ශිඩ්ඩාලේප ගාගනින්හැම තැනම මෝඩයෙක් වගේ දේශපාලනය ගාවා ගෙන කියවන්න එපා බන් අපිරියයි
matath me 4to eka mathak una.doctor and patient share a moment
![]()


ඇයි බං හැම වෙලේම දුක දිහාම බලන්නෙ? ඇත්ත කියන්නෙ දුකද?Instagram ලෝකෙන් reality එකට එන්න ඕනි නම් ලංකාවේ රජයේ රෝහලක පිළිකා වාට්ටුවක, ශල්‍ය වාට්ටුවක ලෙඩෙක් බලාගන්න පැය 24ක් දවස් දෙක තුනක් ළඟ නැවතිලා එන්න ඕනි. හිතන්න තේරුම්ගන්න ගොඩක් දේවල් ලැබෙනවා
ඇයි බං හැම වෙලේම දුක දිහාම බලන්නෙ? ඇත්ත කියන්නෙ දුකද?
මේක සෑහෙන්න බොන්න වෙන ප්රස්නයක්ඇයි බං හැම වෙලේම දුක දිහාම බලන්නෙ? ඇත්ත කියන්නෙ දුකද?
No wordඅවුරුදු දහයකට වගේ කලින් මම කැන්සර් හොස්පිටල් එකේ හිටපු ලෙඩෙක්ට කැඳ අරන් ගියා සතියක් විතර තිස්සෙ. ඒ ලෙඩාට අල්ලපු ඇඳේ හිටියෙ පොඩි එකෙක්. එකෙක් නෙමෙයි එකියක්. මෙයාගෙ කොණ්ඩෙ තිබුනෙ නෑ. බෙහෙත් වලට ගිහිල්ල. කතා පෙට්ටියක්. හැබැයි අමාරුවෙන් තමයි කතා කරන්නෙ. ඉතින් මාත් එක්කත් කතා කරනව. මෙයා ළඟ A4 ෂීට් මිටියක් තිබුන. එකම දේ තමයි හැම එකකම ඇඳල තියෙන්නෙ. ඉර පායන හැටි තමයි හැම එකකම. මටත් ඉතින් කට තියන් ඉන්න බැරි නිසා ඇහුව ඇයි ඔයා එකම දේ අඳින්නෙ කියල. එයාගෙ බෙහෙත් පටන් ගත්ත දවසෙ ඉඳල හැම දවසකම ඉර පායන හැටි ජනේලෙන් බලල අඳිනවලු. කෙල්ලගෙ එකම බලාපොරොත්තුව ඊළඟ දවසෙ ඉර පායන එක බලන එකලු. එයාට ෂුවර් නෑලු ඒක බලන්න පණ පිටින් ඉඳියිද කියල.
අපි ජීවිතේ ලොකු දේවල් පස්සෙ දුවනකොට පොඩි පොඩි ලස්සන දේවල් මග ඇරෙන්න පුලුවන්. මම ඊට පස්සෙ පුලුවන් දවසට බලනව ඉර පායන හැටි.

ඉතින් අපිත් එහෙම තමා, ලෙඩ වාට්ටු, ටැක්ස්, සිස්ටම් චේන්ග් ගැනැම හිත හිත ඉන්නෙ නැතුව ජීවත් වෙනවා. දේශපාලනෙයි, ආගම ධර්මෙයි වැඩි උනාම අනවශ්ය ප්‍රශ්ණ.මේක සෑහෙන්න බොන්න වෙන ප්රස්නයක්තවම මාත් උත්තර හොයනවා.
පිළිකා වාට්ටු ශල්‍ය වාට්ටුවල ලෙඩ්ඩු ගැන එයාලට උදව්වට ඉන්න එක ගැන කිව්වෙ සාමාන්‍ය ජීවිතේ අපි දුක වහලා සතුට විතරක් උලුප්පලා පෙන්නලා ඒක පස්සේ දිව්වාට ඇත්ත ලෝකෙ ඔය දෙකම අත්විඳින්න වෙනවා, දුක සතුට කියන්නෙ feeling එකක් විතරයි කියලා තේරුම්ගන්න ලේසි තැනක් හින්දා.
කාලෙකට කලින් මට පිළිකා වගේ රෝග පෙනුනෙ දරුණු ඒත් uncommon දෙයක් කියලා. අපි කෑම බීම වලින් පරිස්සම් වෙනවා නම් එහෙම ලෙඩ වලින් බේරිලා ඉන්න පුලුවන් වගේ විශ්වාසයක් හිතේ තිබුණා. ඒත් ගොඩක් කිට්ටු කෙනෙක්ට නොහිතපු විදියට පිළිකාවක් වැළඳිලා ඔය වාට්ටුවක නැවැත්තුවට පස්සෙ මාත් උදව්වට වාට්ටුවේ නිතර නැවතුණා. මිනිස්සු විඳවනවා ගොඩක් දැක්කා, මිනිස්සු මැරෙණවා දැක්කා, සමහර ලෙඩ්ඩු ගොඩක් පොඩි දේවල් වලින් සතුටු වෙනවා දැක්කා, තව සමහරු කේන්තියෙන්. ගෙවල්වලින් එන මිනිස්සු ගොඩක් දුකින්. ගොඩක් nurse ලා doctors ලා minor staff අයගෙ මහන්සිය දැක්කා. එන්න එන්න වාට්ටුවල ඉඩ නැති වෙන්න ලෙඩ්ඩු වැඩිවෙනවා, clinic files ගොඩගැහෙනවා දැක්කා. sugary වලින් පස්සේ ඇවිත් තමන්ගෙ ජීවිතේ බේරුවාට doctor ට වැඳලා යන මිනිස්සු දැක්කා.
ඔහොම ඉන්නකොට තේරුන දේ තමයි ඔය ලෙඩ අනතුරු ඕනි එකක් අපිට කොයි මොහොතක හරි වෙන්න පුලුවන් ලෙඩක් නොහැදි අනතුරක් නොවි ඉන්න ලැබෙන එක අහඹු දෙයක් (පින් පව් කර්මය අමතක කරොත්) විතරයි කියලා. දවසක මටත් ඔහොම වුණොත් එදාට "අනේ ඇයි මටම මෙහෙම වුණේ" කියලා දුක් නොවී ලෙඩ කියන්නෙත් සාමාන්‍ය දෙයක් කියලා තේරුම් ගන්න පුලුවන් මට්ටමකට ඇවිත් තියෙනවා. තමන්ට නොලැබුණ දෙයක් ගැන නැතිවුණ දෙයක් ගැන ගොඩක් දුක් නොවී ඉන්නත් තමන්ට දැන් තියෙන දේවල් ගැන ගොඩක් ඇලිලා අතැරගන්න බැරිවෙන්නෙත් නැතුව ඉන්න පුලුවන් මට්ටමට හිත වෙනස් වෙලා
Five star hotels yanna salli thiyenava. Tours yannath salli thiyenava. Lankave citizen kenekuth nemeiෆයිව්ස්ටාර් හොටෙල් වලට යන්න සල්ලි නෑ, පිටරට ටුවර් යන්න සල්ලි නෑ. ඉතින් ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ දිහා බලලා හිත හදාගන්නවා. ලන්කාවෙ එවුන්ගෙ දියුනුවක් නැත්තෙ ඔන්න ඔය හිගන මානසිකත්වෙ නිසා. තමන්ව හැමවෙලේම තමන්ට වඩා පාතින් ඉන්න එකෙක් එක්ක කම්පෙයා කරලා හිත හදාගන්නවා