හිසකෙස් සුදුවීමට පහසු පිළියම්.
මගේ වෙනත් post සමහරක්.
ගූගල් ආදාන මෙවලම් භාවිතා කර සිංහලෙන් ලිපි ලේඛණ සකස් කිරීම.
ගූගල් ආදාන මෙවලම් භාවිතා කර සිංහලෙන් ලිපි ලේඛණ සකස් කිරීම. - 2 වන කොටස.
කණ පිළිබඳ උපදෙස්
හෝටල් කාමර වලට යන අයට උපදෙස්
හිසකෙස් සුදුවීමට පහසු පිළියම්.
හිසකෙස් සුදු වීම බොහෝවිට වියපත් වීමත් සමග සිදුවන ස්වභාවික ක්‍රියාවලියක් වන අතර එය ඕනෑම වයසකදී සිදුවිය හැකිය.
වෛද්‍ය විද්‍යාත්මකව බලන කල සියලු දෙනාගේම හිසකෙස් සහ සමෙහි මැලෙනොසයිට (Malenocite) පවතී. යමකුගේ මැලෙනොසයිට නිපදවීමේ ශාරීරික ක්‍රියාවලිය නවතින විට කෙස් සුදු පැහැ වීමට පටන් ගනී.
මෙම තත්ත්වයට මුහුණ දෙන සැමදෙනාම පාහේ තම හිසකෙස් සුදුවන් නොවී තබා ගන්නට විවිධාකාර ක්‍රම වලින් උත්සාහ ගන්නා බව නොරහසකි. ඒ සඳහා උපකාරීවන මෙලනින් නිෂ්පාදනය වර්ධනය වන නිවසේදීම සකස් කර ගතහැකි ප්‍රතිකර්ම් කිහිපයක් මෙහි දැක්වේ.
ප්‍රෝටීන් සහිත ආහාර ගන්න.
මේදය අඩු මස් වර්ග, සෝයා, කඩල මුංඇට වැනි රනිල ධාන්‍ය වර්ග, බිත්තර වැනි ආහාර ඔබට දිගු කලක් පවතින කළු කෙස් කළඹක් ලබා දෙනවාට අමතරව එයට ස්වභාවික දීප්තියක් සහ මෘදු බවක් ලබා දෙයි. ඔබේ දෛනික ආහාර වේලට එබඳු ආහාර ද එක් කරගන්න.
යකඩ, විටමින් සහ ඛනිජ වලින් පොහොසත් ආහාර ගන්න.
හරිත වර්ණ පලා වර්ග, තක්කාලි, කෙසෙල්, මල් ගෝවා අකාල පලිතය හෙවත් නිසි කලට පෙර හිසකේ සුදු වීම වළක්වන අතර මෙම ආහාර නිතර භාවිතය අකලට් සුදුවූ හිසකේ කළු වීමට උපකාරී වේ. එමෙන්ම හිසකේ වැටී තට්ටය පෑදීම වළක්වා නිරෝගිමත් කෙස් කළඹක් ලබා දෙයි.
හිසකේ පෝෂණය කරන නෙල්ලි.
පොල්තෙල් සමග මුසු කරගත් නෙල්ලි සුදු වූ හිසකෙස් කළු කිරීමට විශිෂ්ඨ ප්‍රතිකාරයකි. වියළන ලද නෙල්ලි ගෙඩි කැබැලි වන්නට කොටා පිරිසිදු පොල්තෙල් වලට දමා මද ගින්නේ කකාරා පුරා රාත්‍රියක් නිශ්චලව තබන්න. එම තෙල් හිසට දමා හිස්කබලටම වදින ලෙස හොඳින් සම්බාහනය කරන්න. කැමති නම් සිහින්ව ලියාගත් ඉඟුරු සහ මී පැණි ස්වල්පයක් මෙම මිශ්‍රණයට එක්කර ගන්න. මිශ්‍රණය උණුවෙන් තිබියදී මී පැණි එකතු කරන්න එපා.
තේ කහට ප්‍රතිකාරය.
හොඳින් කහට හිටින පරිදි තේ කෝප්පයක් (මිලි ලීටර් 200 ක්) පිළියෙළ කර එයට ලුණු මේස හැන්දක් දිය කර ගන්න. හිසට යෙදිය හැකි පමණට උණුසුම තිබියදී හිසට දමා හිසකේ මුල් හොඳින් පෝෂණය වන පරිදි ඇඟිලි වලින් හොඳින් සම්බාහනය කරන්න. මිශ්‍රණය හිසේ පැය බාගයක් පමණ තිබෙන්නට හැර හොඳ ෂැම්පු වර්ගයක් යොදා සෝදා හරින්න.
(Basil juice - මා මේ ගැන අසා තිබෙනවා විනා හරියටම දන්නේ නැහැ. වෙද පොත් වල මෙහෙම තිබුනට ගමේ ගොඩේ කියන සිංහල නමක් ඇති මේ පැලෑටියට. මේක මදුරුතලා වගේ පොඩි පඳුරු වර්ගයක් වෙන්න ඕන. නමුත් මදුරුතලා නොවෙයි. කවුරුහරි දන්න කෙනෙක් එලකිරියෙ ඉන්නවනම් විස්තර දෙන්න.)
ස්වභාවික හෙනා වර්ණක ප්‍රතිකාරය.
කළු හෝ දුඹුරු පැහැයට බැදගත් කෝපි කුඩු, උළුහාල්කුඩු, හෙනා කුඩු සම ප්‍රමාණ වලින් ගෙන යෝගට් සහ සීතාර්ජක යුෂ (Basil juice) සහ මින්ට් කොළ යුෂ දමා සකසා ගත් මිශ්‍රණය හොඳින් ලිප තබා කකරවාගෙන රාත්‍රියක් පුරා සිසිල් වන්නට තබන්න. මෙම මිශ්‍රණය හිසකේ වල ගල්වා පැය 3 කට ආසන්න කාලයක් තබා සෝදා හරින්න.
වියළි රුක් අඟුණ කොළ ප්‍රතිකාරය.
සාස්පානකට වතුර ලිප තබා වියළි රුක් අඟුණ කොළ මේස හැඳි 4 ක් එක්කර හොඳින් තැම්බෙන්නට හරින්න. පසුව පැය 2 ක් පමණ සිසිල් වන්නට තබා දියරය පෙරාගෙන ග්ලිසරින් බින්දු කිහිපයක් එයට එක් කර හිසට යොදා හිස්කබලට වදින තෙක් හොඳින් සම්බාහනය කරන්න. මෙමගින් හිසකේ විටමින් E පෝෂණය ලබා ස්වභාවික දීප්තිය සහ නිරෝගිමත් කාලවර්ණය ලබයි.
පිරිසිදු පොල්තෙල් කැකෑරෙන්නට තබා එයට වද කොළ, උළුහාල් කුඩු සහ කොට්ටන් තෙල් ස්වල්පයක් එක්කර හොඳින් සිසිල් වන්නට හැර වීදුරු බඳුනකට පෙරා තබාගෙන සතියකට 3-4 වතාවක් හිසෙහි ගල්වන්න.
අරූද තෙල් සකස් කර ගන්නා ක්‍රමය.
හිසකේ කළු වීම වැළැක්වීමට පමණක් නොව ඇසේ හිසේ සියළුම රෝග වලට ගුණ දෙන ස්මරණ ශක්තිය වඩන අරූද තෙල් කුඩා ළමුන්ටද ඉතා ගුණදායකය. මේ සඳහා පිරිසිදු රන්තැඹිලි තෙල් (සොයාගත නොහැකි නම් පොල්තෙල් ගන්න.) කැකෑරෙන්ට ලිප තබා එයට අරූද කොළ සමග සිහින්ව ලියා ගත් රතුළුණු, කීකිරිඳිය කොළ, සැවැන්දරා, උළුහාල් එකතු කර පැයක් පමණ මදගින්නේ කැකෑරෙන්නට හරින්න. පසුව රැයක් සිසිල් වන්නට තබා පෙරා පාවිච්චියට ගන්න. අරූද තෙල් හිසට යොදන විට අල්ලට තෙල් ස්වල්පයක් ගෙන එක්වරම අල්ල හිස් මුදුනේ (උකුණුවල නම් ස්ථානයේ) තබා මදක් තදකර අතුල්ලන්න.
මෙහි සියළු වට්ටෝරු වල තෙල් රත් කිරීමට දර ලිපක් පාවිච්චි කිරීම වඩා හොඳයි. ගෑස් සහ විදුලි ලිප් භාවිතයෙන් සමහර ඖෂධ වල ගුණ නැසීමට ඉඩ තිබේ.

කියවලා වැදගත් නම් මෙතනින් rep දෙන්න.
මගේ වෙනත් post සමහරක්.
ගූගල් ආදාන මෙවලම් භාවිතා කර සිංහලෙන් ලිපි ලේඛණ සකස් කිරීම.
ගූගල් ආදාන මෙවලම් භාවිතා කර සිංහලෙන් ලිපි ලේඛණ සකස් කිරීම. - 2 වන කොටස.
කණ පිළිබඳ උපදෙස්
හෝටල් කාමර වලට යන අයට උපදෙස්
Last edited:
watina thread ekak 
++++