හීනෙකින් වත් හිතුවෙ නෑ
හීනෙකින් වත් හිතුවෙ නෑ ජීවිතෙ හම්බවෙයි කියලා හෝටෙල් කාමරයක් ඇතුලෙ ආයෙමත් මට, එකම එක පාරක් ආයෙත් කියනවද ආදරෙයි කියලා, සතපහක් එපා මට
ඔබ අපි හැමෝම කරන රැකියාව එකින් එකට වෙනස්. සමහර අය ඒ රස්සාව කරන්නේ කැමැත්තෙන් වුණත් තවත් අය කරන්න වෙන දෙයක් නැති නිසා රැකියා තෝරගන්න අවස්ථාා තියෙනවා. ඔය හැමෝගෙම එකම ඉලක්කය තමයි මාසේ අන්තිමේ අතට කීයක් හරි අරගෙන තමන්ගේ ජීවිතේ පුංචි හරි අඩියක් ඉස්සරහට තියෙන එක.
ඒ හැම කතාවක් පිටිපස්සෙම සමහරවිට තියෙන්නේ දුක හිතෙන සිද්ධියක් වෙන්න පුලුවන්. හැබැයි ඒ ගැන ලෝකෙට කියන්න ගොඩ දෙනෙක් කැමති නෑ.මොකද තමන්ගේ අතීතයෙන් පාඩම් ඉගෙන තමයි ගොඩ දෙනෙක් ජීවිතේ ලස්සන කරගන්නේ.
ඔය විදියට තරුණියකගේ ජීවිතේ අඳුරු මතකයන් ගැන කියවුණු අපූරු සටහනක් ෆේස්බුක් ඔස්සේ අපට දකින්න ලැබුණා. මේ කතාවෙන් කියවෙන්නේ කවුරුන් ගැනද කියලා අපි ඔබට කියන්නේ නෑ. ඇය කවුද කියලා හඳුනාගන්න එක ඔබට භාරයි..
හිතුවෙ නෑ මුණගැහෙයි කියල කවදාවත් ම..
කෙස් ගහක් දෙකක් පැහුන ට
පරණ පෙම් පාටමයි ඇස්වල..
උඩු රැවුලකුත් වවල ඇත්තට
මතකයි ඉස්කෝල කාලෙ
තිබ්බ ආසව ඕකට...
කියන්නකො ඉතින් කොහොම ද
නෝනට එහෙම??????
ඇයි ඉතින් කඳුලු ඇස් වල...
ඔයා රට යනකොට
බඩට මාස දෙකයි යන්තමට..
අම්ම ට අහු වුණා
කනකොට අන්නාසි ගැට..
ඊට පස්සෙ මම හිටියෙ
ලොකු අම්මලගෙ ගෙදර..
හම්බ වෙනකොට ම නැති උණා
ඔයාගෙ ලේ උරුමෙ මට..
සමාව දෙන්න රත්තරන්
මොනා කරන්න ද මම..
ඊටත් පස්සෙ ,
කාලයක් උන්න අංගොඩ..
අම්මවත් ආවෙ නෑ බලන්න...
එහෙන් පැනල යනකොටයි
හම්බ උනේ "මැඩම්"ව මට...
සලකපු තාලෙට හිතුනෙ ම නෑ
නපුරක් මට....
නාඳුනන මිනිහෙක් අතින්
දෙවෙනි පාරටත් ගෑණියෙක් වෙනකොට
යන්තම් විසි දෙකයි මට.....
නාඩ ඉන්න ඔයා මොනා කරන්න ද
මගෙ ම කරුමෙ ට....
ගෙදර ගියෙ නෑ ඉතිං
ආයෙත් මම....
අම්මෝ!!!!!අවුරුදු විස්සකට කිට්ටුයි
මේ වෙනකොට.....
බිස්නසුත් නෑ දැන්නම් මට,
ඉඳල හිටල එන කස්ටමර් කෙනෙක් අරුනම....
වෙන වෙන බිස්නස් තමයි වැඩිපුර..
ඒත්,
හීනෙකින් වත් හිතුවෙ නෑ
ජීවිතෙ හම්බ වෙයි කියල
හොටෙල් කාමරයක් ඇතුලෙ
ආයෙමත් මට......
අනේ රත්තරන් ,
ඔළුව උස්සල බලනව ද
ඉස්සර වගේ ලස්සන නැද්ද මම...
එකම එක පාරක් අයෙත් කියනවද
ආදරෙයි කියලා..
සත පහක් එපා මට ........
සටහන - අන්තර්ජාලය ඇසුරෙන්