හෙළයේ අන්තිම රැජින

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    හෙළයේ අන්තිම රැජින

    හෙළයේ අන්තිම රැජින කුසුමාසන දේවිය හෙවත් දෝන කතිරිනා යග මේ බව බොහෝ දෙනෙක් නොදනිතිග හේතුව ඇය කිසිවිටක රාජ්‍ය නොවිචාළ නිසායග ඇය වෙනුවෙන් එම කාර්ය භාරය ඉටු කළේ ඇගේ පළමු සැමියා වන පලවන විමලධර්මසූරිය රජු හා දෙවන සැමියා වන සෙනරත් රජුය.

    පළමු සැමියාගෙන් ඇය ලැබූ වැඩිමහල් පුත් කුමරුන් වන මහා අස්ථානල දෙවන සැමියාගෙන් ඝාතනය වීම නිසා බලවත් චිත්ත පීඩාවට පත් එතුමිය තම බාලම පුතු වන දෙවන රාජසිංහට
    උපත ලබා මාස කීපයක් යෑමට මත්තෙන් යන්තම් තරැණ අවධිය ඉක්මවමින් සිටිද්දී ස්වර්ගස්ථ වූවාය.
    බොදු දෙමාපියන්ගේ දරුවකු ලෙස ජනිත වුවද, පෘතුගීසීන් වෙත ඇය ආරක්ෂා වූයේ දෝන කතිරිනා ලෙස අවුරුද්දක් වැනි වයසේදීම බවුතීස්ම ලබාය. බොදු සැමියන් දෙදෙනකු ලැබුවද, උඩරට නිළමේලගේ පැරණි නිල ඇදුම සකස් කර දුන්න ද, ඇයට තම ආගමික විශ්වාසයෙන් බැහැරවීමට බැරි වූවාය, ඒ බව අපට පසක් වන්නේල කුරුවිට රාළල ඇය මිය ගිය පසු භූමදානය කළේ සර්ව රාජාභරණවලින් ඇයව සරසාල එකතු තළ ඇයගේ දෑතට වටිනා මැණික් ගල් යොදා සෑදූ කුරුසිය රැදවීම නිසා ය.

    පුත් කුමරුට සේ ඇය වෙනුවෙන් මහා අවමංගල්‍ය පෙරහැරක් පවත්වනනට අවශ්‍ය නූනේ 1613 ජූලි 20 වෙනි දිනල ඇය මිය යන විට සිටියේල විමලධර්මසූරිය රජුල තම ආදරය කියා පෑමට ඇය වෙනුවෙන් ම ඉදි කර දුන් කෑගල්ලේ වැලිමන්නන්තොට මාළිගයේ නිසාය. ඇයව තැන්පත් කළේ ඒ අසලම ය. ඇය විසූ මාළිගයේ ම තිබූ පුත් කුමරුගේ අලු බදුන ද එහිම තැන්පත් විය.


    මේ මාළිගය සතර කෝරළයට ම තිබූ එකම රජ මාළිගයයි. මේ නිසාම මෙහි අගය තේරුම් ගත් ලංකාවේ පළමු පුරා විද්‍යා කොමසාරිස් එච්.පී.බෙල් මහතා අක්කර 7 1/2ක භූමි භාගයල පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් එකක් බවට නිවේදනය කර වූයේය.

    අද එය නැත. ඩෙනිස් ප්‍රනාන්දු නම් වෛද්‍යවරයකුගේ දැඩි සටනකින් කෙසේ හෝ පර්චස් 7 ක් ඇයගේ සොහොන ලෙස බේරාගෙන තිබුණි. අද එයත් ජඩ දේශපාලනයෙන් මුස්ලිම්කරණය වී ඇත.

    ඇත්තෙන් ම රැජිනගේ බාලම පුත් කුමරු පසු කාලයක දෙවන රාජසිංහ යන නමින් රජවී සිටින අවධියේ පෘතුගීසීන් විසින් ලොව පුරා මහා මුස්ලිම් සංහාරයක් සිදු කරන ලදී. එය ලංකාවේ මුහුදුබඩ පෙදෙසේත් සිදු විය. එහිදී බියෙන් තැති ගැනුණු මුස්ලිම්වරු අභය පතා රාජසිංහ රජු වෙත දිව ආහ.

    මානව දයාවෙන් පිරුණු දල දුර දිග පෙනුණ රජුල ඔවුනට සිංහලේ ඕනෑම තැනක නිදහසේ ජීවත් වීමට ඉඩ දුන්නේ එකම එක කොන්දේසියක් දමා යග එනම් කිසි දිනක මුස්ලිම්වරුන්ට සිංහලේ එක බිම් අගලකටවත් අයිතිය ඉල්විය නොහැකි බව පවසමිනි.