හීනවන අධ්‍යාත්මය.....
හීනවන අධ්‍යාත්මය.....
සමස්ත රටක සංවර්ධනය යනු මහා මාර්ග ඉදිවීම ,ගොඩනැගිලි ඉදිවීම සහ යටිතල පහසුකම් දියුණු වීම පමණක්ම නොවෙයි. රටක් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා භෞතික සංවර්ධනය සේම ආධ්‍යාත්මික සංවර්ධනයත් අත්‍යවශ්‍යයි. ආධ්‍යාත්මික සංවර්ධනයේ දී රටක අනිවාර්ය ලක්ෂණයක් වන්නේ කලා නිර්මාණ වඩා උසස් මට්ටමක පැවතීමයි.
කමත රංග භූමි කරගනිමින් සොකරි නාඩගම් සහ ශාන්තිකර්ම රස විඳි ජාතියක් ලෙස ආධ්‍යාත්මය පෝෂණය කරගත් මෙරට රසිකත්වයට අද වනවිට සිදුවී ඇත්තේ කුමක්ද ?පාසල් යන කුඩා දරුවාගේ රසවින්දන හැකියාව පවා අඳබාල කරන නිර්මාණ නිර්මාණය වීම සාක්ෂරතාවය සහ බුද්ධිමත් කමින් හීන මිනිසුන් නිර්මාණ අවකාශය තුළ සැරිසැරීම ජාතියේ ඛේදවාචකයද
එදිරිවීර සරත්චන්ද්‍රයන් සිංහබාහු නාට්‍ය තුළින් පෙන්නුම් කරන දාරක සෙනෙහස මනමේ නාට්‍ය තුළින් පෙන්නුම් කරන ප්‍රේමය නිදහස සහ ආශක්තවීම එදා තරුණ පරම්පරාවේ නිර්මාණ රස විඳීමේ හැකියාව වර්ධනය කිරීමට හැකිවිය.නමුත් වර්ථමානය වන විට සිදු වී ඇති කේදවාචක වචනයෙන් කියා නිම කළ නොහැක..
මේ දශක දෙක තුළ ලාංකීය නීර්මාණ ශක්‍යතාවය ශුන්‍යය වීම ඉබේ සිදූ දෙයක් නොවේ.එය ඉතා සීග්‍රයෙන් සිදුවන්ට ඉඩ තැබූ දෙයකි..මෙරට පාලකයන් සහ මාධ්‍ය අධිපතීන් සිතා මතාම කළ දෙයකි.
ලාභ බොළඳ හිංන්දි නාට්‍ය මෙරට නාට්‍ය කලාව ගිලගත්තා සමඟම එකී කඩාවැටීම සීඝ්‍ර විය. අද වන විට මෙය පිළිලයක් බවට පත්ව ඇත. ඉන්දියාවේ ඉතා අඩු ගණනකට විකිණෙන එකී ටෙලි නාට්‍ය මෙරටට ආනයනය කොට මෙරට මාධ්‍ය ආයතනයන්හි විකාශන කාලයෙන් හොදම විකාශන කාලය වෙන්කර විකාශනය කරන්නේ මෙරට ළමා පරපුර මෙන්ම කාන්තා පරපුර ද ඉතා අගාධයකට ඇද දමමිනි.
හීන භාෂා භාවිතය නිරන්තර පවුල් ආරවුල් පෙන්නුම් කරන මෙවැනි බොළඳ නාට්‍ය සමස්ත කාන්තා පරපුරම පරිකල්පන ශක්තිය තාවය හීන කරයි. තම නිවසෙහි මත ගැටුම ඇති වූ විට හෝ පවා මේ කාන්තාව උත්තර සොයන්නේ ඉහත කී හින්දු නාට්‍යයන්ගේ ආභාෂයෙනි. මාධ්‍ය ආයතනය විසින් දිගින් දිගටම මෙම නාට්‍ය විකාශනය කිරීම තුලින් මෙරට කාන්තාව අඳබාල කරනවා පමණක් නොව නිවසෙහි කාන්තාව සිහින ලෝකයෙහි අතරමං කිරිම තුළින් සමස්ත පරපුරම ඉතා ඛේදනීය තත්ත්වයකට ඇද දමා ගෙන රැගෙන යයි. මෙරට මඩ ගොහොරු දේශපාලනයට ද ඇවැසි එයම වෙයි .ගොහොරු දේශපාලනය ඉදිරියටත් ගෙන යා හැක්කේ ටකරන් කොලයට බත් මුලට අරක්කු බාගෙට යට වෙන මිනිසුන් මේ රට තුල නිර්මාණය වුවහොත් පමණි.
රෝසාවකාශ

bump