ටෙලි නිළිය අතගෑ අයට ඇපදෙයි
2011 මැයි 23 වෙනි සදුදා, 12:43 Sri Lanka Mirror Editor
මාතර පොල්හේන මුහුදු තීරයේ දිය නාමින් සිටි ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි අයෝධ්‍යා මිහිරාවිව අනවශ්‍ය ලෙස ස්පර්ශ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර පොලසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ තරුණයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් හා ග්‍රාමසේවක සහතිකයක් මත මුදා හරින්නැයි මාතර මහේස්ත්‍රාත් උදේනි රණතුංග මහතා නියෝග කළේය.
මෙසේ අත්අඩංගුවට ගෙන සිටියේ මාතර තිහගොඩ පොල්අතුගොඩ පදිංචි තරුණයෙකි.
සැකකරු දිය යටින් පීනාවිත් මෙම නිළියගේ යටිකය (තට්ටම්ප්රදේශය* ස්පර්ශ කර තිබේ.
පසුව මෙම නිළිය විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ නිළිය ගාල්ලේ පිහිටි සිය ඥාතිවරියකගේ නිවසට පැමිණ ඔවුන් සමඟ කතරගම වන්දනාවේ යන අතරවාරයේ මාතර පොල්හේන මුහුදේ දිය නාමින් සිටියදී මෙම සිද්ධියට මුහුණපා තිබේ.
සැකකාර තරුණයා ද එම අවස්ථාවේදී ඔහුගේ මිතුරන් සමඟ දියනාමින් සිට තිබේ.
ස්වාධීන රූපවාහිනියේ පබළු ටෙලි නාට්‍යයේ සයුරිගේ චරිතයට පණ පොවමින්, අයෝධ්‍යා මෑත කාලයේදී ජනපි‍්‍රයත්වයට පත්වූවාය.