හෙළුව සහ නිරුවත

Another_Me

Active member
  • Feb 5, 2016
    299
    213
    43
    ෆෑන් එක යට
    හෙළුව සහ නිරුවත

    ලොව සමහර රටවල මෙසේ නිරුවත් වෙරළ පිහිටුවා ඇත. සමහර ඒවා කෙළින්ම nude beach ලෙසද , සමහර ඒවා clothes optional beach( ඕනම නම් ඇඳපල්ලා ) ලෙසද නම් කර ඇත. කිසිම බෝඩ් ලෑල්ලක් නැති හෙළුවැලි වෙරළවල්ද ඇත.




    නිරුවත සහ හෙළුව යනු එකක් නොව දෙකකි. නිරුවත් වීම නිසා හෙළුව පෙනේ. හෙළුව ඇත්තේ අතේද , කකුලේද , පපුවේද , කකුල් දෙක මැදද කියා කලකට පෙර ” කතන්දර ශූරීන්” ලිපියක අසා තිබුණි.
    තරුණ වයසට එත්ම පුවත්පත් , සඟරා , පොත් පත් කියවන විට නිරුවත , පියයුරු , කලවා වැනි වචන දුටු විට ඒ දෙසට දෑස් ඇදී යන්නේ විදුලි වේගයෙනි.
    මෑතකදී හඳුනා ගත් භද්‍රජී මහින්ද ජයතිලක , ගායකයෙකි , නළුවෙකි , වාදකයෙකි ,ලේඛකයෙකි.. ඊටත් වඩා හොඳ මිනිසෙකි.
    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේද , ලංකා බැංකුවේද සේවය කර ඇති ඔහු , ඇමරිකාවට සංක්‍රමණය වී , නියුඩ් බීච් එකකට ගිය විස්තරයක් ලංකාවේ ඉරිදා පුවත් පතක පළ විය. පත්තර පිටුවේ අකුරු දියවී පිටු එකට ඇලෙන තෙක් මා එය කියවා රස විඳින්නට ඇත.

    මා සමඟ එකට සේවය කරන සුදු ජාතික රිචඩ් වෙස්ටන් ඉන්දියාවේ හා ලංකාවේ සංස්කෘතිය , ජන ජීවිතය ගැන මඳක් දත්තෙකි.
    “උඹලා කසාද බඳින්නට පෙර සෙක්ස් කරන්නේ නෑ කියන්නේ ඇත්තද?” ඔහු මගෙන් දිනක් ඇසුවා.
    ” ඔව්.. ඒක ඇත්ත. ඒක නීති විරෝධී නෑ. ඒත් සමාජ විරෝධීයි. අපේ කාලයේ ප්‍රසිද්ධියේ කෙල්ලකගෙ අතකින් ඇල්ලීමත් දඬුවම් ලැබිය හැකි වරදක්… ඒ දැනට වසර 25 කට 30 කට පමණ පෙර.. දැන් නම් තත්වය ඊට වෙනස්”

    ” උඹ ලව් කරන කාලේ කෙල්ලත් එක්ක සෙක්ස් කරල නැද්ද?”
    ” කරල තියෙනව.. පරෙස්සමට..”
    ” ඒ කොහොමද ? මට විස්තර කරපන්.. මෙහෙමද ?…….නැත්නම් අරෙහෙමද?….”
    “නෑ…………”
    ” Wha…………………….t ? Its disgusting… උඹට ඒකෙන් සැටිස්ෆැක්ෂන් එකක් ලැබෙනවද?
    රිචඩ් බඩ අල්ලා ගෙන සිනාසෙයි.

    කකුල් තියෙන්නේ ඇවිදින්නටය.


    ලංකාවේ කෙල්ලන්ගේ ඇඟ පුරාම සෙක්ස් ය.
    ” අම්මේ …හ්”
    ” ඇයි අනෝමා….?”
    ” නිහාල් අයිය මගෙ අතින් ඇල්ලුව”
    “අනේ මේ.. ඒව නං තියා ගන්න එපා”
    ” සොරි ඇන්ටි.. මම නරක හිතකින් එහෙම කළා නෙවි. අනෝමා මට දුවෙක් වගේ”
    බෝඩිං වෙලා ඉන්නා කාලේ දවසක හවසක ටිකක් වැඩිවූ වෙලාවක වුනු දෙයක්.
    ” ඇයි බං අතින් ඇල්ලුවම බබා ලැබෙනවද?” මුස්ලිම් ජාතික මගේ මිත්‍ර මොහමඩ් තාහිර් ෆවුසු සමාන් මගේ කණට කර ඇසීය.

    අත්.. පා.. පියයුරු… මේ එකක්වත් ලිංගික අවයව නොවේ. ඒවා හංගන්ට .. හංගන්ට ඒවායේ තියෙන වටිනාකමද ගුප්ත බවද වැඩිවේ. හංගලා ටිකක් පෙන්වන කොට ඊටත් එහාය.
    පේරාදෙණියේ ඉංග්‍රීසි අංශයේ බාහිර කතිකාචාරිනී මා….. ……සිංහ ඉතා රූමත් , වරක් බැලූ අයෙක් නැවත හැරි හැරී බලන්නට තරම් හිතෙන , පිරුණු ලයක් ඇත්තියක්. උදේ – දවල් හෝ හවස ඇය නිතරම සාරි පොටින් පපු පෙදෙස වසා ගෙන සිටියා. කොල්ලන් කීවේ ,” මචං.. එයාගෙ අරක තියෙන්නෙ එතන.. ඒකයි නතරම වහගෙන ඉන්නෙ” කියල.
    යූ ටියුබ් එකේ පරණ කළු සුදු චිත්‍රපට වල රඟන සන්ධ්‍යා කුමාරිලා , ශ්‍රියානි අමරසේනලා ඒ කාලෙ ඇඳපු ගවුම් කෙතරම් කෙටිදැයි දැන් සිතේ. පසුව ආ විලාසිතාවක් වන ටිකක් පලා පෙන්වන විට පිරිමි වන අපේ ශරීර කොටස් නලියයි.
    හෙළුව , නිරුවත යන්නට ඉන්ගිරිසියෙන් , naked , nude යන වචන යෙදේ.
    naked juice කියා පළතුරු බීමක් මෙහි තිබේ. එනම් වෙනත් දේ කළවම් නොකර තනිකර එම පළතුරෙන් හැදූ ජූස් ය.
    naked truth : නියම ඇත්ත.
    I saw it in my naked eye. උපැස් යුවළක් , දුර දක්නයක් නැතුවම මගේ පියවි ඇසින් එය දැක්ක බවයි.
    එහෙම නම් හෙළුව කියන්නේ ” සත්‍යය” කියන එකයි. අපි සත්‍යයට , ඇත්තට මෙතරම් බය මොකද ?…..