හෙලිකොප්ටරය කඩන්න බැසිල්-රනිල් සන්ධාන ගත වෙයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    “නිදහස් ජනතා සන්ධානය” කඩා බිඳ දැමීමේ දැඩි උවමනාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

    එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වත්මන් රජය පරාජයට පත්වන බවත් “නිදහස් ජනතා සන්ධානය” මැතිවරණයෙන් පසු රජයට පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට කිසිදු අයුරකින් සහය නොදෙන බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටියේය.

    පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර සිටියේ “හිරු ටීවී” සලකුණ දේශපාලන වැඩසටහන හා එක් වෙමිනි.

    ජනතාව ඉදිරියට යෑමට බිය ආණ්ඩුවට මැතිවරණය කල් දැමීම සඳහා විවිධ පිළිගත නොහැකි හේතු ඉදිරිපත් කරන බව පෙන්වා දුන් උදය ගම්මන්පිල මහතා මැතිවරණය සඳහා මුදල් නොමැති බවට රජය සිදු කරණ ප්‍රකාශද සාවද්‍ය බව පැවසීය.

    ගිය වසරේ දිනකට රුපියල් බිලියන 3 බැගින් අච්චු ගැසූ ආණ්ඩුවට මැතිවරණය සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කිරීම පිළිගත නොහැකි බවත් මැතිවරණය සඳහා අවශ්‍ය වනුයේ එසේ මුද්‍රණය කරන ලද මුදල් වලින් දින 2 ක පමණ මුදලක් බවත් ගම්මන්පිල මහතා මේ දී හෙළිදරව් කළේය.

    එසේම මැතිවරණ සඳහා මුදල් ලබා දෙන ජාත්‍යන්තර සංවිධාන ඇති බවත් එම සන්විධාන මගින් අවශ්‍ය නම් මැතිවරණය සඳහා මුදල් ආධාර ලබාගත හැකි බවත් ගම්මන්පිල මහතා පැවසීය.

    මීට අමතරව වත්මන් දේශපාලන කරළියේ කරුණු රැසක් පිළිබදව ද පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී අදහස් දැක් වීය.

    basil wesige puthata jathaka una ponnayo tika warella @nicjosh83 @erozan @2osama @Jack London @elajani @iphonebaba @Casinoboy
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,812
    87,258
    113
    ආශ්චර්යමත් රටක
    රනිල්ගෙන් රට බේරගන්න ඕන බයියන්ට හෙලුකොට්ටරේ තියෙනවා.
    රට ජාතිය බේරගන්න ඕන බයියන්ටයි, මහා ජාත්‍යන්තර ලෝඩ් පකීර් රනිල්ව ඕන බයියන්ටයි පෝට්ටුව තියෙනවා.

    හැමෝටම ඔප්ෂන් දීල තියෙන්නෙ. ඡන්දෙන් පස්සෙ දෑත් ශක්තිමත් කරන්න විතරයි තියෙන්නෙ. 🤭🤭
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හෙලිකොප්ටරේ ජෙප්පන්ට දෙනව කිව්වනං හොරාකාපුවා කීයක් හරි හම්බෙයි නේද @2osama