ඔය ලෝක ගොන්නු එක්ක වාදෙට යන්න එපා බන් තෙරුමක් නෑ.. බුදු රජාණන් වහන්සේ දේශණා කරලා තියෙන්නෙ "මාගෙ ධර්මය බුද්ධිමතුන්ට පමනයි" කියලා. ඒ කියන්නෙ අම්බරුවන්ට නෙවේ.
තිසරනේවත් නැති එවුන් එක්ක කොහොමද බන් බුදු දහම ගැන කතා කරන්නෙ. උප්පැන්න සහතිකයෙ "බෞද්ධ" කියලා ලියලා තිබ්බ පලියට මිනිහෙක්ට තිසරණය පිහිටන්නෙ නෑ. උන් තිසරණය කියන්නෙ මොකද්ද කියලා දන්නෙත් නෑ. අපි ඒක කියන්න යන්න ඕනෙත් නෑ. මොකද, උන් ඒක කවදාවත් ඉගෙන ගන්නෙත් නෑ. උන්ට ඒක වැටහෙනවා දවසක. එතකොට උන් මැරිලා ඉවරයි. ප්‍රේත ලොකයයි, නිරයයි විතරයි උරුම කරන් තියෙන්නෙ.
මමනම් මේ එලකිරි එකෙයි, ඉන් පිටයි දැකපු ඔය මිනිස්සුන්ගෙ තියන ලක්ෂන තමයි...
* යන්නෙ කොහෙද? මල්ලෙ පොල් කතා කියන එක
* තමන් මුලින් කියවන දේම තමන්ට මගදි අමතක වීම
* කොච්චර සරලව විස්තර කලත් හැම වෙලේම නැට්ට පාගා ගැනීම
* නිවැරදි විශ්ලේෂණයකින් නිවැරදි නිගමනයකට එලඹීමට ඇති නොහැකීයාව
* තමන්ගෙ මතය බිඳ වැටෙන විට විකාර කියවමින් පලා යාම
* වාදයට කාලය ගතකරනවා මිස බුද්ධියට යමක් ලබා ගැනීමට උත්සහ නොකිරීම
.......
.......
මේ ගොල්ලන්ගෙන් වැඩිම හරියක් බෞද්ධ වේශධාරියො. බෞද්ධ නමින් පෙනී සිටිමින් බුද්ධාගම විනාශ කරනවා. උන් බුදු දහම ගැන දන්න දේකුත් නෑ. නොදන්න දේකුත් නෑ. තමුන්ට කරගත්ත දේකුත් නෑ. අනුන්ට කරගන්න දෙන්නෙත් නෑ. ධර්ම මාර්ගයේ යන්න පුලුවන් කම තියන මිනිස්සුත් තමන් එක්ක නිරයෙ යන්න එකතු කර ගන්නවා. මේ මිනිස්සු නිසා තමයි බුදු දහම විනාශ වෙන්නෙ. බුදු දහම විනාශ කරන්නෙ බෞද්ධයො කියා ගන්න එවුන්මයි. මිසක් අන්යාගමිකයොම නෙවේ. කේදවාචකයක් මේක.
එහෙව් එඋන් වෙනුවෙන් කාලය ගත් කරන එක තෙරුමක් නෑ කියලයි මං කියන්නෙ. මොකද ඊට වඩා බොහොම වටිනවා තිසරණය පිහිටපු බෞද්ධයෙකුට නොදන්න කරුණක් කියලා දෙන්න කාලය ගතකරන එක. පිනකුත් සිද්ධ වෙනවා.