හෙට 15 උදේ ඉදල Bus Strike ද
ඔක්කොම බස් සංගම් වර්ජනය කරනවලු නේද රට පුරාම
අද (14) මධ්‍යම රාති‍්‍රයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය ස්ථිර වශයෙන්ම සිදු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ මධ්‍යම රාති‍්‍ර 12.00 ට සියලු පෞද්ගලික බස් සංගම් මෙම වර්ජනයට එක්වන බවයි.
අද දහවල් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
රථ වාහන අවම දඩය රුපියල් 2500 දක්වා ඉහළ දැමීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය කි‍්‍රයාත්මක කෙරෙනවා.
මේ අතර සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමය සහ සමස්ත ලංකා ති‍්‍රරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයද මෙම වර්ජනයට විවිධ අයුරින් සහාය ලබාදීමට එකඟ වී තිබෙනවා.