හෙට මෙහෙම වෙන්නේ උබටද ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හෙට මෙහෙම වෙන්නේ උබටද ?


    ‘සීඅයිඩිය හොඳටම ගහලා කොලේකට අත්සන් ගත්තා‘ මට කවුරුත් කොණ්ඩයා කියන්නේ නෑ‘


    2015 ඔක්තෝබර් මස 23 21:25:18 | . , ඉන්දිකා රාමනායක, ඡායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා

    මම සේයා ඝාතනය කළ බවට කිසිදු පාපොච්චාරණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්නේ නැහැ. ඔවුන් සියලූ දේ ලියා මගෙන් බලෙන් අත්සන් ගත්තා. මට පහර දුන්නා.‘ යැයි සේයා ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිට පසුව නිදහස් කළ දුනේෂ් ප්‍රිශාන්ත අද (23) පැවසීය.
    තමා වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් තමන් නිර්දෝෂි බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමට නොහැකි වු බවත් තමන්ගේ නිර්දෝෂි බව බන්ධනාගාරයේ දී බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනකුට පැවසු බවද දුනේෂ් පි්‍රයශාන්ත පැවසීය.
    ඔහු මේ බව පැවසුවේ අයිතිවාසියම් සදහා නීතිඥයෝ එකමුතුව සහ තවත් සංවිධාන කිහිපයක් එක්ව අද මරදාන සමාජ හා සමාහික කෙන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ය.
    තමන් කිසි දිනක සේයා දැරිය දැක නොමැති බවද තමන් අත්අඩංගුවට ගත්තේ සේයාගේ ඝාතනය වෙනුවෙන් කියා දැන නොසිටි බව ද එය දැනගත්තේ අත්අඩංගුවට ගෙන සී අයි ඩි යට ගෙන ගොස් පහර දෙන අවස්ථාවේ දී බවද ප්‍රියශාන්ත කීවේය.
    ‘මම අමු මාළු කනවා කියන කතාව බොරු. බොහෝදෙනා මට බොරු චෝදනා කරන්නේ. මම එහෙම දේවල් කර නැහැ. මට කතා කරන්නේ දුනේෂ් නැතිනම් පොඩී කියලා.. පොලිසියෙන්වත් මට කොණ්ඩයා කියා කතා කළේ නැහැ. කොණ්ඩයා කියන එක මාධයෙන් මට දාපු හදපු නමක් විතරයි.
    මම කියන්නේ මම නිවැරදියි. මා දිහා වැරදි විදිහට බලන්න එපා. මට කටුගස්තොට පැත්තේ පෙම්වතියක් හිටියා. මේ සිද්ධියෙන් පස්සේ එයත් නැතිව ගියා.

    RDS_3076.jpg


    ලංකාවේ පොලිස්සි මාද්‍ය මේ මොනවද කරන්නේ බන් ? :oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :rolleyes: අනේ මන්දා බං..... පොලිසිය කරන්නේ හාවා අල්ලගෙන...... ඌට උඹ තමා කොටියා කියලා කියවන්න සලස්වනවා.... :dull:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    baye ba ban.. apitath me wage hamanila giyoth ehema.. police inna haththa mara kalakanni ban.. mama nam shape eke inne okun ekka.. un karapu magodi wada kiyanawa apith ekka.. owa unta saamanya dewal.. kawruwath ahu une nathnam kagehari tharahakaarayek ehema maatu karala case eka close karanna lu balanne..
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පොලිසිය උන්ගෙ වැඩේ කරා කියල පෙන්නන්න හදන එක තමයි මෙතන වෙන්නෙ. මොකෙක් හරි පොඩි වැරද්දක් කරපු එකෙක් අල්ලගෙන ඌව නැති කරනව ප්‍රසිද්ධ අපරාධයක් සිද්ධ උන ගමන්.:no:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් එතින් ඕක හැමෝටම වෙන්න් පුළුවන් මොකක් හරි බලපුලුවන් කාරයෙක්ට ඇරෙන්න. සරුවා සුනිලා බනපන්කෝ 100 දුෂණය කරලා ආතල් එකේ ඉන්නේ. හොද වෙලාවට උ අමු මලු කන්නෙත් නැහැ. කොන්දෙත් වවලා නැහැ. ඉන්නේ උ ආතල් එකේ. ලංකාවේ නිතිය පොලිසිය කියන දෙය බලපවත්වන්නේ පොඩි මිනිසුන්ට විතරයි. එක මේ පාලකයන්ගේ අබිමතය. වෙන් කිසි එකක් නෙමයි. එහෙම තියාගෙනත් උන්ටම චන්දේ දීලා උන්වම පත් කරගන්නවා කියන්නේ මිනිසුන්ගේ කාලකන්නි කම. සජින් වාස, සම්පත් විදාන පතිරණ උන් ඉන්නේ ආතල් එකේ

    ඔය මිනිසුන්ට ගහලා වැරැද්ද බාරගනින් කියන කතන්දර ගොඩක් ඉස්මතු උනේ. මහින්ද රාජපක්ෂගේ කාලේ තමයි. කටුගෙදර කන්ගැට්ටා, කැටයම් චින්තක, කොටකෙතන කොච්චර මිනිසුන්ට එහෙම උනාද ?? සමහරවිට කොන්ඩයා උනත් මහින්දට හුරේ දාපු කෙනෙක් වෙන්න ඇති. කැටයම් චින්තකලා මරනකොට , කොන්දයත් කියන්න ඇති ඕකුන්ට හොද වැඩේ කියලා. එක කොණ්ඩයට තේරුනේ එයාට ඒ ප්‍රශනය ආවට පස්සේ

    ඔයවගේ තමයි බන් හැමෝටම කොන්ඩයා එල්ලන කියපු උන්ටත් එහෙමයි
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක තමයි කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ කියලා කෑගහන අයටයි,මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා කෑගහන අයටයි මේ රටේ පවතින නීති පද්ධතියට අනුව ඒවා තවම ක්‍රියාත්මක කරන්න සුදුසු පරිසරයක් නෑ කියලා..මේ රටේ ඕනේ අපරාධයක් කරලා ගැලවෙන්න පුලුවන් සල්ලි තියෙන බලපුළුවන්කාරයින්ට..නීතියට උඩින් ඉන්නේ එයාලා..පොඩි මනුස්සයට විතරමයි අසාධාරණයක් වෙන්නේ..:(