හුංගා

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    2i0dlxk.jpg


    හුංගා කියන්නේ ලංකාවේ මිරිදිය ජලාශ වල ඉන්න දරුණු මාලුවෙක්. මූට english වලින් කියන්නේ Asian Stinging Catfish කියලා. විද්‍යාත්මක නාමය Heteropneustes fossilis. මෙයාලව අයිති වෙන්නේ cat fish වර්ගයට. මෙයාල ලංකාවේ වගේම ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය වගේ රටවල් වල මිරිදිය ජලාශ වලත් ජීවත් වෙනවා.

    මෙයාලට පුළුවන් ඉතාම painful විදියට මිනිස්සුන්ට පහර දෙන්න. ඒකට මේ මාළුවා පාවිච්චි කරන්නේ උගේ මූනේ තියෙන කූරු. මේ මළුවට විෂ ග්‍රන්තියක් තියෙනවා විෂ හැදෙන්න. මූ අනිනකොට ඒ විෂ තමයි පහර දීමට ලක් වන මිනිසාගේ හෝ සතාගේ අගට යන්නේ. එතාම විෂ සහිතයි.


    More info - EK Monster Fish Keepers
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,953
    10,096
    113
    ape gageth innawa bn ekek mage maalu tankiyeth innawa. ookunge warga 2k innawa ekek hunga anith eka magura . hunga tikai loku wenne magura adi 2k diga wenawa
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මටත් මේකෙක් විදලා තියෙනවා.. අම්මෝ පහුවෙනිදා උනත් හැදුනා. උබ කියන මූනෙ තියෙන රැවුල් ගස් වගේ ඒවා නෙමෙයි බන් කරමලට පිටිපස්සෙන් තියෙන වරලත් එක්ක තියෙනවා කූරක් වගේ එකක් ඒකෙන් තමයි විද්දේ..:angry::angry:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    මටත් මේකෙක් විදලා තියෙනවා.. අම්මෝ පහුවෙනිදා උනත් හැදුනා. උබ කියන මූනෙ තියෙන රැවුල් ගස් වගේ ඒවා නෙමෙයි බන් කරමලට පිටිපස්සෙන් තියෙන වරලත් එක්ක තියෙනවා කූරක් වගේ එකක් ඒකෙන් තමයි විද්දේ..:angry::angry:

    උබ ඌ විදින හැටිත් බලන් හිටියද?
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    උබ ඌ විදින හැටිත් බලන් හිටියද?

    කකුලේ පහලට විද්දේ බන් .විද්දට පස්සෙ කලිසමේ පහල හරියේ මුගෙ කරමලට පිටිපස්සේ තියෙන වරල පැටලිලා තිබ්බා. එතකොට තමයි විශ දල දැකේ..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,238
    113
    කකුලේ පහලට විද්දේ බන් .විද්දට පස්සෙ කලිසමේ පහල හරියේ මුගෙ කරමලට පිටිපස්සේ තියෙන වරල පැටලිලා තිබ්බා. එතකොට තමයි විශ දල දැකේ..

    මම එහෙමනම් කනවා ඕකව..:angry:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    අම්මෝ එක පාරක් මටත් ඇනල තියෙනව. හැබැයි මේකා මගුරටයි අංකුට්ටටයි වඩානම් හොදයි :P අංකුට්ටෙක් ඇනල බේත් තියලත් හරිගියේ නෑ උණ ගැනුන. :( :(
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    ඉස්සර අපි පොඩි කාලෙ ගමේ ඉන්න කොට වෙල් මාලු විකුණන මිනිහෙක්ගෙන් අපේ ආච්චි හුංගො ටිකක් අරන් ඇතිලියට හෝදන්න දැම්මාම මාලු ටික පීනන්න ගත්තා,, ඊට පස්සෙ ටැංකියක දාල හැදුවා තාම මතකයි බන්.