හූති නිසා ලංකාවේ කල්ල මරේ... කොළඹ වරායට එන්න වෙළද නෞකා පොරකති...✌️

NPC

Well-known member
  • හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

    වරායේ පර්යන්ත තුනේ නැව් ගත කිරීමේ කවුළු වැඩි වශයෙන් නැව්ගත කිරීමේ මාර්ග ඉල්ලා ඇති අතර ඉන්දියාවෙන් ප්‍රති නැව්ගත කිරීමේ පරිමාවද වැඩිවී ඇති බවද වරාය අධිකාරිය පෙන්වා දෙයි.

    කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම නිසා වරායට සංක්‍රමණය වන නැව්වලට මැදපෙරදිග, දකුණු ආසියාවට සහ නැගෙනහිර ආසියාව වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.

    දකුණු අප්‍රිකාව පසුකර යන නැව්වලට පළමුවෙන් හමුවන වරාය කොළඹ වරාය වීමද තදබදය තවත් වැඩිවීමට හේතුවී ඇත.

    ඊළඟට හමුවන සිංගප්පූරුව වරාය දුර බැවින් කොළඹ වරායට නැව් කඩිනමින් ළඟාවිය හැකි බවද වරාය අධිකාරිය පෙන්වා දෙයි.

    කොළඹ වරායේ පවතින තදබදය නිසා අඩි 20 හා අඩි 40 කන්ටේනර මෙහෙයුම් 2023 වර්ෂයේ මිලියන 6.9 ක් සිදුකර තිබේ.

    දැනට පවතින තත්ත්වය හේතුවෙන් මෙම වර්ෂයේ එම ප්‍රමාණය ඉහළ යනු ඇතැයි අධිකාරියේ විශ්වාසයයි.

    තවද ඊශ්‍රායලයේ සිට අරාබි රටවලට ගමන් කරන නෞකාද එම රටවල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම නැව්ද කොළඹ වරායට පැමිණ ප්‍රතිනැව්ගත කිරීම් සිදුකරනු ලබයි.

    හූති කැරළිකරුවන්ගේ ප්‍රහාර නිසා ශ්‍රී ලංකාවෙන් යුරෝපා රටවලට භාණ්ඩ අපනයනය කරන අපනයනකරුවන්ටද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

    ඊට හේතු වී ඇත්තේ රතු මුහුද හරහා ගමන් කිරීමට නොහැකි වීම නිසා වෙනත් මාර්ගවලින් ගමන් කිරීමේදී අය කරන නැව් ගාස්තු ඉහළ යාම බවද වරාය අධිකාරිය පවසයි.

    – අරුණ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    thank u biden.

    giphy.gif
     
    • Haha
    • Like
    Reactions: NuwanCK and NPC

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    පොනිලා මොන මගුලකටද එහ්නං උන් එක්ක ගේමට ගියේ :frown:
     
    • Haha
    Reactions: shenat

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    How about Hambanthota Port?
    මෙයින්ද මාත්තයගෙ වරාය දැන් චීන්නු අතේ තියෙන්නෙ hambanthota international port group නෙ දැන් සම්ලි ටික චීනෙට යන්නෙ
    ඒක ඉතිම් වාහන ප්‍රතිඅපනයනය කරම්න හදලා තියෙන්නෙ කොන්ටේනර් බෑ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    uNx2zhb.png

    ප්‍රභාකරන්ගෙන් කරුණා කැඩුවා වගේ
    ලොක්කා මොනවහරි ගේමක්වත් දීලද..?
    වජිර උන්නැහැ කියනවා වගේ ලොක්කගෙ පුණ්‍ය මහිමයද..?
     
    • Haha
    Reactions: HAneo

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    ඇයි බන් ගාල්ල මාතර වගේ වරායක් හදන්න බැරි ? එතනින්නෙ නැව් හරවලා චීනෙට රුසියාවට ඕස්ටේලියාවට නැව් යන්නෙ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    ඇයි බන් ගාල්ල මාතර වගේ වරායක් හදන්න බැරි ? එතනින්නෙ නැව් හරවලා චීනෙට රුසියාවට ඕස්ටේලියාවට නැව් යන්නෙ.
    එකක් හදලා වික්කා මදිද
    කොලඹ එකේ කෑලි කීයක් විකුනලා තියෙනවද 😛
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    හුතිලාට ගහන්න යවපු නැව් ටික ආපහු ගෙන්වා ගන්න විදියක් බලමු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

    වරායේ පර්යන්ත තුනේ නැව් ගත කිරීමේ කවුළු වැඩි වශයෙන් නැව්ගත කිරීමේ මාර්ග ඉල්ලා ඇති අතර ඉන්දියාවෙන් ප්‍රති නැව්ගත කිරීමේ පරිමාවද වැඩිවී ඇති බවද වරාය අධිකාරිය පෙන්වා දෙයි.

    කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම නිසා වරායට සංක්‍රමණය වන නැව්වලට මැදපෙරදිග, දකුණු ආසියාවට සහ නැගෙනහිර ආසියාව වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.

    දකුණු අප්‍රිකාව පසුකර යන නැව්වලට පළමුවෙන් හමුවන වරාය කොළඹ වරාය වීමද තදබදය තවත් වැඩිවීමට හේතුවී ඇත.

    ඊළඟට හමුවන සිංගප්පූරුව වරාය දුර බැවින් කොළඹ වරායට නැව් කඩිනමින් ළඟාවිය හැකි බවද වරාය අධිකාරිය පෙන්වා දෙයි.

    කොළඹ වරායේ පවතින තදබදය නිසා අඩි 20 හා අඩි 40 කන්ටේනර මෙහෙයුම් 2023 වර්ෂයේ මිලියන 6.9 ක් සිදුකර තිබේ.

    දැනට පවතින තත්ත්වය හේතුවෙන් මෙම වර්ෂයේ එම ප්‍රමාණය ඉහළ යනු ඇතැයි අධිකාරියේ විශ්වාසයයි.

    තවද ඊශ්‍රායලයේ සිට අරාබි රටවලට ගමන් කරන නෞකාද එම රටවල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම නැව්ද කොළඹ වරායට පැමිණ ප්‍රතිනැව්ගත කිරීම් සිදුකරනු ලබයි.

    හූති කැරළිකරුවන්ගේ ප්‍රහාර නිසා ශ්‍රී ලංකාවෙන් යුරෝපා රටවලට භාණ්ඩ අපනයනය කරන අපනයනකරුවන්ටද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

    ඊට හේතු වී ඇත්තේ රතු මුහුද හරහා ගමන් කිරීමට නොහැකි වීම නිසා වෙනත් මාර්ගවලින් ගමන් කිරීමේදී අය කරන නැව් ගාස්තු ඉහළ යාම බවද වරාය අධිකාරිය පවසයි.

    – අරුණ

    Jeppo be like "Strike ekak karanna honda kaalayak wage" :yes: :yes:
     
    • Haha
    Reactions: 2osama

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඇයි බන් ගාල්ල මාතර වගේ වරායක් හදන්න බැරි ? එතනින්නෙ නැව් හරවලා චීනෙට රුසියාවට ඕස්ටේලියාවට නැව් යන්නෙ.
    යකෝ මේ රටේ ලක්ෂ 60 කට කන්න බොන්න නැ කියල මතක නැද්ද?
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Candid-B

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    ඇයි බන් ගාල්ල මාතර වගේ වරායක් හදන්න බැරි ? එතනින්නෙ නැව් හරවලා චීනෙට රුසියාවට ඕස්ටේලියාවට නැව් යන්නෙ.
    වරායක් හදද්දී ඒකට තියන පහසුකම් බලන්නත් ඕන. කන්ටේනර් ගෙනියන්න, හරවන්න පුළුවන් පාරවල්, ගැන්ට්‍රි ක්රේන්, ලොකු ගබඩා, සහ තවත් ගොඩක් දේවල් දෙන්න ඕන. මුහුද හාරලා දැම්මට මදි. දැනට ජනාකීර්ණ නගර වල වරායක් හදන්න අමාරු ඒකයි .