හිරු_නොපායන_ගම්මානය

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
හිරු_නොපායන_ගම්මානය

ඒ නොවැම්බර් මාසයයි. ඉතාලියේ ටියුරින් සිට කිලෝමීටර් 120ක් ඊසාන දෙසට වන්නට පිහිටා ඇති විගැනිල් කඳුවැටිය, බලා සිටින්නේ නැග එන හිරු පිළිගන්නටයි. විගැනිල් කඳුවැටිය මෙන්ම ඒ පාමුල පිහිටි විගැනෙල්ලා ගම්මානයද හිරු පැමිණෙන තුරු ඇඟිලි ගනිමින් සිටියි. විගැනෙල්ලා ගම්මානය යනු 200ක් පමණ වන ජර්මානු බෞද්ධයන්ගෙන් සමන්විත දිළිඳු ගම්මානයකි.
55498459.jpg

නොවැම්බර් මාසයේ ඔවුන් කෙතරම් බලාසිටියද හිරු පායන්නේ නැත. සෑම වසරකම නොවැම්බර් 11 වන දින සිට පෙබරවාරි 2 වැනි දින දක්වා විගැනෙල්ලාව අඳුරේ ගිලී පවතී. නිශ්චිත වශයෙන්ම කිවහොත් එය දින 83කි. මේ නිසාම මෙම දිළිඳු ගම්මානයේ ජීවත්වන වැසියන්, මෙම දින 83ක කාලය ගත කිරීම සඳහා වෙනත් ගම්බිම් හෝ නගර සොයා යති. එසේ සංක්‍රමණය කරන පිරිසෙන්, පෙබරවාරියේ හිරුත් සමගම ආපසු පැමිණෙන්නේ සියයට 45ක පමණ පිරිසකි. ඉතිරි සියයට 55 ක් වන පිරිස විවිධ හේතු මත නැවත කවරදාක හෝ විගැනෙල්ලාවට නොපැමිණේ. සංක්‍රමණ කාලයේදී වසංගත ආදී දරුණු රෝගවලට හසුවී මියයාම ඉන් ප්‍රබලම හේතුවයි. එසේත් නැතිනම් වෙනත් නගරවල වාසස්ථාන සොයාගෙන පදිංචිවීමද, විගැනෙල්ලාව හැරයාමට හේතු වී තිබේ. මේ ආකාරයට පසුගිය වසර 15ක කාලය තුළ විගැනෙල්ලාව හැරගිය වැසියන් ප්‍රමාණය 70ක් පමණ වේ. මේ ආකාරයට දිනෙන් දිනම ජනශූන්‍ය වෙමින් පවතින ගම්මානය ඉදිරි වසර 8 තුළ සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රීය ගමක් බවට පත්වන බවද සංගණනවලින් හෙළි වී තිබේ.
73182309.jpg

විගැනෙල්ලාවට හිරු නොපායන්නේ විගැනිල් කඳුවැටිය නිසාය. විගැනිල් කඳුකරයට ඉහළින් මුදුන්වන හිරු මධ්‍යහ්න 12 වන විට කඳුකරයේ දකුණු දිග බෑවුමට ආවරණය වී පවතී. 12 පසුවන විට නැවතත් බැස යන්නට පටන් ගන්නේ කඳුපාමුල පිහිටි ගම්මානය අන්ධකාරයේ ගිල්වමිනි. මෙම සංසිද්ධිය සිදුවන්නේ ඉහත කී දින 83 තුළ පමණි. පෙබරවාරි මස 3 වනදා සිට නැවතත් සුපුරුදු පරිදි විගැනෙල්ලාවට හිරු මුදුන් වේ.
මෙම සංසිද්ධිය හේතුවෙන් සෑම ශීත සෘතුවක්ම මෙම ගම්මානය අධික ශීතලෙන් සහ අන්ධකාරයෙන් පීඩා විඳියි. මේ පිළිබඳව කරුණු සොයා බැලූ විගැනෙල්ලා ග්‍රාමයේ නගරාධිපති වූ පිෆ්‍රන්කෝ මිඩාලි, ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නය වෙත රාජ්‍ය අවධානය යොමු කරවීය. නමුත් මෙය ස්වභාවික සංසිද්ධියක් වූයෙන්, මිනිසා එයට කෙසේ හෝ මුහුණ දිය යුතුය යන සංකල්පයේ සිට බලධාරීන් ඒ සඳහා කිසිදු පියවරක් ගත්තේ නැත.

99041779.jpg

ඉන් පසුබට නොවූ නගරාධිපතිවරයා අඩු වියදමකින් ගම්මානය ආලෝකවත් කළ හැකි ආකාරය පිළිබඳව නව යෝජනාවක් ගෙන එනු ලැබිය. ඒ අනුව විශාල ප්‍රමාණයේ මුහුණ බලන කණ්ණාඩියක් (දර්පණයක්) සපයාගත් ඔවුන්, එය විගැනිල් කඳු මුදුන මත ස්ථාපනය කළහ. එවිට හිරුගේ කිරණ කණ්ණාඩියට ලැබි ඒවා විගැනෙල්ලාවට පරාවර්නය වන්නට විය. ඉන්පසු අඳුරේ ගිලී තිබූ ගම්මානය ආලෝකවත් විය. මේ ආකාරයට නොවැම්බර් සිට පෙබරවාරි දක්වා වූ දින 83ක කාලයම දිවා කාලය ආලෝකවත් වූයේ දර්පණයෙන් පරාවර්තනය කරන ආලෝකයෙනි.

33988389.jpg

65650719.jpg

79789605.jpg

86405582.jpg


මීටර් 8ක් පළල මීටර් 5ක් උස වූ මෙම දැවැන්ත දර්පණය සඳහා වියදම් වූ මුදල යුරෝ ලක්ෂයකට ආසන්න අගයකි.
91994261.jpg

43127617.jpg

27275243.jpg


නගරාධිපතිවරයාගේ පෞද්ගලික ධනයත්, ගම් වැසියන්ගේ ආධාර මුදල් සහ පුණ්‍යායතනවල ආධාරත් ඇතිව සිදුකළ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් වර්තමානය වන විට අඳුරේ ගිලී තිබූ විගැනෙල්ලාවට යළිත් ආලෝකය ලැබි තිබේ. පුංචි දරුවන් කෑකෝ ගසමින් සෙල්ලම් කරති. කුරුල්ලන් වෙනදා මෙන්ම උදෑසනට ගී ගයති. අඳුරේ ගිලී මල්ඵල නොදරමින් සිටි ගහකොළ සියල්ල නැවතත් දළුලන්නට පටන් ගෙන තිබේ. නැවත කිසිම ශීත සෘතුවක් අඳුරේ ගිලී නොයන බව ඒ කවුරුත් දන්නේ නැත.

ගත්තේ ''සමුදුරෙන්''
පොටෝ '' google''
 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|

විගැනෙල්ලා ගම්මානය යනු 200ක් පමණ වන ජර්මානු බෞද්ධයන්ගෙන් සමන්විත දිළිඳු ගම්මානයකි.

මේක සිරා සිද්ධියක්ද බං...
වටින Thread එකක මචං...
:D :D :D :D :D

picture.php

 

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි


+6 Rep nice post

Thnkz for sharing rep denna balu machoo :(





කොහොමද ටිකිරි මොළේ :rofl:

ela rep++

මේක සිරා සිද්ධියක්ද බං...
වටින Thread එකක මචං...
:D :D :D :D :D

picture.php



patta seen eka
rep3+

Thnks for sahring..
mara scene ekane..

උත්සාහ වන්තයෝ ජය ගනී.....

Good Post :yes::yes:

elaz & rep
hamotama thanks machanlaa:D:D:D:D
 
  • Like
Reactions: minipura