හුඟ කලෙකින් හමුවී...

  • Jul 4, 2009
    7,259
    462
    83
    හුඟ කලෙකින් හමුවී...


    හුඟ කලෙකින් හමුවී
    සෝ ලතැවුල් ...
    අදත් විඳින්නේ මා පමනද ...?

    මේ පාරත් නිවාඩුවට ගෙදර ආවම මට වෙනද වගේම ඔයාගෙ අම්මව මුණ ගැහුනා. විස්තර කතා කර කර ඉඳල අන්තිමට අපේ මාතෘකාව ආවෙ ඔයා ගැන.

    " දැන් ඉතින් වැඩට යන්නෙත් නෑනෙ. කාවහරි හොයල බන්ඳලවත් දෙන්න ඕන....."

    මගේ හදවත එක පාරටම නැවතුනා වගේ මට දැනුනා. හිනාවෙලා ඒක අහන් ඉන්න තරම් මට හයියක් තිබුනෙ නෑ. ඔයාගෙ අම්මටත් ඒක තේරුණාද කොහෙද. ඊට දවස් දෙක තුනකට පස්සෙ ඔයාලගෙ ගෙවල් පාරෙන් යන ගමන් ඔයාවත් නොබල යන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.

    " එන්න ගෙට... "

    ඔයාගෙ ආදරණීය ආරාධනාව කොහොම අහක දාන්නද ? මීට මාස දෙක තුනකට කලින් මාව මරාගෙන කන්න හදපු ඔයාම මට ගෙට එන්නත් කියනවා. මමනම් හිතුවෙ කොස්සකුත් අරන් දුවනකම් මට ගහයි කියල. එහෙම හිතුනට මම දන්නවා ඔයා මට එහෙම කරන්නෙ නැති බව.

    ගොඩක් දවසකින් හම්බුන නිසා අපි දෙන්නට කතා කරන්න ගොඩක් දේවල් තිබ්බා.

    " ඔයාට ඔලුව කැක්කුමයි ද ? "

    තාමත් එහෙනම් ඔයාට මාව තේරුම් ගන්න පුළුවන්. මොකද මගෙ මේ කරුම ලෙඩේ ගැන අම්ම තාත්ත ඇරුනම හරියටම තේරුම් ගන්න පුළුවන් උනේ ඔයාට විතරක්ම උන නිසා.

    " ඉන්න මම තෙල් ටිකක් දෙන්නම් ඔලුවට දා ගන්න.... "

    " එපා.... "

    " දාගන්නවා..."

    " එපා කිව්වනෙ.. "

    " ඉන්නවකො මම ගෙනත් දෙන්න.. "

    මගේ හිත මටත් හොරෙන් අතීතයට දුවගෙන ගියා.....

    එදත් මම මේ වගේම ඔලුව කැක්කුම හැදිල මේ වාඩිවෙලා ඉන්න පුටු පේලියෙම පුටුවක වාඩිවෙලා හිටිය මට මතකයි. එදත් ඔයා මේ විදිහටම මට බැන්න ඔලුවට තෙල් ටිකක් දා ගන්න කියල. ඊට පස්සෙ තෙල් බෝතලෙත් අරන් ආපු ඔයා නැවතුනෙ මගෙ ගාව.

    " ඉන්නව දා ගන්න බැරිනම් මම දාන්නම්..."

    ඔයා මගෙ ලඟට ඇවිත් මාව ඔයාගෙ පපුවට තුරුළු කරගෙන ආදරෙන් මගෙ ඔලුව අත ගාපු හැටි මට තාම මතකයි. පොඩි එකෙක් වගේ ඔයාගෙ පපුවට තුරුළු වෙලා ඒ සුවඳ විඳින්න මම තාම ආසයි. මට ඒ වෙලාවට දැනෙන්නෙ මම මගේ අම්මගෙ උණුහුමට වෙලා ඉන්නව වගේ හැඟීමක්. ඒ කිරි සුවඳ ඔයා ගාවත් තියෙනවා. ඔයා මට මේ තරම් ආදරයක්. මට හිතා ගන්නවත් බෑ. අන්තිමට තෙල් දාල ඉවරවෙන කොට ඔයාව මගෙ ඔලුවෙ තෙල් වලින් නෑවිලා.

    " ආ... දාගන්න "

    ඔයාගෙ හඬින් මම හීන ලෝකෙන් ඇහැරුණා

    " ඉස්සරනම් ඔයා තෙල් බෝතලේ දීල නිකන් ඉන්නෙ නෑ. දාල අත ගානවත් එක්ක.... "

    ඔයා අහිංසක විදිහට හිනා උනා විතරයි. අපිට ආයෙත් අතීතෙට යන්න ඉඩක් ඇත්තෙම නැද්ද ?

    "කමක් නෑ එපා.... "

    මට ගොඩක් දුක හිතුනා. ඔයාටත් ඒක තේරිලා වෙන්න ඇති. ආයෙ මට බල කරේ නෑ.

    කතා නැතිව අපි දෙන්න ගොඩක් වෙලා හිටියා. ඒ කාලෙ පුරාවටම මම කලේ ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටපු එක.ඔයාගෙ ඇස් දෙකේ කියාගන්න බැරි මොනවදෝ හිර වෙලා තියෙනවා මම දැක්කා.

    " ඔයාට අපෙ අම්මව හම්බුනාද ? "

    " ඔව්.. අම්ම මොකෝ කිව්වෙ ගෙදර ඇවිත්... "

    " මොකුත් නෑ ඉතින් ඔයාව හම්බුනා කිව්ව.. මාව කාව හරි හොයල බන්ඳලා දෙන්න ඕන කිව්වම ඔයාගෙ මූණ දෙක උනාලු... "

    මම ඔයත් එක්ක හිනාවෙන්න උත්සහ කරා..

    " අම්මට දුක හිතුනලු ඔයාගෙ මූණ දැක්කම. ඒ නිසාම ආයෙ ඒ ගැන මොකුත් කතා කරේ නෑ කිව්වා.... "

    " ඇත්තටම එහෙම උනාද ඉසුරු..."

    " වෙන්න ඇති...."

    මම අහක බලාගෙනම ඔයාට උත්තර දුන්නා. ඔයාගෙ මූනෙ තිබ්බ හිනාව අතුරුදහන් වෙලා ගියා.

    " ඉසුරු සීයගෙ දානෙ ..... තියෙනවා. ඔයා එන්න. මට වෙන කරන්න දෙයක් නෑ ඉසුරු. මම අයියව කසාද බඳිනවා.... " (සිනාසෙන්න මට අවසර දෙනු මැන 3 කොටස බලන්න)

    ගෙදර ගියාට පස්සෙ ඔයා මට ඒ විදිහට එස්.එම්.එස් එකක් එව්වා....

    ඔයා ගැන මගෙ හිතේ තිබිච්ච බලාපොරොත්තු කඳුලු වල දියවෙලා ඇස් දෙකෙන් කඩාගෙන වැටුනා....

    වැටෙන කඳුලු පිස ලන්නට
    හිස අත ගා සනසන්නට
    උන්නු එකම ලෙන්ගතු හිත
    යන්න ගිහින්.....
    දුක තියාන.....


    එතනින් අපේ හමුවීම නැවතුනේ නෑ. අපි ආයෙත් අපිට ලං උනා. යාලුවො විදිහටද එහෙම නැත්නම් වෙන කවුරුහරි විදිහටද කියන්න මම දන්නෙ නෑ.

    " මම ඔයාගෙන් පොඩි බඩ්ඩක් අහන්නද ...? "

    ඒ වගෙ අපි හම්බෙච්ච දවසක මම ඔයාගෙන් ඇහුවා.

    " හ්...ම් "

    " ඔයා මීට මාස දෙක තුනකට කලින් මට කිව්වා නේද ඔයා අයිය කෙනෙක් එක්ක යාලුයි එකට ට්‍රේන් එකේ යන එක්කෙනෙක් එක්ක කියලා...."

    " ඇත්තටම එහෙම එකක් තිබ්බෙ නෑ නේද ? "

    " නෑ ඉසුරු. මම බොරු කිව්වේ.. "

    " ඇයි එහෙනම් ඒ බොරුව පිටින් දාල මට බැන්නෙ... "

    "මම එහෙම කරේ ඒකෙන්වත් ඔයා මට ආදරේ කරන එක නවත්තන්න හිතාගෙන....."

    " ඔයා හිතනවද එහෙම කරා කියල මගෙ හිතේ ඔයාට තියෙන ආදරේ අඩුවෙයි කියලා...."

    මගේ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් ඔයා ලඟ නැතිවෙන්න ඇති.

    තවත් දවසක.....

    " ඉසුරු අයියත් දානෙට එනවා. දන්නවනෙ ඔයා ඉතින්.. අනේ එයා මාත් එක්ක ඉන්නව දැකල හිත රිද්ද ගන්නෙපා..... "

    ඔයා කියන්නෙ හරියට මම හිතල හිත රිද්දවගන්නව වගේ. කිසිම දෙයක් කියන්නෙ නැතිව මම ඔහේ බලාගෙන හිටියා.

    " මම එන්නෙ නෑ බණ ගෙදර..."

    " ඔයා එන්න.. ඔයා එන්නම ඕන. මම බලන් ඉන්නවා... "

    " ඒ උනාට හරි නෑනෙ. ගමේ මිනිස්සු මොනවද නොහිතන්නෙ....."

    " ඔයා නාවොත් තමා ගමේ අයට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ....."

    " මට බෑ. මම එන්නෙ නෑ. සොරි තරහ වෙන්නෙපා... "

    " අනේ එන්න. මට ආදරේනම් එන්න..."

    එතනින් එහා ඔයා එක වචනයක් වත් කිව්වෙ නෑ. ඔයා දන්නව ගානට මාව හිර කරගන්න. තාමත් ඔයා එදා වගේමයි. පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.

    බණ ගෙදරට දානෙ ගෙදරට මම ආවෙ හිතකින් නම් නෙමෙයි. ඔයා බලන් ඉන්න බව දන්න නිසා. ආ පයින්ම යන්න හදනකොට ඔයා කිසිදෙයක් කියන්නෙ නැතිව බලාගෙන උන්නා.

    මීට අවුරුදු තුනකට විතර කලිනුත් ඔයාලගෙ ගෙදර මේ වගේම දානෙ ගෙයක් තිබුනා. එදා ඔයා අතින් බීම එකක් ගත්තෙ නෑ කියල ඔයා එක දිගට ඇඬුව දවස් දෙකක්ම. අතීතයේම ජීවත් වෙන්න තිබුණනම්....

    අපේ අන්තිම හමුවීම.....

    " මට ඔයා තවදුරටත් යාලුවෙක් විතරයි ඉසුරු....."

    " අයියා මට ගොඩක් ආදරෙයි. ඉස්සර මොනදේ උනත් මම දැන් ඒ ආදරේට ආදරෙයි...."

    " වහිනවා නේද ? ඉන්න මම ඔයාට මගෙ කුඩේ දෙන්නම්......"

    " ඔයාට කොහොමද මම ආපහු දෙන්නෙ....."

    " එපා ඒක ඔයා තියා ගන්න...."

    මට ඔයාව තේරුම් ගන්න අමාරුයි. මීට ටික දවසකට කලින්....

    " ඉසුරු ඔයාගෙ ෆෝන් එකේ මගේ ෆොටෝ තියාගෙන ඉන්නෙපා....."

    " ඇයි...?"

    " නෑ ඉතින් ඒව දැක්කම ඔයාට දුක හිතෙනවනෙ...."

    එදා එහෙම කියපු ඔයා අද මට ඔයාගෙ කුඩේ තියා ගන්න කියනවා. ඔයා හරි පුදුමයි. ගොඩක් වෙනස් වෙලා. ඔයාට මාව යාලුවෙක් විතරක් උනාට මට කවදාවත් ඔයා ගැන ඒ විදිහට හිතන්න බැරි වෙයි. ඔයා නොදන්නවත් ඇති ඔයාගෙන් මට නැති උනේ කෙල්ලෙක්ගෙ ආදරයක් විතරක් නෙමෙයි.මට නැති උනේ අම්ම කෙනෙක්ගෙ ආදරයක්. මට බෙහෙත් අරන් දෙන්න ඔය කකුල් දෙක රිදෙනකම් ඉස්පිරිතාලෙ පෝලිම් වල හිටගෙන හිටපුවා , ඔලුව කැක්කුම වෙලාවට මාව ඔඩොක්කුවෙ තියාගෙන ඔළුව අතගාපු හැටි , මා ගැන මටත් වඩා හොයල බලපු හැටි අමතක කරන්නනම් මට මැරිල උපදින්න වෙයි. මොනව උනත් මම ඔයාගෙ සතුට වෙනුවෙන් ඔයා කැමති ඕනම දෙයක් කරන්නම්. මොකද ඔයාගෙ සතුට දැකල මටත් කවදහරි සතුටුවෙන්න පුළුවන් නිසා. හැමදාම පැතුවෙ ඔයාගෙ සතුට විතරක්ම නිසා.

    ඔබගේ යහපත දියුණුව සැලසේ නම්...
    මගේ දිවිය හැර අනෙක් සියළු දේ
    කැපකෙරුමට මා සූදානම්...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සපි ආයෙත් හමු නොවුනා නම්.... ඉස්සර දවසක මියගිය ප්‍රේමය.....
    යලි ඉපදී මා හද හඬවන්නට......

    ගොඩක් හිතට දැනුන නිර්මනයක් සුදු මහත්තයා.... මේක ඔයාගෙම නිර්මාණයක්ද..?
     
    Last edited:
  • Jul 4, 2009
    7,259
    462
    83
    සපි ආයෙත් හමු නොවුනා නම්.... ඉස්සර දවසක මියගිය ප්‍රේමය.....
    යලි ඉපදී මා හද හඬවන්නට......

    ගොඩක් හිතට දැනුන නිර්මනයක් සුඩු මහත්තයා.... මේක ඔයාගෙම නිර්මාණයක්ද..?

    ඔව්. මගේම ඇත්ත සිදුවීමක්... :(:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහන්නත් කණගාටුයි....

    ජීවිතේ පුදුමයි... අපිට ඕන කරන දේ සිද්ධ වෙන්නේ නෑ...
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    කොටස් ඔක්කොම ආසවෙන් ඒවගේම දුකෙන් කියෙව්ව

    මේ වගේ අදරයකටත් මෙහෙම උනානන් අපේ ආදර වලට මොනව වෙන්න බැරිද

    ම්ම්ම් අනේ මන්ද සුදු මහත්තයෝ
    ජීවිතෙන් ගොඩ එන්න බලන්න ඔබට ජය

    මාව අදුන ගන්න පුලුවන් අතිනේ??
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    කොටස් ඔක්කොම ආසවෙන් ඒවගේම දුකෙන් කියෙව්ව

    මේ වගේ අදරයකටත් මෙහෙම උනානන් අපේ ආදර වලට මොනව වෙන්න බැරිද

    ම්ම්ම් අනේ මන්ද සුදු මහත්තයෝ
    ජීවිතෙන් ගොඩ එන්න බලන්න ඔබට ජය

    මාව අදුන ගන්න පුලුවන් අතිනේ??

    :(:(

    අඳුනගන්න බෑනෙ මචන්.....:rolleyes::rolleyes:
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    Nice :D

    ඇත්තටම ලස්සනයි(මන් දන්නව මෙක ඔයාගෙ හිතට ලස්සන නෑති බව...සමහර අයව අපිට කවදාවත් තෙරුම් ගන්න බෑ
     
    Last edited:

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    සුදු මහත්තයා;7539148 said:
    :(:(

    අඳුනගන්න බෑනෙ මචන්.....:rolleyes::rolleyes:

    හපොයි මතක නැද්ද

    මූනු පොතේ කසුන් චාමර

    සිහින කසූ බ්ලොග් එක දැන්වත් මතකද හිහිහි :P:P:P:P:P:P

    අව්ලක් නෑ අපිව කාටවත් මතක නෑනේ :baffled::baffled::baffled::baffled:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    හපොයි මතක නැද්ද

    මූනු පොතේ කසුන් චාමර

    සිහින කසූ බ්ලොග් එක දැන්වත් මතකද හිහිහි :P:P:P:P:P:P

    අව්ලක් නෑ අපිව කාටවත් මතක නෑනේ :baffled::baffled::baffled::baffled:

    අඩේ අප්පා මතකයි මතකයි. අන්න එහෙම කියන්නෙපැයි. උඹව අපිට අමතක නෑ මචං :no::no::no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුදු මහත්තයා;7539278 said:
    ඒකනම් එහෙම තමයි. ඒත්...

    අතීතය සිහිනයක් පමනයි.....

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ....



    මම විස්වාස කරන්නේ ඔන්න ඔය දෙක... ඕකෙන් හිත හදාගන්න ලේසියි....