හීන කන්ද මුදුනටම...
හීන කන්ද මුදුනටම නගින්නට
ආලවන්ත අත් වාරුව වෙන්නද
නේත්තරා එළියෙන් නුඹ රැකගෙන
ඉගිලෙන්නම් සත් මුහුදෙන් එතෙරට...
කාගේවත් හෙවනැලි නොවැටෙන්නට
තනාගනිමු සංසාරේ මන්දිර
රාත්තිරියටත් බැරි වෙයි එතකොට
නුඹෙයි මගෙයි සුසුමට ලං වෙන්නට...
මා නෙතු මානේ නුඹ ඉන්නා විට
වියැකී යාවී මා විඳි ගින්දර
අනන්ත වූ ඒ දුක නිවි දවසට
දෝවන්නම් සත් සතියක් නුඹ වත...


හීන කන්ද මුදුනටම නගින්නට
ආලවන්ත අත් වාරුව වෙන්නද
නේත්තරා එළියෙන් නුඹ රැකගෙන
ඉගිලෙන්නම් සත් මුහුදෙන් එතෙරට...
කාගේවත් හෙවනැලි නොවැටෙන්නට
තනාගනිමු සංසාරේ මන්දිර
රාත්තිරියටත් බැරි වෙයි එතකොට
නුඹෙයි මගෙයි සුසුමට ලං වෙන්නට...
මා නෙතු මානේ නුඹ ඉන්නා විට
වියැකී යාවී මා විඳි ගින්දර
අනන්ත වූ ඒ දුක නිවි දවසට
දෝවන්නම් සත් සතියක් නුඹ වත...





