හිරු එෆ්.එම් පටිරෝල් හා හිරු ටීවී ඕං ආටක නා&#3

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    හිරු එෆ්.එම් පටිරෝල් හා හිරු ටීවී ඕං ආටක නා&#3

    හිරු එෆ්.එම් ගුවන්විදුලිය ඔස්සේ ප්‍රේක්ෂකයන් අතර අතිමහත් ජනප්‍රියත්වයට පත් පටිරෝල් ගුවන් විදුලි ප්‍රහසන නාටයකයේ සහ හිරු ටීවී ආරම්භ කිරීමෙන් පසු සති අන්තයේ විකාශය කිරීමට පටන් ගත් "ඕං ආටක නාටක" නාට්‍යයේ නිර්මාතෘ, පිටපත් රචක මෙන්ම ප්‍රධාන චරිතය රඟන සුරංග සතරසිංහ හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්වගොස් ඇතැයි වාර්තා වේ.

    සුරංගගේ ඉවත්ව යාමත් සමග ඔහුගේ සහයකයා වන "පිසාචයා" ලෙස ප්‍රකට ශිරාන් ශාන්තද හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්වගොස් තිබේ.

    පටිරෝල්-ඕං ආටක නාටක සඳහා ඇතිකරගත් ගිවුම් කාලය අවසන්වීමත් සමග එය නැවත අලුත්කරාගැනීමේ අදහස අතහැර මෙසේ සුරංග සතරසිංහ සහ ශිරාන් ශාන්ත හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්ව ඇත්තේ එම ආයතනයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාවෙන් බවද වාර්තා වේ.
    ඕං ආටක නාටක නාට්‍යය රූපවාහිනියේ අතිශය ජනප්‍රිය වීමත් සමග එක් නාට්‍ය කොටසක් සඳහා ලබාදෙන විකාශන කාලය විනාඩි හතකට සීමා කොට වැඩිපුර වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමට පාලනාධිකාරිය ගත් තීන්දුවත් සමග එම කෙටි කාලය තුල ප්‍රහසන නිර්මාණයක් කිරීමේ ගැටළුවට මැදිවූ සුරංග සතරසිංහ එම ආයතනයෙන් ඉවත්වීමට තීරනයකොට තිබේ.

    හිරු එෆ්.එම් හි විකාශය වන "පටිරෝල්" වැඩසටහන මෙවර සලීම් නීල්සන් සම්මාන උළලේ වසරේ හොඳම රේඩියෝ වැඩසටහන යන සම්මානයට නිර්දේශවී තිබුන අතර හිරු පාලනාධිකාරිය විසින් එබැව් සුරංග සතරසිංහ හට දැනුම්දීමද නොසලකා හැර තිබූ බව වාර්තා වේ.

    මේවනවිට හිරු ටීවී ඕං ආටක නාටක නාට්‍යය සුරංග සතරසිංහ හා ශිරාන් ශාන්ත නොමැතිව ඉදිරියට ගෙන යන අතර හිරු එෆ්.එම් පටිරෝල් සඳහා පැරණි වැඩසටහන් නැවත විකාශය කරමින් පවත්වාගෙන යන බව වාර්තා වේ.

    හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්වූ සුරංග සතරසිංහ හා ශිරාන් ශාන්ත "ෆැඩ්නා" විසින් හඳුන්වා දුන් Tummy Tea නම් තේ වර්ගයක සන්නම් තානාපති ලෙස කටයුතුකිරීමට පටන්ගෙන ඇත. මීට අමතරව පැය භාගයක් පුරා දිවෙන ප්‍රහසන නාට්‍යයක් සඳහා සුරංග සතරසින්හට අවස්තාවක් ලබාදීමට දෙරණ රූපවාහිනිය විසින් කැමැත්ත පලකොට ඇතැයි වාර්තා වේ.


    සන්නම් තානාපතිවරුන් වූ සුරංග සහ ශාන්ත

    Suran%2B2.jpg


    Suran%2B3.jpg


    Suran%2B4.jpg


    Suran%2B6.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113

    අපරාදෙ පටි රෝල් නම් පට්ටම Program එක . මං අහන්නේ youtube එකෙන්.

    දෙරණෙ හිගන්නො නම් හැමදාම කලේ අනුන්ගෙන් කොපි කරපු එක. කොහේහරි දෙයක් market වෙනවනම් එක්කෝ ඒක ඉස්සුවා. පොඩි මල්ලි චූටි මල්ලි ත් එහෙ දැන්. මුං දෙන්නත් එහෙ
     
    Last edited:

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මුන් දෙන්නගෙ ජෝක් නම් පට්ට බන්. කිසිම එකක ගොන් ජෝක් නෑ අනිත් ඒවගෙ වගේ. මුන්ට කොහෙන් එන වචනද දන්නේ නෑ. :P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113

    අපරාදෙ පටි රෝල් නම් පට්ටම Program එක . මං අහන්නේ youtube එකෙන්.

    දෙරණෙ හිගන්නො නම් හැමදාම කලේ අනුන්ගෙන් කොපි කරපු එක. කොහේහරි දෙයක් market වෙනවනම් එක්කෝ ඒක ඉස්සුවා. පොඩි මල්ලි චූටි මල්ලි ත් එහෙ දැන්. මුං දෙන්නත් එහෙ

    :yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මිහිර ,කුමාර තිරිමාදුර ගියාට පස්සේ ආටක නාටක එකේ වැඩකට ඇති එකකට තිබ්බේ මුන්ගෙ පාර්ට් එක විතරයි.එත් ඊට පස්සේ කතාවට වඩා ඇඩ් දාන්න ගත්තම බලන එක නැවත්වුවා. දෙරන එකේ පටන් ගත්තම බලන්න ඕනේ.