හේතුවාදියො නිරාගමිකයො ඔක්කොම එන්න
ලොකූ හෙළිදරව්වක් කරන්නයි මේ ත්‍රෙඩ් එක දාන්නෙ. මේක කියන්නම අකෞන්ට් එකක් හදාගන්න හේතුව මගෙ ඇත්ත අකෞන්ට් එකෙන් මේක කිව්වනං හේතුවාදී සංගමේ උන් දැනගන්නව මම කව්ද කියල. හේතුවාදී සංගමේ නිරුවත හෙළි කරන්නයි හදන්නෙ. නිරාගමිකයො හේතුවාදියො ඓහිකයො පටි තද කරගත්තොත් හොඳයි.
මහලොකු හේතුවාදී සංගමෙන් හැමෝම දන්නව ලියුම් කවරෙක දාපු මුදල් නෝට්ටුවක අංක කියන්න කියනව, උපන් වෙලාවල් දුන්නාම ගෑණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන්න කියනව. මේව කරන්න පුළුවන්නම් ලක්ෂ දහයක් දෙනව කියනව. මේ සේරගෙදිම මෙයාල කරන්නෙ පට්ට බොරුව.
මං මගෙ ඇස් දෙකටම දැක්ක දෙයක් මේ කියන්නෙ. හේතුවාදී සංගමේ ඇතුලෙ අදිමානසික හැකියාවන් තියෙන අය ඉන්නව. ලියුම් කවරෙක දාල තියෙන මුදල් නෝට්ටුවක අංකෙ කියන්න විතරක් නෙමේ, මුදල් නෝට්ටුව නොපිච්චී ලියුම් කවරෙ මානසික බලයන්ගෙන් ගිණිතියන්න පවා පුළුවන් අය හේතුවාදී සංගමේ ඉන්නව. ඔවුන්ට කොටින්ම අධිමානසික බලයන්ගෙන් මුදල් නෝට්ටුවල අංක වෙනස් කරන්න පවා පුළුවන්. කොටින්ම ලියුම් කවරෙ ඇතුලෙ තියෙන මුදල් නෝට්ටුව අතුරුදහන් කල්ල ඒ වෙනුවට වෙනම මුදල් නෝට්ටුවක් ඒ තුලට යවන්න පවා පුළුවන්. මේව කිසිම දෙයක් මැජික් නෙමේ. හේතුවාදී සංගමේ හේතුවාදී ක්‍රමේට මැජික් ගැන හොඳට දන්න අයගෙ දැනුම යටතේ සංගමය තුල ප්‍රසිද්ධියේ කල්ල පෙන්නල තියෙනව. මේ අය හැමෝම වගේ හිමාල වනාන්තරය ඇතුලෙ වසර ගනං ගිහිං අධ්‍යයන කල්ල භාවනා කල්ල හිත දියුණු කල අය. වෑන් පවා හිතේ බලයෙන් පා කරන්න පුළුවන්. අතුරුදහන් වෙන්න පුළුවන්. ඉස්සරහ තිබෙන ඕනෑම වස්තුවක් අදෘෂ්‍යමාන කරන්න පුළුවන්. ඒ නිසා තමා මෙයාල භය නැතුව අභියෝග කරන්නෙ. අභියෝගෙ බාරගන්න ඉදිරිපත් වෙන්නෙ බොහෝවිට එක්කෙනයි දෙන්නයි. නමුත් ඒ කෙනාගෙ සිතුවිලි තරංග මෙයාල තමන්ගෙ හැකියාවෙන් අවහිර කරනව. අන්තිමට ඇත්තටම හැකියාව තියෙන කෙනා බොරු කාරයෙක් කියල ඔප්පු වෙනව. ඕකයි තිත්ත ඇත්ත. ඒ නිසා මම කියන්නෙ එහෙම හැකියාවක් තියෙන කිසිම කෙනෙක් තමන් කොච්චර වැඩකාරයෙක් වුනත් හේතුවාදී සංගමේ අභියෝග බාරගන්න එපා.
අනික් ලොකුම හොරවැඩේ මෙයාල ජ්‍යෝතිශය වගේ ශාස්ත්‍ර වෙනස් කරනව. උපන් වෙලාවෙන් අන්තිම විනාඩියටම මැරෙන වෙලාව පවා කියන්න පුළුවන් නැතිවෙලා ගිහිං කියල හැමෝම හිතන දැනුම හේතුවාදී සංගමේ තියෙනව. ඔවුන් ඒ සියල්ල වෙනස් කල්ල ජ්‍යෝතිශය ගැන සාමාන්‍යය දැනුමක් තියෙන අයට මේ ඇත්ත මේක ජ්‍යෝතිශයානුකූලයි කියල හිතෙන සත්‍යයට ආසන්නයෙන් යන දැනුම නිර්මාණය කරනව. කරල ඔවුන්ගේ ඒජන්තයන් හරහා බෙදාහරිනව. නියම ජ්‍යෝතිශයෙ මනුස්සයෙක්ට දෙයක් වෙනව කිව්වොත් වෙනවම තමා. බෝධි පූජා තිබ්බ කියල සෙත්කවි කිව්ව කියල කිසිම කෙනෙක්ට නවත්තන්න බෑ. ඒ සේරම කියන්න පුළුවන් අය හේතුවාදී සංගමේ ඉන්නව. නමුත් ඔවුන් ඒ දැනුම හංගගෙන විකෘති කරනව. බොරු දැනුම සමාජගත කරනව. ඒකයි ඔයාල කේන්දරයක් බලන්න ගියහම 50%ක් වගේ ඇත්ත කියවෙන්නෙ. නියම දැනුම තියෙන ජ්‍යොතිශාස්ත්‍රකරුවන්ගෙ ගෙවල් මොවුන් අධිමානසික බල වලිං ගිණිතියනව. නමුත් එහෙම ගිණිතියන්න කලින් ඒ මනුස්සයගෙන් කේන්දර බලන්න එනව වගේ බොරුවට ඇවිත් හිත කියෝල දන්න දැනුම සේරම මොවුන් ලබාගන්නව. පස්සෙ අධිමානසික බලයෙන් ගෙවල් ගිණිතියනව. අහුවෙන්නෙ ඒ මනුස්සයගෙ තරහකාරයෙක්. නමුත් ඒ කිසිම ගින්නකිං පැරණි පොත් පත් විනාශකරන්නෑ. ඒ සේරම මොවුන් ගිණිගන්නැති කල්ල අදෘශ්‍යමාන කල්ල තමන් ලඟට ගන්නව. හැමෝම හිතන්නෙ පොත් විනාශ වුනා කියල. ඒ නිසා එහෙම වටිනා පැරණි දැනුම තියෙන ජ්‍යෝතිශාස්ත්‍රඥයො ඉන්නවනං තමන්ගෙන් කේන්දර බලන්න එන අය ගැන හුඟක් සැලකිලිමත් වෙන්න. මොකද කිසිම පොලිසියකට කිසිම කොඩිවිනයකට මොවුන් අහුවෙන්නෙ නෑ. ඔව් කිසිම කොඩිවිනයකට. මොවුන් කට්ටඬි දන්නව කියල හිතං ඉන්න සියලූම කොඩිවින අතැඹුලක් සේ දන්න අය. කට්ටඬි ගුරුන්නාන්සෙල බොහෝවිට කරන්නෙ පරම්පරාවෙන් ආව දැනුම කටපාඩම් කරන එක. නමුත් මොවුන් අවුරුදු ගනං හිත දියුණු කල අය. මොවුන් ඔබල අහලවත් නැති ගුප්ත විද්‍යාත්මක දැනුම තමන් දියුණු කල හිතෙන් දැනගන්නව. මොවුන් කිසිම කොඩිවිනේකට අහුනොවෙන ආරක්ෂා දාගෙන ඉන්නෙ. කිසිම සෘෂිවරයෙක් තවම සොයානොගත් අලුත් දේවල් හොයාගෙන තියෙන්නෙ.
ඇත්තටම මේ ක්‍රියාත්මක වෙන්නෙ ඒ පැරණි දැනුම ව්නාශ කිරීමේ කුමන්ත්‍රණයක්.
මේ ගැන තව විස්තර මම ඉදිරියෙදි හෙළිකරන්නම්. මම ඒ වෙනකං යහතින් හිටියොත්.