හීන වීරිය හරි භයානකයි

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හීන වීරිය හරි භයානකයි

    පින්වතුනේ, පින්වත් දරුවනේ,
    අද බහුතරයක සිද්ධ වෙන දෙයක් තමයි, මේ සිල් ගන්නවා මේ මතක නෑ. මතක නැත්නම්, එ් කුසලය සිහිපත් කරවන්නේ නැත්නම්, ‘මෙය කුසලයයි’ කියලා කුසලය සිහිවෙන්නේ නැත්නම් කුසලය පිහිටන්නේ නෑනේ. එහෙම නම් එ් කුසලය සිහිවෙලා ඉස්මතු කරලා පිහිටන්න සිහිය වගේ ම උත්සාහය ඕන. එ් වීරිය නැතිකමෙන් තමයි ගොඩක් දෙනෙක් ධර්මයෙන් විසිවෙන්නේ.
    ගොඩාක් මනුෂ්‍යයන් ධර්මයේ හැසිරෙන්න ආසයි. ගොඩක් අය ධර්මය සිහිකරන්න, සිල්පද රකින්න, සතිපට්ඨානය වඩන්න ආසයි. නමුත් වෙලා තියෙන ප‍්‍රශ්නය තමයි ටික දවසක් කරනවා, ඔන්න මොකක් හරි වෙලා වැටෙනවා. ඔන්න හිතාගෙන ඉන්නවා ‘මම නම් ආයෙමත් සම්ප‍්‍රප්ඵලාපවලට යන්නේ නෑ’ කියලා. එ්ත් දන්නෙ ම නෑ පැටලිලා. ‘මම නම් සිහියෙන් ඉන්නවා’ කියලා හිතනවා, දන්නෙ ම නෑ වෙන ලෝකයක.

    බුදුරජාණන් වහන්සේ මේ ගැන උපමාවක් දේශනා කළානේ. දෙපැත්තේ හොඳට නිල්ල තියෙනවා. ගොයම් වැවිලා. කෙනෙක් එ් මැද්දෙන් හරකෙක් ව දක්කගෙන යනවා. එතකොට එ් හරකා ‘දැන් මාව කුඹුර මැද්දෙන් දක්කගෙන යනවා. මම නම් දෙපැත්ත බලන්න නරකයි’ කියලා බොහොම ශාන්ත ව යනවා ද? නෑ. හරකාගේ හිත යන්නේ ම ගොයමට ම යි.
    අර පිටිපස්සෙන් යන එක්කෙනා දැනගන්න ඕන, එ් එ් අවස්ථාවේ දී හරකාට වේවැලෙන් තලලා පාරට දාන්න. එතකොට හරකා එ් ගමන යනකල් ම යන්නේ කැමැත්තෙන් නෙවෙයි. නමුත් ගමන යනවා. හරකාට සතුටක් නෑ. එ්ත් ගමන යනවා. එ් වගේ තමයි මේ හිතත්. බුදුරජාණන් වහන්සේ එවැනි උපමාවක් දේශනා කළේ, ධර්මයට එන අය කොච්චර නම් එහෙම හැරිලා යන්න ඇද්ද?

    බුද්ධ කාලයෙත් හීනවීරිය ඇති අයට එහෙම වුණානේ. මතකනේ අර චූලකාල, මහාකාල සිද්ධිය? මහාකාල ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේනමක් වුණා. චූලකාල ස්වාමීන් වහන්සේ ඔහේ හිටියා. අන්තිමට ගෙදරට අහුවුණානේ. ගෙදර අය සරම් ලෑස්ති කරගෙන හිටියා. දානෙට අඬගැහුවා. ඔන්න දානෙට ගියා. දානෙ වැළඳුවා. බණ කියන්න ලෑස්ති වුණා. නෝනලා ටික බණත් අහගෙන හිටියා. නැඟිට්ටා පිටත් වෙන්න. ‘‘ආ… එ්වා බෑ, මෙන්න සරම” කිව්වා. ඉතින් ‘‘මෙන්න සරම…” කිව්වයින් පස්සේ හිතේ කිසිම හයියක් නෑ. මොකක්වත් හයියක් හිතේ තිබිලා නෑ. සරම ගත්තනේ. අරගෙන සරම ඇඳගත්තා. සිවුරු අයින් කළා.

    ඉතින් මල්ලිගේ නෝනලනේ මේක කළේ. ඊට පස්සේ අයියගේ නෝනලත් ”හරි, අපේ එක්කෙනාටත් මේකයි කරන්න තියෙන්නේ. යමං ආරධනා කරන්න” කියලා සැවැත් නුවරට ගිහිල්ලා ආරාධනා කළා. දැන් මහාකාල ස්වාමීන් වහන්සේ තනිව ම පිටත් වෙනවා. භික්‍ෂූන් වහන්සේලා මේ කාරණේ දන්නේ නැතුව හරී සංවේගයට පත්වුණා. ‘‘අනේ මල්ලිත් ගියා. දැන් අයියත් මේ ගැටේට අහුවෙනවා” කියලා දුක්වුණා.
    ඉතින් දැන් මහාකාල ස්වාමීන් වහන්සේටත් දානෙ දුන්නා. බණත් කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ පිටත් වෙන්න හිටගත්තා. එ් නෝනලත් කලින් වගේ සරම අරගෙන ඇවිල්ලා ”ආ… එ්වා බෑ. මේ සරම ගන්න” කිව්වා. ස්වාමීන් වහන්සේ ඇස් වහගෙන ටිකක් වෙලා හිටියා, ඍද්ධි බලයෙන් වහලේ උඩින් තමයි උන් වහන්සේ වැඩියේ.

    ඉතින් එ් විදිහට බේරෙන්නේ බොහෝ ම ස්වල්ප දෙනයි. (අප්පකාතේ මනුස්සේසූ යේ ජනා පාරගාමිනෝ අථායං ඉතරාපජා තීරමේවානුධාවතී) මේ මිනිසුන් අතරින් යමෙක් එතෙර වෙයි නම් ඔවුහු ඉතාමත් ස්වල්පයයි. මේ අවශේෂ ප‍්‍රජාව මෙතෙරට ම දුවගෙන යනවා. එතෙර වෙන්න බෑ. ඉතින් බලන්න එ්ක කොච්චර සත්‍යයක් ද?

    මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!
    හැමදෙනාටම තෙරුවන් සරණයි!
    නමෝ බුද්ධාය!
     
    • Like
    Reactions: Ereshaz77

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නමෝ බුද්ධාය!

    කාම රුපි දේවල් දැකලා දැකලා මිනිස්සු ඒවාට ඇලි ගැලි ජිවත් වෙන්නේ අපි කවදා හරි මැරෙනවා නේද ?කියලා හිතන්නේ නැ හොදම උදාහරණය මහින්ද බලන්න බලයට තියෙන තණ්හාව කියලා නිමකරගන්න බැ තමන්ගේ වයස හංගන්න උස්සහා කරනවා කිසිම විනීත දර්මානු කුල ජිවිතයක් ගතකරන්නේ නැති කාමෙන් මත වෙලා එයාට කඩේ යන අනිත් පිරිසත් එකට ඇදලා දානවා සල්ම්න්කාන් ජැක්ලිනා වගේ අය හරහා කරන්නේ අන්න එක රටේ මිනිස්සුන්ගේ පව් සිත වැඩි කරන එක විතරයි,

    ධර්මය ගැන අවබෝදයක් නැතුව සිල්ගන්න පිරිසක් ඉන්නවා අන්න එයට වැදගත් වේ කියලා හිතනවා
    http://mahamevnawa.lk/ :yes::yes:

    නමෝ බුද්ධාය!
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    කෑප්ටන් Jack Sparrow;17642507 said:

    You must spread some Reputation around before giving it to KPZ again.

    තෙරුවන් සරණයි!
    නමෝ බුද්ධාය

    තෙරුවන් සරණයි!

    තෙරුවන් සරණයි!
    +25

    නමෝ බුද්ධාය!

    කාම රුපි දේවල් දැකලා දැකලා මිනිස්සු ඒවාට ඇලි ගැලි ජිවත් වෙන්නේ අපි කවදා හරි මැරෙනවා නේද ?කියලා හිතන්නේ නැ හොදම උදාහරණය මහින්ද බලන්න බලයට තියෙන තණ්හාව කියලා නිමකරගන්න බැ තමන්ගේ වයස හංගන්න උස්සහා කරනවා කිසිම විනීත දර්මානු කුල ජිවිතයක් ගතකරන්නේ නැති කාමෙන් මත වෙලා එයාට කඩේ යන අනිත් පිරිසත් එකට ඇදලා දානවා සල්ම්න්කාන් ජැක්ලිනා වගේ අය හරහා කරන්නේ අන්න එක රටේ මිනිස්සුන්ගේ පව් සිත වැඩි කරන එක විතරයි,

    ධර්මය ගැන අවබෝදයක් නැතුව සිල්ගන්න පිරිසක් ඉන්නවා අන්න එයට වැදගත් වේ කියලා හිතනවා
    http://mahamevnawa.lk/ :yes::yes:

    නමෝ බුද්ධාය!
    තෙරුවන් සරණයි!