හිස්බුල්ලා:Easter-Attacks

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දින හිස්බුල්ලා මුස්ලිම් පිරිසක් සමග සුපිරි හෝටලයේ (Video)

    පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දින එනම් අප්‍රේල් මස 22 දින ‍රාත්‍රී පාසිකුඩා හී සුපිරි හෝටලයකට පැමිණි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුලා එහි සිටි පිරිසක් හමුවී සාකච්ඡාවක් සිදුකරනවා. නෙත් එෆ් එම් බැලුම්ගල ගවේෂණයේදී අනාවරණ වුනේ එම පිරිස සෞදි ජාතිකයන් බවයි. ඔවුන් අප්‍රේල් මස 18 වනදින ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා හා සෞදි ජාතිකයන් පිරිස අදාළ හෝටලයේ සහ ඉන් පිටත රැඳී සිටින අයුරු දැක්වෙන සී සී ටී වී දර්ශන ඇතුලත් වීඩියෝවයි මේ.
     
    • Like
    Reactions: jhnnwp

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ආඅ ඔය සහජිවනේ ගැනයි කතා කරලා තියෙන්නේ ගණන් ගන්න දෙයක් නෙමේ

    -රාජිත කක්කුස්සි කටා -
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    -72.01-06-2019.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    “මම ඉල්ලා අස්වුණේ නැහැ. මාධ්‍ය වලින් කියන්නේ බොරු” – හිස්බුල්ලා (VIDEO)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉහළ පෙලේ නිලධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තා වුණා.

    අද (03) දහවල් 12.00ට පෙර ආණ්ඩුකාර අසාද් සාලි වහාම ඉවත් වීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සිය අමාත්‍ය ධූරය පිළිබඳ තීරණයක් ගතයුතු බවත් ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු මාර්ගයෙන් දැනුම් දී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

    මේ අතර මීට පෙර වාර්තා වුණේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (02) සවස භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් nethnews.lk වෙත ප්‍රකාශ කර සිටි බවයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    ඇත්තද මේ?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    ආණ්ඩුව තවමත් ඔවුන් රකිමින් සිටි
    ආණ්ඩුවට ගෙදරයන්න බලකරමු!

    ආණ්ඩුව එලවා දමමු!

    මහා විනාශයකට අර අඳින ආණ්ඩුව පන්නා දමමු!

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    Neth eaken issuwe bn.

    බොරු.හිස්බුල්ල අස් වෙලා නෑ

    Bara dheela witharai, eiyn wela na. Sirisena baragathama thamai as wenne.

    බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිට සහ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දන්වා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ප‍්‍රකාශකයෙකු නිල වශයෙන් කියා සිටියේය.

    ඒ අනුව අද දහවල් කාලය ඇතුළත මෙම දෙදෙනා ධුරයන්ගෙන් ඉල්ලා අස්වනු ඇති බවට ඔහු විශ්වාසය පල කළේය.

    ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය නැගෙනහිර ආණ්ඩුකාරවරයා විසින් බාර දුන් බවට පළවූ වාර්තා එම ප‍්‍රකාශකයා ප්‍රතික්ෂේප කළේය.

    කෙසේවෙතත් අද දිනයේ දෙදෙනාම ඉල්ලා අස් වනු ඇති බවත් පැවසූ ඔහු ඔවුන් ඉල්ලා අස්වීමට කටයුතු නොකළහොත් ජනාධිපතිවරයා විසින් ධුරවලින් ඉවත් කිරීමට තීරණය කර ඇති බවද කියා සිටියේය.

    නැගෙනහිර ආණ්ඩුකාරවරයා ධුරයෙන් ඉල්ලා අස්විමට කැමැත්ත පළකර ඇතත් බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි ජනාධිපතිවරයාට සඳහන් කර ඇත්තේ තමන් ඉල්ලා අස්නොවන බවත් ධුරයෙන් ඉවත් කරන ලෙසත්ය.

    ඇමති රිෂාඩ් බදියුදීන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඊයේ පස්වරුවේම දැන්වූ බවද ඔහු පැවසීය.

    LANKACNEWS

    අයින් වෙනකන් ෂුවර් නෑ ඕකුන්...