හිරු නින්දේ: සීතල වැඩි වේ

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
හිරු නින්දේ: සීතල වැඩි වේ

සූර්යයාගේ කි‍්‍රයාකාරීත්වය අඩුවී ඇතැයිද එනිසා කුඩා පරිමාණ අයිස් යුගයකට පෘථිවියට මුහුණ දීමට සිදුවනු ඇතැයිද විද්‍යාඥයෝ අනතුරු අගවති.

වසර 100 කට පසු ප‍්‍රථම වතාවට සූර්යයාගේ කි‍්‍රයාකාරීත්වය අඩුවී ඇතැයි පැවසේ.සූර්යයා ‘‘නින්දට‘‘ ගොස් ඇතැයි ලෙස විද්‍යාඥයෝ මෙම තත්ත්වය හදුන්වති.

මින් පෙර මෙවන් තත්ත්වයක් වාර්තා වී තිබෙනුයේ 1645 වසරේදී බව සදහන්ය.එවකදී අධි ශීත කාලගුණයක් ලොව පුරා පැවති බවත් විශේෂයෙන් සීත සෘතුවේදී දැරිය නොහැකි තරමේ සීතලක් පැවති බවත් කියවේ.

පෘථිවිය මත සෘතු වෙනස් වන්නා සේ සූර්යයා මතද විවිධ වෙනස් කම් සිදුවන බව විද්‍යාඥයෝ සොයාගෙන තිබේ.එම සොයාගැනීම් වලට අනුව එක් සමයකදී සූර්යයා ගිනි දලූ විහිදුවමින් උපරිම මට්ටමේන් කි‍්‍රයාකාරී වන අතර තවත් සමයකදී යන්තම් ගිනි දැල්ලක් දෙකක් නිකුත් කරමින් අවම මට්ටමෙන් කි‍්‍රයාකාරී වේ.මෙම වෙනස් වීම් වලට ගතවන කාලය සූර්ය චක‍්‍රයක් ලෙස හැදින්වේ.

කෙසේ නමුත් මේ වෙනස්වීම් නිශ්චිත රටාවකට සිදුනොවන විද්‍යාඥයෝ කියති.මෙවර සූර්යයා අවම ලෙස කි‍්‍රයාකාරී වනු ඇතැයි පෙර සිතා සිටි කාලයට වඩා පෙර සිටම සූර්යයා ‘‘විවේක‘‘ ගනිමින් සිටීම මේ බව හොදින්ම පෙන්වා දෙන්නක් යැයි ඔවුහු පවසති.

2014 වසරේදී සූර්යයා උපරිම අයුරින් කි‍්‍රයාකාරී වනු ඇතැයි විද්‍යාඥයෝ සිතා සිටියහ.නමුත් දැන් සූර්යයා කි‍්‍රයාකාරී වෙමින් පවතිනුයේ අවම මට්ටමේ සිටය.
සූර්යයා දිගින් දිගටම මෙසේ කි‍්‍රයාකාරී වන්නේ එළැඹෙන වසර 40 ක කාලය අතරතුරදී පෘථිවියේ කාලගුණය සැළකිය යුතු මට්ටමකින් වෙනස් වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.ශීත සෘතුවේදී වඩාත් ප‍්‍රවේසම් වීමට සිදුවනු ඇතැයි ඔවුහු කියති.

එසේවුවත් තවත් විද්‍යාඥයින් පිරිසක් පවසන්නේ මෙය බිය වීමට දෙයක් නොවන බවයි.අතීතයේ මෙන් නොව දැන් සූර්ය චක‍්‍රයක් සිදුවීමට වසර සිය ගණනක් ගත වන්නේ නැති බවත් වසර දෙක තුනකින් සූර්ය චක‍්‍රයක් සිදුවනු නිරීක්ෂණය කළ හැකි බවත් ඔවුහු කියති.

මෙනිසා සූර්යයා නුදුරේදීම උපරිම කි‍්‍රයාකාරීත්වයට එළැඹෙනු ඇතැයි ඔවුන්ගේ මතයයි.
 
  • Like
Reactions: Ereshaz77

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
8.gif