හෙට 29ලු!-(The Leap day) – February 29–

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    පෘතුවියට හිරු වටා ගමන් කරන්නට යන කාලය දින 365 ක් නැතිනම් අවුරුද්දක් ලෙස අප හැදින්වුවත් ඒ සඳහා හරියටම දින 365.2422 ගත වෙන බව පැවසෙනවා.. :P


    ඒ කාලය මනින් අද අප භාවිතා කරන්නේ 1582 අටවැනි ග්‍රෙගරි පාප් වහන්සේ හදුන්වා දුන් ජෝර්ජියානු දින දර්ශණයයි.:D
    එහිදී පෙබරවාරි 29 (Leap Day )ලෙස දිනක් අවුරුදු 4 වරක් පැමි‍නේ.. :rofl:

    ඒක අධික අවුරුද්දක්...ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ..!
    ඒ වුනාට දන්නවද?? :rolleyes:


    leap-day-year-0228.jpg

    අධික අවුරුද්දේ ආරම්භය සිද්ධවෙන්නේ ක්‍රි.පු.45 දීයී..:oo:
    ඒ මීට අවුරුදු 2000 විතර පෙර ජුලියස් සීසර් ගේ පාලන සමයේයි. එකල දින 355 වෙච්ච අවුරුද්දක් තමා පාවිච්චි කලේ..:baffled:
    හැබැයි අඩුපාඩු වන දින ගණන නැවත ලබා ගන්න සෑම අවුරුදු 2 කට වරක් දින 22-23 ක් තිබුන අලුත් මාසයක් එකතු වුන එකල තිබු රෝම කැලන්ඩරය වෙනසක් කරන්නට අණ කල ජුලියස් සීසර් ඒ සඳහා ඔහුගේ තාරකා විද්‍යාඥයකු වු Sosigenes පත්කලා.. :yes:

    එසේ වෙනසක් කරමින් ඔහු අවුරුද්දකට දින 365 ක් සහිත වු
    ජුලියන් කැලැන්ඩරය හදුන්වා දුන් අතර සෑම අවුරුදු 4 කට වරක් පැමි‍නෙන අවුරුද්දේ ඉතිරි වන කාලය වෙනුවෙන් දිනයක් වැඩි කර 366 ක් ගනන් කිරීම සිදු කල යුතු බවයි. :D
    අතීතය එසේ වෙද්දී මේ දිනය හා බැදිච්ච එක එක සිද්ධිත් තියෙනවා... :dull:
    සමහර රටවල් පෙබරවාරි 29 වැනිදා කාන්තාවන් විසින් තමන් කැමති පුර්ෂයන්ට තම ආදරය ප්‍රකාශ කරන්නට හැකි දිනය ලෙස සලකනවා..:love::love:

    එහි ඇරඹුම වී ඇත්තේ 5 වැනි සියවසේදී අයර්ලන්ත කතාවකට අනුව ශාන්ත පැට්‍රික් වෙත ශාන්ත බ්‍රිජට් යන අය විසින් කරන ලද පැමිණිල්ලකට විසදුමක් ලෙස ඔහු විසින් පෙබරවාරි 29 දින පවරා දුන් බවයි. :D

    ඩෙන්මාර්කයේ එම දිනය පෙබරවාරි 29 වෙනුවට 24 යොදා ගනී.
    ස්කොට්ලන්තයේ පෙබරවාරි 29 උපත් අවසානාවන්ත බව සලකන අතරම ග්‍රීසියේ අධීක අවුරුද්දක විවාහ වීම එම දෙපලට අවාසනාව ගෙනෙන බව සලකයි. :yes:
    St Oswald’s Day ලෙසත් පෙබරවාරි 29 වැනිදා හදුන්වන්නේ යෝක් හි ශාන්ත Oswald බිෂොප්වරයා මියගියේ 992 පෙබරවාරි 29 වැනිදා වීම හේතුවෙනි. ඔහුව එම මස 28 වැනිදා මෙන්ම 29 වැනිදාත් සමරනු ලබයි.:yes:

    පෙබරවාරි 29 දින උපත ලද දරුවන්ව Leapers නැතිනම් leaplings ලෙස හදුන්වන අතර එවැනි දරු උපතක් වීමේ සමභාවිතාවය

    1461 ක‍ට එකකි. (1/1461) :P

    දින 30 31 තියෙන මාස තියෙද්දී පෙබරවාරියට විතරක් දින 28 ක් වෙන්නත් හේතුවක් ‍තියෙනවා.. :P

    ඒ ජුලියස් සීසර් විසින් තම නම වෙනුවෙන් ඇති ජුලි මාසයට දින 31 කර ගෙන තිබීම නිසා ඉන්පසු පාලනයට පැමිනි ඔගස්ටස් සීසර් තමන්ගේ නම ‍වෙනුවෙන් ඇති අගෝස්තු මාසයේ දින 29 ගණනත් ඊට සමාන කර ගැනීමට පෙබරවාරියෙන් දින දෙකක් අඩු කර අගෝස්තු මාසයට එකතු කර ගන්නා ලදි.:baffled::baffled:
    ජුලියස් සීසර්ගේ කාලයේ දින 30 ක් පෙබරවාරියට අයත්ව තිබුනි.:D

    සෑම අවුරුදු 4 වරක්ම අධීක අවුරුද්දක් පැමිණෙන්නෙත් නැත.:angry:
    මක් නිසාද අවුරුදු 4 වරක් යෙදෙන අවුරුද්ද 400 න් කිසිවක් ඉතිරි නොවන පරිදි බෙදෙනවානම් පමණක් එම අවුරුද්ද අධීක අවුරුද්දක් වේ. එය ජෝර්ජියානු දින දර්ශණයේ නිතියක් ලෙස ක්‍රියාත්මක වේ. එම නිසාම වසර 1700, 1800,1900 අධික අවුරුද්දක් නොවුන අතර 2100 ත් අධික අවුරුද්දක් නොවනු ඇත. :oo:

    ඒ වුනත් වසර 1600 හා වසර 2000 නම් අධීක අවුරුදු විය.:D

    අද පෙබරවාරි 28 නේ....;)
    මේ අවුරුද්දෙ නැති ආපහු 2016 එන පෙබරවාරී 29 ගැන උදේම මතක් වුන හින්දා හිතුවා‍ මොකක්ද ඒ සිද්ධිය ඇයි එහේම වුනේ කියලා ගුගල් දෙයියගෙන් හොයලා බලන්න.. :yes:

    උඩ තිබුනේ හොයා ගත්ත ටික.කියවලා බැලුවනම් අදහසක් දාලම යමුද? :D



     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අවුරුදු 4කට සැරයක් 29 ලබනවා කියලා දැනගෙන හිටියට මෙච්චර දෙයක් දන්නෙ අද නෙ:oo:
    හැමදාමත් වගේම සුපිරි ත්‍රෙඩ් එකක්:cool:

    7+ජයවේවා
    11.gif
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අවුරුදු 4කට සැරයක් 29 ලබනවා කියලා දැනගෙන හිටියට මෙච්චර දෙයක් දන්නෙ අද නෙ:oo:
    හැමදාමත් වගේම සුපිරි ත්‍රෙඩ් එකක්:cool:

    7+ජයවේවා
    11.gif

    11.gif