හෙතුවක් නෑතුව පලයක් ලබෙන්නේ නෑහ

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය කියන්නෙ බුදුදහමේ තියෙන මූලිකම දෙයක්.
    බුදු දහමේ හැටියට මේ විශ්වයේ තියෙන එක් දෙයක් හැර අනිත් සියලුම දේ හේතු ප්‍රත්‍ය ඇසුරින් හට ගන්නෙ. (හේතු ප්‍රත්‍ය ඇසුරින් හට නොගන්නා දෙය තමයි නිර්වාණය. ඒ ගැන මේ ලිපිය අන්තිමට වෙනම පොඩි විස්තරයක් අඩංගුයි).
    මෙතනදී හැම දෙයටම ප්‍රධාන හේතුවක් සහ අතුරු හේතු තියෙනවා. උදාහරණයක් විදිහට අඹ ඇටයක් පැල වීමේදී ප්‍රධාන හේතුව අඹ ඇටය කියල ගන්න පුලුවන්. අතුරු හේතු විදිහට ඒකට අවශ්‍ය හිරු එළිය, පොහොර වගේ අනිත් හේතූන් ගන්න පුලුවනි. මේ අතුරු හේතු ඉවත් වුණත් ප්‍රධාන හේතුව ඉවත් නොවන තාක් කල් ඒ දෙය සිදුවීමේ/හටගැනීමේ හැකියාවක් තිබෙනවා. උදාහරණයක් විදිහට අඳුරු තැනක තිබ්බොත් සරුසාරව නොවුණත් අඹ ගසක් හැදෙන්න පුලුවනි. නමුත් යම් දෙයක් ඇති වීමේ ප්‍රධාන හේතු හොයා ඉවත් කළොත් ඒ දේ නැවත ඇති වෙන්නේ නෑ.
    බෞද්ධයන් වන අපගේ අරමුණ තමයි සසර දුක් නැති කිරීම හෙවත් නිර්වාණ අවබෝධය. ( නිර්වාණය කියන්නේ දිව්‍ය ලෝකය වගේ තැනක් නෙවෙයි ). සසර දුක් නැති කරන්නනම් ඒ දුක් වලට හේතු අපි තේරුම් ගන්න ඕනෙ. දුක් වලට හේතු තේරුම් අරන් ඒ හේතු නැති කිරීමෙන් තමයි සසර දුකින් මිදෙන්න පුලුවන්.
    දුක් කියන්නේ මොනවද කියල බුදු හාමුදුරුවො විස්තර කරන්නෙ මෙහෙමයි. ඉපදීම, වයසට යාම (ජරාවට පත් වීම ) , ලෙඩ වීම, මරණය, කැමති පුද්ගලයන් හා කැමති වස්තූන්ගෙන් වෙන්වීම, අකමැති පුද්ගලයන් හා වස්තූන් සමඟ එක් වීම, කැමති දේ නොලැබීම. ඔන්න ඔය කාරණා තමයි දුක් හැටියට දක්වල තියෙන්නෙ. අපි අපේ ජීවිත අත්දැකීම් එක්ක බැලුවොත් අපිට විඳින්න වෙච්ච සහ ඉස්සරහට විඳින්න වෙන හැම දුකක්ම ඔය කරුණු වලින් එකකට අයිතියි. තමන්ගෙ ජීවිතේ දුකක්, වේදනාවක්, තරහක්, අප්‍රසන්න බවක්, අසරණ බවක් දැනිච්ච වෙලාවල් ගැන හිතල බලන්න. ඒ හැම වෙලාවක්ම මේ කාරණා වලින් එකක්.
    ඔය දුක් සහිත දේවල් අපි හැම දෙනාටම දකින්න, විඳින්න සිද්ධ වෙන නිසා ඒවා දුක් කියල තේරුම් ගැනීමේ ගැනීම පහසුයි. ඊලඟට අපි බලමු මේ දුක් වලට හේතුව. දුක් වලට ප්‍රධාන හේතුව තමා ඉපදීම. ඉපදීමක් සිද්ධ වුණේ නැත්තන් ඔය දුක් සහිත දේවල් වලට මුහුණපාන්න වෙන්නෙ නෑ. ඊලඟට තවත් අඩියක් යටට ගිහින් බලනවා ඉපදීමට හේතුව මොකක්ද කියලා. ඔහොම ඔහොම ගැඹුරට හේතු සහ ඒ හේතු වල ඵල විස්තර කර දක්වන ධර්මය තමයි හේතු- ඵල දහම කියන්නෙ.
    හේතු ඵල දහම තේරුම් ගන්න ගොඩක් අමාරු එකක් (මේක හරියටම තේරුම් ගත්ත කෙනා නිර්වාණය අවබෝධ කර ගන්නවා). හේතු ඵල දහම විස්තර වෙන සූත්‍ර සිය ගණනක් තිබෙනවා, එක් එක් පුද්ගලයන්ගේ තේරුම් ගැනීමේ හැකියාවන් අනුව එක් එක් අවස්ථා වල දේශනා කරපුවා. සමහර තැන් වල අර මම උඩදි කිවුවා වගේ මතු පිටින් අපිට පෙනෙන ඉපදීම, වයසට යාම, ලෙඩ වීම වගේ දුක් සහිත දේවල් වලින් පටන් අරගෙන ගැඹුරට විස්තර කරනවා. තවත් තැන්වල ගැඹුරින් පටන් අරන් මතුපිට දක්වා විස්තර කරනවා. තවත් සමහර තැන් වල මැදින් පටන් අරන් දෙපැත්තට විස්තර කරගෙන යනවා.
    හේතු පල දහම විස්තර කරන එක ආකාරයක් තමයි මේ. අවිද්‍යාව මුල් කරගෙන හේතුඵල දහම විස්තර කරන මේ ක්‍රමය අනුලෝම පටිච්ච සමුප්පාදය කියාත් හැඳින්වෙනවා.
    අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව නිසා සංස්කාර හට ගනී.
    සංඛාර පච්චයා විඤ්ඤාණං - සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ.
    විඤ්ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය නිසා නාම රූප හටගනී.
    නාම රූප පච්චයා සලායතන - නාම රූප නිසා ආයතන හය හට ගනී.
    සලායතන පච්චයා ඵස්ස - ආයතන හය නිසා ස්පර්ශය හට ගනී.
    ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය නිසා විඳීම හට ගනී.
    වේදනා පච්චයා තණ්හා - විඳීම නිසා තණ්හාව හට ගනී.
    තණ්හා පච්චයා උපාදාන -තණ්හාව නිසා උපාදාන (බැඳීම) හට ගනී.
    උපාදාන පච්චයා භවෝ - බැඳීම නිසා භවය හට ගනී.
    භව පච්චයා ජාතී - භවය නිසා ඉපදීම ඇතිවේ.
    ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සං - ඉපදීම නිසා ජරාව, මරණය සෝක වැළපීම් දුක් දොම්නස් සෝ සුසුම් ඇති වන බව පටිච්චසමුප්පාද ධර්මතාවයයි.
    🔺
    අවිද්‍යාව - අවිද්‍යාව කියන්නේ නොදැනීම . දුක, දුකට හේතුව , දුක නැතිකිරීම, දුක නැති කිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය නොදැනීමටයි අවිද්‍යාව කියන්නේ
    🔺
    සංඛාරා - සංඛාර කියන වචනයට විවිධ තේරුම් තියෙනවා. මෙතන සංඛාර කියන වචනයේ තේරුම චේතනා කියන එක. අවිද්‍යාව නිසා ඇතිවන කුශල හා අකුශල චේතනා මුල් කර ගත් කර්මයන් සංස්කාර ලෙස හැඳින්වෙනවා.
    🔺
    විඤ්ඤාණ - විඤ්ඤාණ කියන්නේ දැනීම. ඇස, කන, නාසය, දිව , ශරීරය මනස යන ඉන්ද්‍රියයන්ට දැනෙන දැනීම චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ. ආදී ලෙසින් හැඳින්වෙනවා. අපි පෙනීම , දැකීම, ගඳසුවඳ දැනීම යනාදී ලෙසින් හඳුන්වන්නේ මේ විඤ්ඤාණයන්.
    🔺
    නාම රූප - සියළුම සත්වයන් නාම රූප වල එකතුවක්. තවත් විදිහකින් කිවුවොත් සිතක සහ කයක එකතුවක්. බාහිරින් පෙන්නන්න පුලුවන්, ස්පර්ශ කරල බලන්න පුලුවන් කයට රූප කියල කියනවා. එහෙම පෙන්නන්න බැරි නම් කිරීම පමණක් කරන්න පුලුවන් කොටස් වලට නාම කොටස් කියල කියනවා. වේදනා, සඥා සංස්කාර, විඤ්ඤාන කියන කොටස් 4 තමයි නාම වශයෙන් හැඳින්වෙන්නේ. මේ කොටස් පහේ එකතුව හෙවත් රූප, වේදනා, සඥා, සංස්කාර, විඤ්ඤාණ යන පහ පංච උපාදානස්කන්ධ කියලත් හඳුන්වනවා. "සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා " කියල දුක්ඛ ආර්ය සත්‍යයේ කියවෙන්නෙත් මේ පංච උපාදානස්කන්ධයමයි. සැකෙවින්ම කිවුවොත් සත්ත්වයාම තමයි දුක.
    🔺
    සලායතන - නාම රූප නිසා හට ගන්නා ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යන ආයතන හය සලායතන නමින් හැඳින්වෙනවා.
    🔺
    ඵස්ස - ඵස්ස කියන්නේ ස්පර්ශය කියන එක . අපිට බාහිර පරිසරය, බාහිර සත්වයන් සමඟ ස්පර්ශය ලැබෙන්නේ කලින් කියපු ඇස, කන, නාසය, දිව , ශරීරය හා මනස කියන ආයතන හරහා.
    🔺
    වේදනා - වේදනා කියන්නේ විඳීම. විඳීම් වර්ග 3 යි සුඛ වේදනා, දුක්ඛ වේදනා සහ උපේක්ෂා වේදනා.
    🔺
    තණ්හා - සුඛ, දුක්ඛ හා උපේක්ෂා වේදනාවන් කෙරෙහි ඇතිවන තෘෂ්ණාව. සුඛ වේදනා විඳින විට ඒ ගැන තණ්හාවක් ඇති වෙනවා. දුක්ඛ වේදනා විඳින කොට ඒවා නොවිඳ සිටිමේ තණ්හාවක් ඇති වෙනවා. දුක්ඛ වේදනා විඳල යම් තරමක සැනසිල්ලක් ලැබෙන උපේක්ෂා වේදනාවක් ලැබුණොත් "තිබ්බ හැටියට මේකත් ඇති" කියන තණ්හාව ඇති වෙනවා.
    🔺
    උපාදාන - තදින් අල්ලා ගැනීම හෙවත් බැඳීම උපාදානය ලෙස හඳුන්වනවා. මුලින්ම තණ්හාවක් උපදින දෙයක් ගැන නැවත නැවත මෙනෙහි කිරීමෙන් එය තද බැඳීමක් බවට පත් වෙනවා.
    🔺
    භව - උපාදානය නිසා කර්මානුරූපව සකස් වන රූප භව, අරූප භව, කාම භව යනාදිය මෙයින් කියවෙනවා.
    🔺
    ජාති - කර්මානුරූප භවයක් සකස් වීම නිසා ඉපදීමක් සිදු වෙනවා.
    🔺
    ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සං - ඉපදීම නිසා ජරාව, මරණය සෝක වැළපීම් දුක් දොම්නස් සෝ සුසුම් ඇති වෙනවා.
    කෙනෙකුට ඇති වෙන්න පුලුවන් තව ප්‍රශ්නයක් තමයි අවිද්‍යාවට හේතුව මොකක්ද කියලා. හැබැයි ඇත්තටම මේවා එකක් අනෙක මත පවතින දේවල්. ඒ කියන්නෙ අවිද්‍යාව නිසා සංස්කාර පවතිනවා වගේම සංස්කාර නිසා අවිද්‍යාව පවතිනවා. ඒක උපමාවකින් පැහැදිළි කරනවනම් මෙහෙමයි. හිතන්න දර කෝටු මිටි 2ක් ඉංග්‍රීසි V අකුර අනිත් පැත්ත හරවල වගේ එකිනෙකට හේත්තු කරලා තියෙනවා. ඒ එක් එක් දර කෝටු මිටිය අනිත් දර කෝටු මිටියට හේත්තු වෙලා නිසයි කෙලින් තියෙන්නෙ. හේතුඵල දහමේ එක් එක් කොටස් අතර සම්බන්ධතාවයත් ඒ වගේ.
    තව කාරණයක් තමයි මේ එක් එක් දේ වලට එකම හේතුව මේ දක්වා තිබෙන ඒවා නොවන බව. මේ දක්වා තිබෙන්නේ ප්‍රධාන හේතු අතර සම්බන්ධතාවය පමණයි. ප්‍රධාන හේතු සහ අතුරු හේතු සියල්ලම දැක්වුවහොත් එකිනෙකට පැතලී ඇති තණකොළ මුල් ජාලයක් වගේ අපැහැදිලි වන නිසා තේරුම් ගැනීමේ පහසුවට මේ විදිහට දක්වා තිබෙනවා.
    🌺
    ත්‍රිලක්ෂණය
    සබ්බේ සංඛාරා අනිච්චා
    සබ්බේ සංඛාරා දුක්ඛා
    සබ්බේ ධම්මා අනත්තා
    මේ දැක්වෙන්නේ බුදුදහමේ මූලික සංකල්පයක් වන ත්‍රිලක්ෂණය. එනම් අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ස්වභාවය. සංස්කාර කියන වචනයට විවිධ තේරුම් තියෙනවා (ඉහළ හේතුඵල දහමේදී සංස්කාර කියන වචනය යෙදුනේ වෙනත් තේරුමකින්). මෙතනදී සංස්කාර ධර්ම ලෙස අදහස් වන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා සියළුම දේ. ඒ දේවල් වලට පොදු ලක්ෂණ තමයි,
    1. හට ගැනීමක් තිබීම
    2. වෙනස් වෙමින් පැවතීමක් තිබීම
    3. නැති වීමක් තිබීම
    සංස්කාර ධර්ම වල මේ ස්වභාවය හඳුන්වන්න උප්පාද, තිථි, භංග කියන වචන භාවිතා වෙනවා . එවැනි සංස්කාර ධර්ම සියල්ලම අනිත්‍ය සහ දුක් සහිත දේ ලෙස හඳුන්වනවා
    නිර්වාණය සංස්කාර ධර්මයක් නෙවෙයි. එහි හේතු ප්‍රත්‍ය වලින් හටගැනීමේ, පැවත්මේ හෝ නැති වීමේ ස්වභාවයක් නෑ. එම නිසා නිර්වාණයේ අනිත්‍ය සහ දුක්ඛ ලක්ෂණ නැහැ. නමුත් නිර්වාණයත් අනාත්මයි. එහිත් මමය මාගේය කියා ගත හැකි ස්වභාවයක් නෑ. ඒ නිසා සබ්බේ සංඛාරා අනිච්චා, දුක්ඛා කියා සියලු සංස්කාර ධර්ම වල අනිත්‍ය සහ දුක්ඛ ස්වභාවය කියනවා. අනාත්ම ලක්ෂණයට නිර්වාණයද ඇතුලත් කර සබ්බේ ධම්මා අනත්තා කියනවා.
    තෙරුවණ් සරණයි !!!
    ____________________________________
    මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.
    🌺
    බෞද්ධ භාවනා https://www.facebook.com/bauddhabhawana/

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    ඔපාපාතික උපතක් හේතුපල වාදයෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්න.
    ඌව අමාරුවෙ දාන ප්‍රශ්ණ අහන්න එපා බන්. :sorry:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දිවියලොකේ උපත , බ්‍රහ්මලොකේ උපත වගෙ තමයි. දෙවියන් pregnanat වෙල ඉන්නෙ නහනේ, බ්‍රහ්මයො pregnanat ඉන්නෙ නහ නේ. එ වගෙ තමයි
    ඔපාපාතික උපතක් හේතුපල වාදයෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    දිවියලොකේ උපත , බ්‍රහ්මලොකේ උපත වගෙ තමයි. දෙවියන් pregnanat වෙල ඉන්නෙ නහනේ, බ්‍රහ්මයො pregnanat ඉන්නෙ නහ නේ. එ වගෙ තමයි
    දැන් ඔය දිව්‍යලෝකේ කතා ටික කියන්නේ උබ නේ.
    මම ඇහුවේ උබේ දේව කතා බ්‍රහ්ම කතා පෙනන්න කියලා නෙවෙයි බන්. ඕවා වෙන හැටි උබ දැක්ක වගේ නේ කියන්නේ ඉබේ පහල වෙලා කියලා.
    මම ඇහුවේ ඕපපාතික උපතක් හේතුපල වාදයෙන් පැහැදිලි කරන්න කියලා .

    දෙයියෝ ප්‍රෙග්නන්ට් වෙන්නේ නැති උනාට දෙයියන්ට ළමයි ඉන්නව නේ. අම්මල තාත්තලත් ඉන්නව. 🥴
     
    • Haha
    Reactions: Aldren

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දැන් ඔය දිව්‍යලෝකේ කතා ටික කියන්නේ උබ නේ.
    මම ඇහුවේ උබේ දේව කතා බ්‍රහ්ම කතා පෙනන්න කියලා නෙවෙයි බන්. ඕවා වෙන හැටි උබ දැක්ක වගේ නේ කියන්නේ ඉබේ පහල වෙලා කියලා.
    මම ඇහුවේ ඕපපාතික උපතක් හේතුපල වාදයෙන් පැහැදිලි කරන්න කියලා .

    දෙයියෝ ප්‍රෙග්නන්ට් වෙන්නේ නැති උනාට දෙයියන්ට ළමයි ඉන්නව නේ. අම්මල තාත්තලත් ඉන්නව. 🥴
    ඕපපාතික උපතක් සදහා අවශ්ය කුසල් තියෙන්නේ ඔනි, එක තමයි හෙතුව. එක මරනසන්නයෙ දි මතු වෙන්න ඔනි. එතකොට ඕපපාතික උපත ට අවශ්ය හෙතු සකස් උන. කුසලය තියෙනවා, එක මරනාසනන්යේදි මතු උන. ඉතින් ඕපපාතික උපතක් ලබුනා. එ කියන්නෑ හෙතුවට අදාලව පලය ලෑබුන

    ------ Post added on May 2, 2024 at 9:08 AM

    ඕපපාතිකව උපන් අම්බපාලි මහරහත් තෙරණිය​

    ‘අම්බපාලි මහ රහත් තෙරණිය ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමට බොහෝ කලකට පෙර ලොව පහළ වූ එක්තරා බුදුරජාණන් වහන්සේ නමකගෙන් බණ අසා ඒ බුදු සසුනේ බොහෝ පින්දහම් සිදුකරගෙන ජීවත් වුණා. පසු කලක දී මරණයට පත් ඇය දෙව් ලොව උපන්නා.

    එතුමිය භික්ෂුණි ජීවිතයේ හොඳීන් සිල් රැක්කා. නැවත ජීවිතයක මවු කුසක ඉපදීම පිළිකුල් කළා. ඒ පිළිබඳ නිතර සිතුවා. ඕපපාතික උපතකට සිත යෙදුවා. ඒ භික්ෂුණිය මරණින් මතු දෙව්ලොව උපන්නා. අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ ඒ දෙව්දුව දෙව්ලොවින් චුතව නැවත මනුලොව ඉපදුණා. නමුත් ඇය මවුකුස පිළිකුල් කළ නිසා විශාලා මහනුවර රජුගේ උයනේ අඹ රුකක් මුල ඕපපාතික ව උපන්නා.
    ------ Post added on May 2, 2024 at 9:10 AM
     
    • Like
    Reactions: NRTG

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,912
    113
    126
    Hogwarts

    @imhotep is this true? Dont we need a sperm to conceive?
     
    • Like
    Reactions: imhotep

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    ඕපපාතික උපතක් සදහා අවශ්ය කුසල් තියෙන්නේ ඔනි, එක තමයි හෙතුව. එක මරනසන්නයෙ දි මතු වෙන්න ඔනි. එතකොට ඕපපාතික උපත ට අවශ්ය හෙතු සකස් උන. කුසලය තියෙනවා, එක මරනාසනන්යේදි මතු උන. ඉතින් ඕපපාතික උපතක් ලබුනා. එ කියන්නෑ හෙතුවට අදාලව පලය ලෑබුන

    ------ Post added on May 2, 2024 at 9:08 AM

    මුකුත් නැති තැනක කොහොම්ද එහෙම ඉබේ බෞතික දෙයක් පහල වෙන්නේ ??
    ඕක මැවුම් වාදය වගේ දෙයක් නේ එතකොට.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මන් කලිනුත් උම්බට කිවනේ, දර්මයේ basic ටිකක ඉගෙන ගනින් කියල. අභිදර්මය එහෙම ටිකක ඉගෙන ගත්ත නම් ඔය වගේ දෙවල් අහන්නේ නෑහ
    මුකුත් නැති තැනක කොහොම්ද එහෙම ඉබේ බෞතික දෙයක් පහල වෙන්නේ ??
    ඕක මැවුම් වාදය වගේ දෙයක් නේ එතකොට.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    මන් කලිනුත් උම්බට කිවනේ, දර්මයේ basic ටිකක ඉගෙන ගනින් කියල. අභිදර්මය එහෙම ටිකක ඉගෙන ගත්ත නම් ඔය වගේ දෙවල් අහන්නේ නෑහ
    මම ඒවා ඉගෙන ගෙන තියනව .. උබට උත්තර නෑ නේද ?

    උබට ලෝකේ ඉන්න බෞද්ධ නොවන උන්ට ඔපාපාතික ව භෞතක දෙයක් ඉබේ පහල වෙන හැටි පැහැදිලි කරන්න පුළුවන ද දන්නා ධර්මයක් දාල ?? එහෙම දේවල් ප්‍රයෝගිකව ඔප්පු කරන්න පුලුවන් ද උබට ?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උම්බ අහන ප්‍රස්න වලින් උම්බේ දන්න තරම මෙකෙ ඉන්න උන්ට තෙරෙනව. දෑන් මෙ thread එකෙම ප්‍රස්න කීයක් අහුවද?
    මම ඒවා ඉගෙන ගෙන තියනව .. උබට උත්තර නෑ නේද ?

    උබට ලෝකේ ඉන්න බෞද්ධ නොවන උන්ට ඔපාපාතික ව භෞතක දෙයක් ඉබේ පහල වෙන හැටි පැහැදිලි කරන්න පුළුවන ද දන්නා ධර්මයක් දාල ?? එහෙම දේවල් ප්‍රයෝගිකව ඔප්පු කරන්න පුලුවන් ද උබට ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    උම්බ අහන ප්‍රස්න වලින් උම්බේ දන්න තරම මෙකෙ ඉන්න උන්ට තෙරෙනව. දෑන් මෙ thread එකෙම ප්‍රස්න කීයක් අහුවද?
    ඔව් ඔව්.. කියවන උන්ට තේරෙනවා බන් මොනවද සුරංගනා කතා මොනවද හරි ප්‍රශ්න කියලා. 🥴
     
    • Haha
    Reactions: codeforme

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    @imhotep is this true? Dont we need a sperm to conceive?
    There is Parthenogenesis in action and it's a fact. In Greek Partheno means Virgin and this refers to virgin birth. In reality it's female asexual reproduction. This is quite usual for plants, insects, fish, reptiles and birds. But mammals, including human beings, require certain genes to come from sperm, and are incapable of parthenogenesis.

    But recently scientists have grown human embryo-like structures without using sperm, eggs or a womb using Pluripotent Cells. Of course they wouldn't proceed beyond a certain stage because of ethical issues.

    That's the scientific answer but anything is possible with religion which is not my forte.