හිලෙන් බලන ලයිව් ෂෝ

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    හිලෙන් බලන ලයිව් ෂෝ

    අවදානමට පෙර අවධානය

    4963-hotel-rooms-for-couple1949799431.jpg


    ROOMS කියන වචනය මහපාරෙ ඕනෑ තරම් දකින්න පුලුවන්. ඒ වගේම සති අන්තෙට ROOMS හොයා ගන්නත් ලෙහෙසි නෑ කියන එක අත්දැකීම් තියෙන අය හොඳට දන්න කරුණක්.

    හෝටල් කාමරයකට කවුරුන් හෝ යන්නේ පුද්ගලිකත්වය රැකෙන බවට ඇති විශ්වාසය නිසයි.එත් එහෙම නොවන අවස්ථාත් ඕනෑ තරම් තිබෙනවා. කාමරයට එන ජෝඩුවලින් කාමරයේ බිල අයකරන අතර ඔවුන් කාමරය තුළ සිදු කරන ක්‍රියාකාරකම් නැරඹීමට පිටස්තරයන්ට අවස්ථාව ලබා දී මුදල් අයකරන අවස්ථාත් එමටයි.


    කොහොමද වැඩේ වෙන්නේ...ROOMS තියෙන තැනකින් අපි ඇහුවා.

    රූම් හැමදාම දෙන්නත් බෑ... එන්නේ නෑ... හැබැයි මේ වගේ ගේම් එකක් එක්කෙනෙක් දාලා කළත් දවසට රුපියල් හාර පන්දහක් හොයාගන්න පුළුවන්...

    එතකොට මේ ගේම් එක ඔක්කොම අය දන්නවද...?

    කෙල්ලයි කොල්ලයි ඇර හෝටලයෙ ඔක්කොම දන්නවා. කොහොමත් මේ හිල් හදලා තියෙන්නේ යකෙක්ටවත් හොයන්න බැරි වෙන්න... කළු ටයිල්වලනේ හිල තියෙන්නේ... ඒක නිසා පේන්නේ නෑ... අනික හිල් ඔක්කොම කාමරේට යද්දි එක එක දේවල්වලින් වැහිලා තියෙන්නේ... ටවල්, පුටු, මල් පෝච්චි, කඩදාසි චිත්‍ර..

    කාමරේක හිල් කීයක් විතර තියෙනවා ද කියලා අපි මිත්‍රයාගෙන් අහලා බැලුවා

    ඔය කාමරේ වටේ තියෙනවා හිල් දහයක්... දහයම තියෙන්නේ ඇඳට චැනල් කරලා... මෙහේ ඉන්න 'බලන් සොමිය' ගන්න මැන්ටල් හත් අට දෙනෙක් ඉන්නවා... ඒ අයට පණිවුඩේ දෙනවා... ඒකෙන් පස්දෙනෙක් සෙට් වුණොත් බලන්න රුපියල් දාහක් නිකම්ම ඇවිත්...ෂෝට් ටයිම්නේ...

    වෙරළබඩ හැම කාමරයක්ම රුපියල් හයසීයේ ඉඳලා දාහ, එක්දහස් පන්සීය අතරේ මිලක් වෙනවා.මොකක්ද මේ හරියට කියන්නේ...

    මං කිව්වනේ මහත්තයෝ... තැන ගැන මහත්තයා අහන්න එපා... තැන මහත්තයා දන්නවනේ... මේ මහ ගල් පොත්ත, අර පේන හෝටලේ දැක්ක ගමන් ඕනෑ කෙනෙක් දන්නවා කොතැනද තැන කියලා... අපි අපේ සබ්ජෙක්ට් එකට බහිමු චීෆ්...මුලින් මොනර කොළ දෙකක් පඬුරු විදියට අත උඩින් තියන්න... ඊට පස්සේ පුළුවන් වැඩේ කෙරෙන විදිය දැනගන්න.

    හරි මං දෙන්නම් කියලා මමත් දාහේ කොළ දෙකක් දික් කළා.

    දෙන්නම් නෙවෙයි මහත්තයා... දීලා ඉන්නකෝ...මේවා ලයිව් ෂෝ... තිර, සවුන්ඩ්, ෆීලින්, මහත්තයාට ඇස් දෙකට පේන්නේ, කන්දෙකට ඇහෙන්නේ, අතට හිතට දැනෙන්නේ ලයිව්...

    අපි කතා කරන අතරේ හෙල්මට් දෙකක් අත් දෙකේ දාගත්ත කපල් එකක් බීච් එක දිගේ එහාට ගියා... ඒ දෙන්නා රූම් එකක් හොයනවා... මට එහෙම හිතුණා... හිතුවා වගේම ඒ දෙන්නා රූම්ස් කියලා ගහලා තිබුණු බෝඩ් ලෑල්ලක් අස්සෙන් නොපෙනී ගියා...

    දැන් මෙතැනින් ගියා නේද කපල් එකක්... අර දම්පාට සායක් ඇඳලා හිටියේ... සුදුපාට බෝල බෝල තිබුණේ...
    ඔව්... අර තැඹිලිපාට ටී-ෂර්ට් එක ඇඳලා හිටියේ... කොල්ලා...
    හරි... අපි බලමුද ඒ කපල් එකේ සීන් එක...

    ඊට පස්සේ අපි ඒ රූම්ස් පැත්තට ගියා...

    ෆොටෝ ගන්න බෑ... කැමරා ගහන්න බෑ... අනන් මනන් සද්ද බද්ද බෑ... ෆෝන් ගෙනියන්න බෑ... ඒ තමයි මට දාපු නීතිය.

    ඒ කාමර පේළියේ පිටිපස්සේ උඩ කොරිඩෝවට මෙහායින් පුංචි තීරුවක් තිබුණා... ඒක නම් කවදාවත් කාටවත්ම හොයන්න බෑ... අපි යනකොටත් තුන් හතර දෙනෙක් ඒ අඳුරු ඉඩේ පුටුවල වාඩිවෙලා බිත්තියට ඇහැ තියාගෙන හිටියා... සමහරු හිටියේ පුටුවේ එල්ලිලා...

    මං පුටුවේ ඉඳගෙන ඒ කිව්ව සිදුර දිහා බැලුවා... කෙළින්ම පේන්නේ ඇඳ...මං හිමිහිට පඩිපෙළ බැහැලා පහළට ආවා.

    අයියෝ අපරාදෙනේ... මරු පොරක් අද ආවේ... බලන්න සීන් එක... කෙල්ලටත් වයස නෑ... අවුරුදු විසි දෙකයි... ගම... මේ තියෙන්නේ... මැදවච්චිය...
    යාළුවා හෝටලේ අමුත්තන්ගේ නම් ලියන පොත මට පෙන්නුවා.

    දැන් ඔය ආව කෑල්ලට අද හවස් වෙනකම් යන්න ඕනේ නෑ... දැක්කාම පේනවනේ... කොහේ හරි වැඩ ඇති... අද හවස් වෙද්දී හාරදහක්, පන්දහක් ෂුවර් තමයි...

    ඔය ටී.වී. එකක බලනවා වගේ නෙවෙයි මේක... ලයිව්... ආයි දවසක එනවා නම් බොසා එන්න යයි පිටත්වීමට සුදානම් වූ මට මිතුරා කුලුපගව ආරාධනා කර සිටියා.

    මේ ROOMSවලට යන අයට පුද්ගලිකත්වය අහිමි වීම ගැන අපි ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති අනුර ලොකුහෙට්ටි සමග කතා කළා.

    ලංකාවේ හෝටල් තරු 1සිට 5 දක්වා වර්ගීකරණ කරලා තිබෙන බවත් ඊට අමතරව තවත් වර්ගීකරණ 20ක් විතර තිබෙන බව ඔහු පෙන්වා දුන්නා.ඒවායේ පහසුකම්,ප්‍රමාණය සහ විශේෂතා අනුව මේ වර්ගීකරණය සිදු වෙනවා.

    "යුද්ධයෙන් පසුව ඉන්ෆෝමල් සෙක්ටර් එක කඩිනමින් දියුණු වෙලා තිබෙනවා.පාරේ හැම ROOMS කියන බෝඩ් අපි දකිනවා.සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි නොමැති තැන් අති විශාල සංඛ්‍යාවක් තියෙනවා.පාරිභෝගිකයා යම් තැනක් තෝරා ගන්න කොට පරික්ෂාකාරී විය යුතුයි.ඒවායේ ලියාපදිංචිය වගේම මොන විදිහට අධීක්ෂණය කරන තැන් ද කියලා අපි සොයා බැලිය යුතුයි" අනුර ලොකුහෙට්ටි වැඩිදුරටත් සඳහන් කළා.

    ROOMSවලට යනවා නම් දෙවරක් හිතන්න වෙනවා කියන එක මේ අනුව පැහැදිලි කරුණක්.
     
    • Like
    Reactions: aliman

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔය වගේ සින් ගල්කිස්සේ කැබින් ආස්සේත් සිදුවෙනවා බන් මට මතකයි අපි කට්ටියක් සෙට් වෙන්න ඉන්න දවසක බීච් එකේ වලියක් ගියා කැබින් එක ඇතුලේ කපල් එක දිහා එකෙක් බැල්මට් එක දාලා ..
    කොල්ලා කියනවා මේක කැබින් අයිතිකාරයා දැනුවත්ව උනා කියලා ..
    කොහොම හරි අපි වැඩේට සම්බන්ද උනේ නැ චිත්ත සින්නේ ..

    වැදගත් පොස්ට් එකක් මචෝ ..
    තමන් වංකව ආදරේ කරන කෙල්ල රුම් එකකට එක්කගෙන යනවා නම් හොදට සිතා බැලිය යුතුයි අවදානම ගැන ..
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔

    ඔය වගේ සින් ගල්කිස්සේ කැබින් ආස්සේත් සිදුවෙනවා බන් මට මතකයි අපි කට්ටියක් සෙට් වෙන්න ඉන්න දවසක බීච් එකේ වලියක් ගියා කැබින් එක ඇතුලේ කපල් එක දිහා එකෙක් බැල්මට් එක දාලා ..
    කොල්ලා කියනවා මේක කැබින් අයිතිකාරයා දැනුවත්ව උනා කියලා ..
    කොහොම හරි අපි වැඩේට සම්බන්ද උනේ නැ චිත්ත සින්නේ ..

    වැදගත් පොස්ට් එකක් මචෝ ..
    තමන් වංකව ආදරේ කරන කෙල්ල රුම් එකකට එක්කගෙන යනවා නම් හොදට සිතා බැලිය යුතුයි අවදානම ගැන ..


    00020408.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හිලට පුක තියල බෙට්ටක් දාන්න ඕනී
    බෙට්ට බැයි නම් පඩයක් වත් අරින්න ඕනී අරු අන්ධ වෙන්නම :nerd: