හිස නැති කුකුළෙක්

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    හිස නැති කුකුළෙක්

    හිස නැති කුකුළෙක්

    150914104119_headless_chicken_549x549_bbc_nocredit.jpg

    මීට වසර හැත්තෑවකට පෙර 1945 දී ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රදේශයේ ගොවිපළ හිමිකරුවෙක් කුකුළකුගේ ගෙල සිඳ දැමුවේය.
    ගොවිපොළක එදිනෙදා සිදු වන මෙම සිදුවීම වසර හැත්තෑවකට පසුත් මෙතරම් අවධානයක් දිනා ගැනීමට සමත් වී ඇත්තේ ඇයි?
    බෙල්ල කපා දැමූ කුකුළා මාස දහ අටක් හිසක් නොමැතිව ජීවත් වූ අතර මේ අසාමාන්‍ය කුරුල්ලා මයික් නමින් ප්‍රසිද්ධියට පත් වීම මෙයට හේතුවයි.
    1945 සැප්තැම්බර් දහ වැනිදා ලොයිඩ් ඕල්සන් සහ ඔහුගේ බිරිඳ මස් විකිණීම සඳහා සිය ගොවිපළේ කුකුළන් මැරීමට පටන් ගත් අතර කුකුළන් 50 දෙනෙකුගේ පමණ ගෙල සිඳ දමන ලදී.
    ගොවිපළේ කාර්යයන් අවසන් කළ ඕල්සන් යුවළට දැක ගත හැකි වූයේ ඉතාමත් විශ්මිත දර්ශනයකි.
    ගෙල සිඳ දමන ලද එක් කුකුළෙකු ගොවිපළ පුරා ඔබ මොබ ඇවිදිමින් සිටි අතර අනෙකුත් ගෙල සිඳ දමන ලද කුකුළන් මෙන් නොව මේ අපූරු කුරුල්ලා මරණය ප්‍රතික්ෂේප කර තිබිණ.


    150914104334_headless_chicken_600x400_bbc_nocredit.jpg


    හිසක් නැතිව එහෙ මෙහෙ දුවමින් සිටි කුකුළා අල්ලා ගත් ඕල්සන් යුවළ ඌව පැරණි ඇපල් පෙට්ටියක් තුල බහාලන ලදී.
    පසුදා උදෑසන අවධි වූ ලොයිඩ් ඕල්සන්ට දැක ගත හැකි වූයේ තවමත් නොමැරී සිටින හිස නැති කුකුළා ඇපල් පෙට්ටියේ දඟලමින් සිටින ආකාරයයි.
    පසුව ලොයිඩ් ඕල්සන් සිය කරත්තයේ බක්කියට හිස නැතිව තවමත් ජීවත් වන කුකුළා සහ පෙර දින ගෙල සිඳ දැමූ කුකුළන් තොගයද රැගෙන නගරයේ වෙළඳපොළ වෙත ගියේ මස් විකුණන අදහසින්.

    මරණය ප්‍රතික්ෂේප කළ කුකුළා

    කෙසේ වෙතත් පසුව තැබෑරුමට ගොඩ වැදුණු ලොයිඩ් සිය මිතුරන් සමග බීර බීමට පටන් ගත් අතර ඔහු ඔට්ටු ඇල්ලීමට පටන් ගනිමින් කියා සිටියේ පණ තිබෙන හිස නැති කුකුළෙක් තමන් සතු බවයි.
    කොලරාඩෝ ප්‍රාන්තය පුරා මෙම අපූරු කුරුල්ලා පිළිබඳ පුවත පැතිරෙන්නට පටන් ගත් අතර ප්‍රාදේශීය වාර්තා කරුවකු ඕල්සන් යුවල සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසු පුවත් පතක වාර්තාවක් ද පළ කෙරිණි.
    කටින් කට පැතිරුණු ‘මයික් හිස නැති කුකුළා’ ගේ කතාව කන වැටුණු නගරයෙන් නගරයට ගොස් සංදර්ශන පවත්වන්නෙක් වූ හෝප් වෙඩ් සැතපුම් 300ක පමණ දුරක් ගෙවා යූටා ප්‍රාන්තයේ සිට ඕල්සන් හමු වීමට පැමිණියේය.


    150914104232_headless_chicken_600x400_bbc_nocredit.jpg


    කුඩා ගොවිපළක් පමණක් හිමි ඕල්සන් යුවළ මුදල් අග හිඟකම් මැද දිවි ගෙවමින් සිටි අතර කිහිප වතාවක් කරන ලද බල කිරීමෙන් පසු සිය හිස නැති කුකුළා ඩ රැගෙන සංදර්ශන වලට යාමට ඕල්සන් එකඟ කරවා ගැනීමට එතරම් අපහසු නොවිණි.
    පළමුවෙන්ම සෝල්ට් ලේක් නගරයේ සංචාරය කළ ඕල්සන් සහ වෙඩ් පසුව මයික් හිස නැති කුකුළා ව යූටා විශ්ව විද්‍යාලයට ගෙන යාමට තීරණය කළේ මේ විශ්මිත සිදුවීමේ අග මුල සොයා ගැනීමටයි.
    විශ්ව විද්‍යාල විද්‍යාඥයන් විසින් කුකුළා විවිධ පරීක්ෂණ රැසකට භාජනය කළ අතර පිළිතුරක් නොලද තැන මයික් හිස නැති කුකුළා අධ්‍යනය කරමින් තවත් කුකුළන් බොහෝ දෙනෙකු ශල්‍යකර්ම වලට භාජනය කරමින් හිස ඉවත් කළ නමුත් එක කුරුල්ලෙකුවත් හිස නොමැතිව ජීවත් වුණේ නැත.
    මේ විශ්මිත කුරුල්ලා රැගෙන හෝප් වෙඩ් සහ ලොයිඩ් ඔර්ලන්ස් ඇමරිකා එක්සත් ජනපදය වටා සංචාරයක් යාමට තීරණය කරන ලද අතර කැලිෆෝනියා සහ ඇරිසෝනා ප්‍රාන්ත ඔවුන්ගේ පළමු තේරීම් විය.
    පසුව ලොයිඩ් ඔර්ලන්ස් සිය ගොවිපළේ අස්වැන්න නෙලීමේ කටයුතු වලට පිටත්ව ගිය අතර හෝප් වෙඩ් කුකුලාද රැගෙන නැගෙනහිර ඇමරිකාවේ සංචාරය ඇරඹීය.

    අභිරහසක්

    මෙම හිස නැති අපූරු කුරුල්ලාට ආහාර ලබා දුන්නේ උගේ උගුරට දමන ලද බටයකට සිලින්ජරයකින් දියර ආහාර ඇතුළු කිරීමෙනි.
    ආහාර දීම අවසන් කිරීමෙන් පසු උගුරට දමන ලද බටය සිලින්ජරය අධාරයෙන් පිරිසිදු කළ අතර එමගින් බටයේ වැඩිපුර ඉතුරු වූ ආහාර කුකුළාගේ පෙනහලු වලට යාම වැලක් වීමට හැකි විය.
    පසුව ඕල්සන් යුවල විසින් මයික් ගේ භාරකාරත්වය නැවතත් ලබා ගත අතර දිගින් දිගටම සංචාරයේ යෙදීමට පටන් ගත්හ.
    1947 වසන්ත කාලය ආරම්භ වනවාත් සමගම දිනක් රාත්‍රියේ මයික් හිස නැති කුකුළා හුස්ම හිරවී හඩලන ශබ්ධයෙන් අවධි වූ ඕල්සන් යුවල දුටුවේ හුස්ම හිරවී මරණයට පත් වූ කුරුල්ලයි.


    150914104414_headless_chicken_600x400_bbc_nocredit.jpg



    ආහාර ලබා දීමෙන් පසු උගුරු බටය පිරිසිදු කිරීමට අමතක වීම හිස නැති කුකුලාගේ මරණයට හේතු වූ බව විශ්වාස කෙරෙන අතර ඕල්සන් යුවල එම හේතුව වැරදි බව පැවසූ අතර සිය නොසැලකිල්ලෙන් කුරුල්ලා මිය ගිය බව පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලදී.
    මයික් හිස නැති කුකුලාගේ මාස දහ අටක විශ්මිත ජීවිතය විවිධ වෛද්‍යවරුන් විසින් අධ්‍යනය කළ අතර අවසන් වශයෙන් කියා සිටියේ කුකුළකුගේ හිස කන්දෙන් ඉවත් කිරීමෙන් පසුත් කොඳු ඇට පෙළේ ඉතිරි වන ඔක්සිජන් උපකාරී වෙමින් උගේ ක්‍රියාකාරකම් පද්ධතිය මොලයේ උපකාරයකින් තොරව ක්‍රියාත්මක විය හැකි ස්වයන් පාලනයකට මාරු වීමට ඉඩ ඇති බවයි.
    වෛද්‍යවරු පවසන අන්දමට මේ ආකාරයෙන් කුකුලකුට සිය හිස නැතිව ජීවත් විය හැක්කේ මිනිත්තු පහක් වැනි සුළු කාලයක් පමණි. නමුත් මාස දහ අටක් ජීවත් වූ මයික් හිස නැති කුකුළා එතරම් කාලයක් ජීවත් වීම හෝ ගෙල සිඳ දැමීමෙන් හට ගත් තුවාලයෙන් රුධිරය ගලා යාමෙන් මිය නොයාමට හේතුව මෙතෙක් පැහැදිලි වී නැත.
    ඕල්සන් පරපුරේ ප්‍රසිද්ධ පුරාවෘත්තය බවට පත්ව ඇති 'මයික් හිස නැති කුකුළා'ගේ කතාවේ හිස නැති කුකුළකු ජීවත් වන්නේ කෙසේද යන්න අදටත් අභිරහසක්ව පවතියි.


    SOURCE : http://www.bbc.com/sinhala/world/2015/09/150914_pp_headless_chicken?ocid=socialflow_facebook
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    "1947 වසන්ත කාලය ආරම්භ වනවාත් සමගම දිනක් රාත්‍රියේ මයික් හිස නැති කුකුළා හුස්ම හිරවී හඩලන ශබ්ධයෙන් අවධි වූ ඕල්සන් යුවල දුටුවේ හුස්ම හිරවී මරණයට පත් වූ කුරුල්ලයි."

    ඔළුවක් නැතුව හඬලන්ෙන ෙකාෙහාමද බං?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක මොකක්ද බං......
    අර දියවන්නාවෙ ඉන්නේ උපතේ ඉදන් හිස නැතුව ජීවත් වෙන කුකුල්ලු, තව හරක් නරි සෙටාර් එකක් ම!