හීන write කරමු.

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඊයේ හීනයක් දැක්කා , ජපානේ වෙන්න ඕනේ ඔෆිස් එකකදී ජපන් ගෑණියෙක් මට රැග් එකක් දෙනවා, ජපන් කත කිමෝනාවක් ඇඳලා හිටියේ, රැග් එක තමයි මාව කාමරේකට දාලා වහනවා.
     
    • Haha
    Reactions: pathaleiretta

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    මම මේ ලඟදි හීනයක් දැක්කා. ඒක තමා මෙතුවක් කාලෙට දැකපු බය හිතෙනම හීනේ, වහිනවා පැලෙන්න. අපේ ගෙදර සිවිලිම කඩන් වැටෙනවා සාලේ මැදට. සිවිලිමේ ගහල තියෙන සීට් එකින් එක වැස්සට පෙඟිලා වගේ කඩන් වැටෙන්නේ. එක පාරටම එක සිවිලිම් කෑල්ලක් කඩන් වැටුනා ගිනි අරගෙන. හෙන වැස්සේ ගිනි ගන්නවත් එක්ක. එහෙම්මම දිව්වා කාමරේට. දුවද්දී ෆියුස් බෝඩ් එක පැත්තෙන් ඇහුනා අර ගෑස් එක ෆුල් ඕපන් කරලා ගින්දර දුන්නම එන සද්දේ තියෙන්නේ. හෝස් ගාල. ආන් ඒ සද්දේ. බලද්දී ෆියුස් බොක්ස් එක ගාව ඕපන් කරපු සංක්බොක්ස් එකකින් ගිනි ගන්නවා.

    එහෙම්මම ඇහැරුනා. වැඩේ කියන්නේ ඒ හීනේ දැකපු දවසේ ඉඳන් තමා වැස්ස පටන් ගත්තේ එක දිගට දවස් තුනක්. ඒ කියන්නේ ගිය සතියේ. ඒ බබය වුන බයවිල්ල යකෝ ඇත්ත වගේමයි.. 😣
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,258
    21,119
    113
    මාත් අද උදේ කෙල්ලෙක්ගෙ අතින් අල්ලන් බීච් එක දිගේ ඇවිදන් යනවා දැක්කා. ලස්සන ටින්ට් කරපු වගේ කොණ්ඩෙ තියෙන සුදු කෙල්ලක්. අපි දෙන්නා බීච් එකේ වාඩිවෙලා 7up වගේ කොළපාට බීම බෝතලේකින් බීම බිව්වා. මතක විදිහට එකම බෝතලෙන් බීම බට දෙකක් දාල. මට මූණ හරියටම මතක නෑ. මම මේ දවස් ටිකේ ගොඩක් වෙලාවට දැක්කෙ කෙල්ලෙක් එක්ක ඉන්නවා. පස්සෙ මට ඇහැරුණා. ඒත් ඇස් දෙක අරින්නෙ නැතුව හීනෙ මනසින් වින්දා අනේ මට මේ වගේ ආදරෙන් ඉන්න පුළුවන් කෙල්ලෙක් ලැබෙන්න කියලා. ඒ හීනෙ තිබුණ නිදහස මම මනසින් වින්දා. මම හිතන්නෙ ඒ වගේ හීන මම දකින්නෙ මගේ හිතට හෙන පාළුවක් දැනෙන නිසා වෙන්න ඇති. තෑන්ක්ස් බ්‍රෝ මට ආය ඒ හීනෙ මතක් කරල දුන්නට.
    අඩෝ....😐😐😐😐 උබ සීරියස් ද යකෝ කිව්වෙ? මං කියෙව්වෙ අන්තිමේ ආතල් එකක්දෝ කියල හිතල. 😁😁😁

    ලගදී දැක්ක මගේ හොදම යාලුවෙක්ගෙ වයිෆ් එක්ක ලව් කරනවා. (සෙක්ස් නෙමෙ) දැක්කට මොකද හිතට හෙන අවුල්. මං ගැනම කලකිරුනා. උදේ නැගිට්ට වෙලේ ඉදන් හිතට මාර අප්සෙට් මුලු දවසම අවුලෙන් ඉදියේ . ඒත් හීනේදී හෙන ෆන් එකේ ඉදියේ. මට ජීවිතේටවත් එහෙම හිතිල නෑ උන් ගැන. දැන් ඉතින් කියන්න බෑ හීනෙන්වත් හිතල නෑ කියල. මාර මූසලයි ඒක දැකපු දවසම.
    ------ Post added on May 19, 2021 at 8:26 AM
     

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    අපි හැමෝම දවස ගානේ හින එකකට වැඩ දකිනවා.හැබැයි හුගක් හින දැක්කද කියලවත් අපිට මතක නැ තවත් සමහර හින නැගිටලා ටික වෙලාවකින් අමතක වෙනවා.ඉතින් අපිට නින්දේදීම අමතක වෙන හින වලට මොකුත් කරන්න බැ.හැබැයි නැගිට්ට ගමන් ම අපි හීනෙ මුල ඉදලා අගට මතක් කලොත් අර ටිකවෙලාවකින් අමතක වෙන හීන මතක තියාගන්න පුලුවන් වෙනවා එකත් මතක තියෙන්නේ දවසක් විතර.එනිසා අපිට පුලුවන් හින පොතක් තියා ගන්න.හැබැයි ඔයාට පොත කාගේ අතට හරි යයි කියලා හිතේ නව නම් අපිට පුළුවන් google docs එකක් දාන්න එක ගොඩක් පලදායි කියලා මන් හිතනවා මොක්ධ.අපි පොතක් ලියුවොත් ඒ ගැන worry වෙන්න ඕනි අනික අපි මේ පොත තව කාගේ හරි අතට යයි කියලා සැක නිසා අපි පොතේ ඇත්ත ලියන්නෙත් නැති වෙන්න පුළුවන මොක්ධ් අපි සතියකට විතර සැරයක් හීනෙන් sex කරනවා ඉතින් docs එකක් දැම්මොත් ඒ ගැන බය වෙන්න ඕනි නැ.

    ඒවගේම තව වාසියක් තමයි අපි හීන මතක තියා ගන්න try කලොත් නින්දේදීම අපිට අමතක වෙන හීන ගාන අඩුවෙනවා.
    මෙහෙම ටික කාලයක් අපි හින write කරන්න ගත්තහම අපිට හින control කරන්න පුලුවන් වෙනවා.එකියන්නේ අපිට හීනෙ ඇතුලතදී හිතලා තීරණ ගන්න පුලුවන් හුගක් වෙල්ලාවට සාමාන්‍ය හින run වෙන්නේ අපිට ඕනි විදිහට නෙවෙයි.නමුත් අපි හිනා write කරන්න පුරුදු උනොත් අපිට හීනෙ ඇතුළතදී කාව හරි මරන්න ඕනි නම් අපිට මරන්න පුළුවන්.හැබැයි සමහරුන්ට හිතෙන්න පුළුවන් මේක මල වදයක් කියලා මොක්ධ අපිට සමානය ජිවිතේ වගේ නැගිටලා ඉන්න වෙයි කියලා.නමුත් මේක නිකන් game එකක් වගේ අපි game එකේදී character එක කොච්චර දුර දිව්වත් අපිට මහන්සි නැනේ.අනික game එකකදී අපිට සාමාන්‍ය ලෝකේ කරන්න බැරිදේවල් කරන්න පුලුවන් වෙනවා ඉතින් ඔයා හින write කරන්න ගත්තොත් ඔයාට game experince එකකට යන්නත් පුළුවන් වෙනවා.

    ඉතින් මන් අද දැක්ක හීනයක් යටින් දාන්නම් ඔයගොල්ලන්ට හීනෙක මතක මතක කැලි ටික යටින් අමුණලා යන්න අනික ඔය ගොල්ලෝ මේක save කරන් ඉදලා මාස 3 විතර ඔයගොල්ලන්ගේ experince එක share කරන්න අමතක කරන්න එපා.දැනටමත් මේක කරන අය ඉන්නවා නම් එගොලොත් comment එකක් දාගෙන යන්න
    මේකේ කැලි කඩල තියෙන්නේ හින වෙන් කරන්න.

    23 Dec 2020

    මන් සාලේ ඉද්දි කාලි youtube channel එක කරන අයියා call කලා එයා දන්නේ උනාට මම එයාගේ num එක හොයාගෙන save කරලා තිබ්බේ.කොම හරි call එක ans කලාට කාලි අයියාට කතා කරන්න ඔනි වෙලා තිබ්බේ අපේ නංගිට මොකද එයා කාලි අය්යාගෙන් comz ගානක් අහලා.

    නැන්දී ලගේ ගෙදර බිත්ති දිගේ මම ගීයා.බිත්තියේ උඩ ඉදන් වහලෙට තියෙන ඉඩේ.

    රතු ඉන්දියන් වගේ කට්ටියක් එක්ක අපි ගියා එයාලගේ අශ්වයෝ පිටේ නැගලා.යද්දී අපිත් එක්කම මාලා anty ලගේ බිංදු දුවගෙන ආවා හැබැයි රතු indian කාරයෙක් බල්ලට ඊථලක් විද්දා බල්ල දෙකට මැදින් කැඩුනා.හැබැයි තව ඒවගේම duplicate එකක් හැදුන.

    ඉජිප්තු පිරමිඩ් එකක වගේ එකක්
    Thanks mchan.good post