හෙළුව production

heshanhiru

Active member
  • Nov 6, 2008
    464
    90
    28
    මෙතන ඉරාජ්ට බනින ගොඩක් උන්ගේ පරණ පෝස්ට් හොයාගෙන බලපල්ලා. වික්ටර් අලුතෙන් කසාද බැඳපු වෙලේ මුන් කොහොමද පොරට බැන්නෙ කියල. මට නම් වික්ටර් වරදක් කරලත් නැහැ, වික්ටර් බැඳපු එක පොරගේ පැත්තෙන් බලපු ඉරාජ් වරදක් කරලත් නැහැ,

    මෙතන බනින උන්, පොදුවේ නෙමෙයි වීඩියෝ එකේ තියෙන තේරුම සීන් එකෙන් සීන් එකට අරගෙන මේකෙන් වික්ටර්ට වෙච්ච වරද මට පෙන්නලා දීපල්ලකෝ. තේරෙන්නේ නැති නිසා අහන්නේ.සෙක්ස් සීන් ටික අමතක කරලා (අපේ උන්ට ඉතින් සෙක්ස් ඇලජික්නේ කොහොමත්) වීඩියෝ එකේ තේරුම පහදලා දීපන්.

    මේ මෑන්ස් කාගේ දරුවෙක්ද කියල හිතෙන්නේ මට විතරද ? :growl::growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    api tharam sakkili rata wasiyan inna ratak mama nam dakke naha

    owa monada ban

    rata berala dunna mahindata hena illana pare adan gihin hire danna ona
    kiyana minissu hitapu rate
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    ආදරෙන් පිරිච්ච හිත දෙගොඩ තලා යන්නත්, බූට කා ඇල්ටොත් නැති වී පිස්සෙක් වගේ ඉදිද්දි ඒ දුක දෙගුන තෙගුන කර විරහාවේ උපරිමයට අපි ගෙන යන්නටත් සමත් වු කලාකරුවන් සිටිනම් ඒ එක අතක ඇගිලි වලින් ගිනිය හැකි තරම් අල්පයකි, වික්ටර් රත්නායක නම් ඒ අසාහය ගායකයා ඉන් එක ඇගිල්ලකි.
    වික්ටර්ට ඇය රූකඩ මඩු යාග පොලේ හමු උනාද, දයිව යොහයකින් හමු උනාද, හිත මිතුරු සුළඳ ලවා වැහි වළාවට කියා, මල් පොකුරු වලට ඇය එද්දි නැමෙන්නටයැයි කියා, ඈතින් ඈතට පා නගල ඝන වනන්තරේ අතරමං උනාදැයි අපි නොදනිමු.
    එහෙමත් නැත්තන් සරලවම ඔහු ජිකිජිකියටත් ඇය සල්ලි වලටත් සෙට් උනාදැයි අපි නොදනිමු. අනේ ඉතින් මොක උනත් අපිට පාන් ද? තවෙකුගේ ජිවිතය විහිලුවකට ලක් කර සොම්යක් දා ගානක් කඩා ගැනිමට යමෙකුට තියෙන සදාචාරත්මක මෙව්වා එක කුමක්ද? මෙව්වා දැවෙන ප්‍රශ්නය.
    ඉරාජ් ඉස්සර පට්ටය, ඊට පස්සේ වරදක් නැති විය, පස්සෙ පොඩ්ඩක් චොර විය, දැන්නම් පට්ට චොරය, වෙරි බෑඩ්ය. කවුරු මොක කිව්වත් කොහොම රැඩිකල් ටොල්ක්ස් දුන්නත් international ලෙවල් එක ලාවට හරි ටච් කරන්න visual කරන උන් අතර ඉරජ් පෙරමුණේය. හැබැයි පොර අම්මාගේ පෑන්ටිය පෙන්වා වීව්ස් හොයන දවසට වැඩි දවසක් නැති බව තෙරෙන්නේ මට විතරක් නෙවෙනු ඇත.
    අපේ පරම්පරවට යට පරම්පරාව ගැන දුකය,
    ආදරයේ උල්පත වු අම්මා අහෙද්දි දැනුනු දරා ගත නොහැකි සෙනෙහස ඔව්නට නොදැනෙනු ඇත, ලාවට සෙට් වෙලා බොන්ගො එකයි ගිටාර් එකයි එක්ක "සිව් වසරක පෙම් ගීතය බොඳ වෙලා ගියදෝ" කියද්දි, අඩෝ මට අරකිව මතක් වෙනවා කියගෙන පැතතකට වී ෆුල් ෆක් වෙලා ඉන්න ඩයල් 1ක් උන්ට නොසිටිනු ඇත. අල්ලන්නට බැරි අතු අල්ලන්න ගේම ගහපු අපේ එවුන්ට වික්ටර්ගේ සින්දු ඇහෙද්දි දැනුනු හිස් බව උන්ට නොදැනෙනු ඇත, අහිමි උනත් ඔබ ලඳේ මට අඬන්න අවසර නැහැ" කියද්දි හෙන හයියෙන් අත්වැල් අල්ලමින් අතීතයේ සොඳුරු මතකයන් එක්ක වර්තමානම පරයමින්, නිමෙශයකට ඔව්න් තනි නොවෙනු ඇත. ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමු වෙවායි උන් නොකියනු ඇත.
    හදවතට සින්දු හැදුනු යුගය නිම විය, අතට සින්දු හැදෙන කාලය උදා විය...
    වික්ටර් අර වීඩියොව බැලුවාදැයි මා නොදනිමි, හැබැයි අනිවා බලනු ඇත, ඔහුගෙ ළමයි තාතගේ පෞද්ගලිකත්වය විකුනගෙන තව එකෙක් රෑට කනවා දකිනු ඇත..ජීවිතේ සැදෑ සමය ගෙවන ඒ සොඳුරු මිනිසාට මොනවා හිතෙනු ඇද්දැයි අපි නොදනිමු, හැබැයි අත පය හතර හයිය අවුරුදු 36 සල්ලි පෙරේතෙයකු සමග ඔට්ටු නොවී උපෙක්ශාවෙන් බල සුසුමක් හෙලා නිහඩ වෙනු ඇත. හැබැයි පුංච් ප්‍රශ්නයක් ඔහුට එනු ඇත, ඒ ඇයි විල්සන් මල්ලිත් මට මෙහෙම කරේ කියයි. පරන කෑලි හුට පටයකට රිටන් එක දුන්නාද දන් නැත, කොල්ලොනේ.. විල්සන් කරූ කොහොමත් නහයට අහන්නේ නැති චරිතයකි, හැබැයි හිත හොඳ මෑන්ස්ය, ඉරජ් කීයක් දුන්නද දන් නැත, සමහරවිට අද පරණ වටින කලාකරුවට තැනැක් නැති නිසා මුදල් ප්‍රෂ්නද දන්නේ නැත, එහෙම වෙන්නැතැයි කියා මන් හිත හදා ගනිමි. පියුමි ගැන කතා කර වචන නාස්ති නොකරමි.
    සොබාදහමට අනුව සියල්ල උනොත් වික්ටර් අපි කාටත් කලින් මේ ගඳ ගහන ලොකයෙන් නික්ම යනු ඇත, එදාට හැම චැනල් එකේම දවසක් පුරා ගුණ වර්නනා යනු ඇත, කොල්ලො කෙල්ලො රෙස්ට් ඉන් පීස් ලෙජන්ඩ්යැයි හෑශ් ටැග් දමමින් සින්දු ශෙර් කරනු ඇත. අහු මුලු වල සැගවිච්ච වික්ටර් හිට්ස් වලට ව්ව්ස් ටිකක් වැඩිවෙනු ඇත. එච්චරය.. කතාව සොච්චනීයය, පජාතය..ඈවරය...දෑවරය..තුං ඈවරය...
    රටට කෙල විය.
    Cricket වලට කෙල විය.
    Music වලට කෙල විය.
    Film Industry එකට කෙල විය.
    අපිට කෙල විය.
    පැය 2ට විව්ස් 0.2Mය. ඉරජ් දිනුම්ය, වික්ටර් පරාදය, අපි පරාදය..

    photo.php

    :growl:
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,231
    930

    Ade patta mcn umbe oya kathawa.. wow hithagannath be,,,, hema wachanayakma 100% aththa.. muluhadawathinma umbata respect mvn..........
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉරාජ්ව සුද්ද කිරීමට මට අවශ්‍යතාවක් නැති නමුත් මෙම වීඩියෝව සම්බන්දයෙන් මගේ මතයද 100% මෙයම වන නිසා FB හී අහන්බෙන් දකින්නට ලැබුණු මෙය ෂෙයාර් කරමි. - සහන්

    -ඉරාජ් ආචාර්ය වික්ටර් රත්නායකට අපහාස කලායයි පවසන අයට-

    ඉරාජ් පවසන ආකාරයට 'Danuna' මියුසික් විඩියෝව ගල් මුල් කටු කමිබි මැදදි පැය 24ක් තුල 1milion youtube views පසුකර ඇත එනමි ඉරාජ්ට බැන බැන හෝ ඉරාජ්ගේ අලවිකරණය තුල සියලු දෙනා අලවි වි ඇති බවත් කළුු ගලක් වුව මියුසික් විඩියෝක් හරහා කෝටි ගනනකට අලෙවි කිරිමට ඉරාජ් සතුව හැකියාවක් ඇති බව අකමැත්තෙන් උවද පිළිගත යුතුය.

    සැබවින්ම 'Danuna' මියුසික් විඩියෝව හරහා අචාර්ය වික්ටර් රත්නායකයන්ට අපහාසයක් සිදුව තිබෙිද, මෙම විඩියෝව උඩින් පල්ලෙන් බලා තමන්ට ඇති කන්දක් ප්‍රශ්ණ අතරට මෙයද දමා නිගමනයකට පැමිනිමට උත්සාහ කරන පුද්දගයකුට මෙහි පෙනිමට ඇති එකම සිද්දිය සොසේජස් කරලක් හරහා චිස් පැමිණිමත් පියුමිගේ සලුව කඩාවැටිමත් තුල ආචාර්ය වික්ටර් රත්නායක සමචිචලයට ලක්වි ඇති බවයි නමුත් එය ඉරාජ් සැදු බනිස් ගෙඩිය අලවියට උඩින් දැමු ජැමි බින්දුව යයි බුද්ධියක් ඇතුව සිතන කෙනෙකුට වැටහෙනු ඇත.

    'Danuna' මියුසික් විඩියෝව තුල ගැඹුරැට බැස බලන කෙනෙකුට (කතා නායකයායි සමාජය සලකන වික්ටර් රත්නායකට පවා) මෙය තුල බොහෝ ගැඹුරක් ඇති බවත් මෙයට පාදක කරගන ඇත්බව සලකන වික්ටර් රත්නායකගේ ජිවිතය පිළිබද ජිවිත විවරනයක ඉරාජ් යෙදි ඇති බවටත් පසක් වනු ඇත.

    සමාජය වික්ටර් රත්නායක මෙයට ඇදාගන ඇති නිසාත් බැලු බැල්මටම මෙම විඩියෝවේ සිද්දි දාමය ආචාර්ය වික්ටර් රත්නායකයන්ට අදාල කර සිතිය හැකි නිසි ඒ ඔහු යයි උපකල්පනය කරමු.

    ඒ කෙසේද? කාටත් පෙනෙන පරිදි විඩියෝවෙි ආරමිභය දේහයකට අවසන් ගෞරව දක්වන ආකාරය පෙන්වන අතර ප්‍රවිණ රංගධර විල්සන් කරැණාරත්න මහතා යොදා ගැනිම තුල වික්ටර් රත්නායනයන්ගේ ස්වරැපයට ලංවිවිමට දරා ඇති ප්‍රයත්නය සාර්ථක වි ඇත තවද ප්‍රථම දර්ශණය හරහාම අඩ අදුර සහ සෝකි මුහුන තුල කලකට ඉහත ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ දයාබර බිරිඳගේ අවසන් කටයුතු සිහිපත් කරන අතර රංගන ශිල්පියාගේ(විල්සන් කරැ) ශෝකි මුහුන තුල වික්ටර් දැකගත හැකි අතර තම ආදරණිය බිරිඳගේ වියොව ඔහුට කොපමණ කමිපනයක් ඇතිකරේද යන්න මොනවට රචනයට නගා ඇත.

    ප්‍රිය බිරිදගේ වියෝවට පසුව ඔහු ජිවිතය තුල හුදකල විම කොපමණ සාර්ථකව ඉදිලිපත් කර ඇතිද යත් වික්ටර් රත්නායක ඉරාජ්ට මල් මිටක් දිය යුතුය මන්ද මිට මාස කිහිපයකට ඉහත වික්ටර් රත්නායක මහතා සමිබන්ධ කතිකාවෙිදි ඔහු සමාජයට කැ ගසා කිවෙි 'දෙයියනේ මට තනි මගෙ තනිය මකාගන්ඩ මට ඉඩ දෙන්ඩ' කියන ඉල්ලිමයි එහෙත් සමාජය කොතරමි දුරට සවන් දුන්නේද යන්න ගැටලුවක්ව තිබු අතර එය තුල වික්ටර් ඝාන්ධර්ව භුමිකාවෙන් විසිවි සමාජයේ කොනක හුදකලා වු බව කාටත් නොරහසකි, වියපත් වික්ටර්ගේ තනිකම ඔහුට කෙතරමි පිඩනයක් එල්ල කලේද යන්න සිද්දි දාමයකින් ඉදිලිපත් කරන අතර හදිසියේම එයට සහය සිද්ධියක් ලෙස පුතෙක් මහලු අමිමා කාරයේ පටවාගන විත් මහපාරේ ඇද දමන දර්ශනයක් ඇතුල් කර එය දකින මෙි වියපත් සංගිත වෙිදියා මහලු වියේදි තමාට අත්වන ඉරණම පිලිඔද ඇතිවු භිතිය තුල නැවත කසාදයකට යැම ඉරාජ් විසින් සාධාරණි කරණය කර ඇත තවද ඉන් මොහොතක් ඉක්ම යත්ම මහලු සංගිත වෙිදියාගේ පුත්‍රයා යයි උපකල්පනය පුද්ගලයකු තම පියාගේ තිරණය නිසා තමන්ට ලැබියයුතු දේපල අහිමිවි යන බවත් ඒය වැලැක් විය යුතු බවත් පවසන කොටසක් එක්කර ඇති අතර එය තුලින් වික්ටර් සිද්දියේදි ලෙලුමි රත්නායක ගේ ප්‍රකාශය ප්‍රතිනිර්මානය කරණු ලබන අතර එය තුල ජයන්ත රත්නායකලාගේ ලෙලුමි රත්නායක ලාගේ පැත්ත ඉරාජ් විසින් බිම දමා පොඩි පටිටම් කර ඇති අතර නැවත වතාවක් වික්ටර් ඉහලින් තබා ඔහුගේ තිරණය සාධාරණි කරණය කර ඇත.

    අවසානය ඉරාජ් විසින් වික්ටර් රත්නායක ගේ නව බිරිඳ නිරැපනය කිරිම පිණිස නව පරපුරේ පුවත් මවන්නියක් වන පියුමි හංසමාලි යොදා ගැනිම තුල විඩියෝවට ඍංගාර රසය එකතු කරණ අතර වික්ටර් රත්නායකගේ නව පවුල් ජිවිතය තුල සිදුවින තිරයෙන් ඇතුලත සිද්ධින් තිරය යමි තරමක් ඇත්කර ප්‍රේක්ශකයාට පෙන්විමට උත්සාහ දරණ අතර මෙය යමි තරමක අපුල දෙයක් ලෙස සමාජය ප්‍රසිද්ධියේ විවෙිචනය කලද හොරෙන් නැරඹිමට කා තුලත් උනන්දුව ඇති කරණ ඉරාජ් සැදු බනිස් ගෙඩියේ ජැමි බින්දුව ලෙස එය පෙන්වා බනිස් ගෙඩියම ප්‍රේකිශකයාට ගිල්විමට සමත් විමෙන් අලෙවි කරණයේ ඔහු සතු නිසඟ හැකියාව ප්‍රදර්ශනය කර ඇත.

    විවෙිචන කෙතරමි කරත් 'Danuna' මියුසික් විඩියෝව තුල ආචාර්ය වික්ටර් රත්නායකට කැ ගසා සමාජයට කිමට අවශ්‍ය වු දෙය ඉරාජ් විසින් නොමිලේම කර දි ඇති බවත් ඝාන්ධර්ව භුමිකාවෙින් විසිවි සමාජයේ කොනක තනිවි සිටි වික්ටර් නැවතත් සමාජය විසින් ඝාන්ධර්ව භුමිකාවට ඔසවා තබා ඔහු වටා නැවතත් ශ්‍රිලාංකිකයන් ගොනුවන තත්වයට පත් කිරිම ඉරාජ් එක රාත්‍රියක් තුල සිදුකර ඇති බව ආචාර්ය වික්ටර් රත්නායක විසින් නොදුරේදිම අවබෝද කරගනු ඇත.

    'Danuna' මියුසික් විඩියෝව තුල සමාජයේ විවෙිචනයට ලක්වු ඉරාජ් ඔහුගේ මිලඟ ආන්දෝලනාත්මක නිර්මාණය හරහා නැවතත් සමාජ ගතවනු ඇති අතර රැපවාහිනි නාලිකා වල රාත්‍රි ප්‍රවෘත්ති නැරඹිම තුල ප්‍රේක්ශකයා විවෙිචනයට අලුත් මාතෘකා තෝරාගනු ඇති අතර ආචාර්ය වික්ටර් රත්නායක වෙත මෙතන්සිට ගිලිහි ගිය නමිබුව නැවත ලඟාවනු ඇති අතර අලුත් අවස්තා විවරවනු ඇත.

    Source:
    Cha Na Ka
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආදරයේ උල්පත වු අම්මා අහෙද්දි දැනුනු දරා ගත නොහැකි සෙනෙහස ඔව්නට නොදැනෙනු ඇත, ලාවට සෙට් වෙලා බොන්ගො එකයි ගිටාර් එකයි එක්ක "සිව් වසරක පෙම් ගීතය බොඳ වෙලා ගියදෝ" කියද්දි, අඩෝ මට අරකිව මතක් වෙනවා කියගෙන පැතතකට වී ෆුල් ෆක් වෙලා ඉන්න ඩයල් 1ක් උන්ට නොසිටිනු ඇත. අල්ලන්නට බැරි අතු අල්ලන්න ගේම ගහපු අපේ එවුන්ට වික්ටර්ගේ සින්දු ඇහෙද්දි දැනුනු හිස් බව උන්ට නොදැනෙනු ඇත, අහිමි උනත් ඔබ ලඳේ මට අඬන්න අවසර නැහැ" කියද්දි හෙන හයියෙන් අත්වැල් අල්ලමින් අතීතයේ සොඳුරු මතකයන් එක්ක වර්තමානම පරයමින්, නිමෙශයකට ඔව්න් තනි නොවෙනු ඇත. ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමු වෙවායි උන් නොකියනු ඇත.

    දුකය්....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කතාව සොච්චනීයය, පජාතය..ඈවරය...දෑවරය..තුං ඈවරය.