීමට සමත් විය. ඒ, ඉන්ඩියානාපොලිස් මොනියුමන්ටල් මැරතන් ධාවන තරගයේ කාන්තා අංශයේ දෙවන ස්ථානය හිමි කර ගනිමිනි. කිලෝමීටර් 30 ක් දුරැති එම ධාවන තරගය හිරුණි නිම කළේ, පැය 2 විනාඩි 38 තත්පර 34 ක කාලයකිනි. ඒ අනුව, ලබන වසරේ කටාර්හිදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට ද ඇය සුදුසුකම් ලබා ගත්තාය.
"මගේ ලොකු ම බලාපොරොත්තුව තමයි ඔලිම්පික් පදක්කමක් ශ්‍රී ලංකාවට ලබා දෙන එක. ඒ සඳහා මම ගොඩක් කැපවීම් කරමින් ටිකෙන් ටික ළං වෙනවා," හිරුණි විජයරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.


_104174590_hiruni3.jpg





පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල

මේ වසරේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී මැරතන් තරග ඉසව්වෙන් හිරුණි විජයරත්න 11 වන ස්ථානය හිමි කර ගත්තාය.


_104174592_hiruni4.jpg



ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහය මොන වගේ ද?



"ජාත්‍යන්තර තරගවලට සහභාගි වෙන්න මුදල් සහ ගුවන් ටිකට් පත් මට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලැබෙනවා. ඒත් මගේ පුහුණුකරු, මගේ ආහාර වගේ අනික් වියදම් ඔක්කොම මගේ පෞදිගලික වියදමෙන් කරගන්නෙ. ඒත් මම ක්‍රීඩා කරන එක සතුටින් කරන්නෙ." හිරුණි විජයරත්න පවසන්නේ, ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජය මගින් මීට වඩා නිසි පුහුණුවක් සහ පහසුකම් ලබා දිය යුතු බවය. එසේ කළහොත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් විශාල ජයග්‍රහණ අත් කර ගත හැකි වනු ඇති බව ඇයගේ විශ්වාසයයි.
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    වැඩක් නෑ සඳු කුජීත වෙලා නැප්චූන් බලවත් වෙලා ඉන්න නිසා ඇමරිකාවේ ගිහින් චූන් එකක් විතරයි අරන් එන්න පුළුවන් වෙන්නෙ. මෙතුමියට මම පහුගිය දවස් ටිකේ කෝල් කරලා මගෙ දේවාලයට ඇවිල්ලා දෙහි ටිකක් කපාගෙන සුරයක් දාගෙන යන්න කිව්වට මේකි ආවේ නෑනේ.