අඳුරේ ඉඳගෙන, අඳුරට මැසිවිලි - කීමෙන් නැහැ එළියක් එන්නේ
අඳුරට පහනක් දල්වන මිනිසා - මිනිස් වගට එළියක් දෙන්නේ
මේ කවිය තිබුනේ අපි පොඩිකාලේ පාවිච්චි කරපු, රාජ්‍ය මුද්‍රන නීතිගත සංස්ථාවෙන් ගහපු පිටු 80 පොතක,පිට කවරේ.මට මේ කවිය අද වගේ මතකයි.මේකේ තියෙන දේ, ක්‍රියාවෙන්ම පෙන්වපු අවස්ථාවක් හැටියට මේ කතාව සලකන්න පුලුවන්.මේ කවිය ලියලා තිබුනේ, එතකොට ලංකාවේ ජනාධිපති වෙලා හිටපු රණසිංහ ප්‍රේමදාස මැතිතුමා.මම හිතන විදියට එතුමාත් මේ දේ ආදර්ශයෙන්ම පෙන්වපු කෙනෙක්.අදටත් එහෙම දේශපාලනය කරන අය ( ලංකාවේ නැතත් ) ලෝකේ කොහේ හරි ඉන්නවා කියන එක මේ කතාවෙන් ඔප්පු වෙනවා.
හොඳ පෝස්ට් එකක් මචන්.රෙප් 2+![]()
සහතික ඇත්ත මචන්. ඒ දවස් වල ප්‍රේමදාස මහත්තය මැරුණම සතුටු උන කාගෙන් අද ඇහුවත් කියාවි එතුමා ගෙන් පස්සේ රට ,ජනතාව ගැන හිතන නායකයෙක් ආවේ නැහැ කියල. දැන් එහෙම ගති ගුණ තියෙන දේශපාලකයොත් නැහැ. එහෙම ගතිගුණ තියෙන මිනිස්සු දේශපාලනේට එන්නෙත් නැහැ

ඒ නගරාධිපතිට තිබ්බ මොලේ, අපේ එකෙක්ට නෑති උනානේ අර නැව ගිලෙනකම්ම..... 
