හිලරි ක්ලින්ටන්ටත් දඩ කොලයක්!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,938
    113
    canada
    හිලරි ක්ලින්ටන්ටත් දඩ කොලයක්!!!!!!!!!!!!

    17(151).jpg

    හිටපු ඇමරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ මෝටර් රථයටත් දඩ කොළයක් නිකුත් කිරීමට තරම් නිර්භීත වූ පොලිස් නිළධාරියෙකු ගැන බි‍්‍රතාන්‍යයේ වෙස්මිනිස්ටර් ප‍්‍රදේශයේ සිටී.
    හිටපු රාජ්‍ය ලේකම්වරිය බි‍්‍රතාන්‍යයට පැමිණ තිබෙන්නේ තමන්ට ප‍්‍රදානය කෙරෙන සම්මානයක් ලබා ගැනීමටය.එම උත්සවයට සහභාගී වී සිටිනාතුර තමන් පැමිණි මෝටර් රථය අසල රථ ගාලක නතර කළාය.
    මෝටර් රථය නියමිත වේලාවද ඉක්මවා රථ ගාලේ නතර කර තිබෙනු දුටු පොලිස් නිළධාරියෙක් ඒ බැව් සටහන් කර මෝටර් රථයේ වීදුරුවේ දඩ කොළයක් රැදවීය.
    එක්වනම අසල පිහිටි වෑන් රථයකින් පිටතට පැනගත් ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිප දෙනෙකු මේ හිලරි ක්ලින්ටන්ගේ රථය යැයිද එවැනි ප්‍රභූවරියකට දඩ කොළ නිකුත් නොකළ යුතු යැයිද පවසමින් පොලිස් නිළධාරියා ඉදිරියේ ගෝරනාඩු කර ඇත.
    නමුත් ඔවුන් තඹයකටවත් මායිම් නොකළ ඇති පොලිස් නිළධාරියා පවසා ඇත්තේ නීතිය සැමට එක සමාන බවයි.
    පොලිස් නිළධාරියා කැදවා ප‍්‍රශ්න කිරීමට බි‍්‍රතාන්‍යය බුද්ධි අංශ කටයුතු කර ඇතත් වෙස්මිනිස්ටර්හි නගරාධිපති පවසන්නේ පොලිස් නිළධාරියා කිසිදු වරදක් කර නොමැති බවයි.
    සමාජයේ කුමන තලයක සිටියද කුමන තනතුරු දැරුවද නීතිය නම් සැමට එක සේ කි‍්‍රයාත්මක විය යුතුම බව නගරාධිපතිගේ අදහසයි.

    source lankadeepa
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කතාව නම් ඇත්ත මටත් ඔක ආරන්චි උනා.. හැමැයි, ඩිප්ලොමැටික් ඉමියුනිටි එකෙන් ඔවා කවර්.. විශේශයෙන් රතවාහන දඩ අදාලම නැ ඩිප්ලොමැට්ස්ලාට..

    ඔය මනුස්සයා පොලොසියේ නෙමෙයි,traffic warden කෙනෙක්.. සමහර අය කියනව ක්ලින්ටන් කියන්නේ ඩිම්ප්ලොමැටික් ඉමියුනිටි තියන කෙනෙක් නෙමෙයි කියලා.. ඒත් ඒ කොහොම උනත් ඔකේ රිටන් එක අනිවා හම්බවෙනවා බ්‍රිටිශ් පොරකට ඇමෙරිකාවේ ආපු වෙලාවක..
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    If this happened in SL , officer will be in the jail or would have been transferred or dismissed!
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,938
    113
    canada
    ලංකාවේ හැම දෙයක්ම දේශපාලනේට යටයි. කවුරුවත් එක වෙනස් කරන්න උත්සහ කරන්නේ නැහැ. අඩුමගානේ ස්වාදීන කොමිසන් ටිකවත් දානවනම්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලංකාවේ හැම දෙයක්ම දේශපාලනේට යටයි. කවුරුවත් එක වෙනස් කරන්න උත්සහ කරන්නේ නැහැ. අඩුමගානේ ස්වාදීන කොමිසන් ටිකවත් දානවනම්

    LOL ithin swadina commission saba tika hakiluwe kawda :rofl:
     

    Similar threads