ආධාර කෝටි අටක් අතුරුදන්.. නළුවකුත් පසුපස… රාජාංගනේ හිමිගේ වංචා රැසක් හෙළිවෙයි…
එංගලන්තයේ දානපතියකු විසින් විහාරස්ථානය ඉදිකිරීමට බැංකු ගිණුම්වලට බැරකළ රුපියල් කෝටි අටක් අස්ථාන ගත කළ බවට වූ චෝදනාව සම්බන්ධයෙන්ද රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.
යූ ටියුබ් ක්‍රියාකාරිකයකු හා ටෙලි නළුවකු වන පුද්ගලයකු සමග එක්ව සද්ධාරතන හිමියන් මුදල් ලබාගෙන ඇතත් මෙතෙක් විහාරස්ථානය ඉදිකර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී තිබේ.
සුරකිමි ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ල හා ජනාධිපතිවරයාගේ මවට අසභ්‍ය වචනයෙන් බැණවැදීමේ චෝදනාව සම්බන්ධව පෙරේදා (28 වැනිදා) රාත්‍රියේ රාජාංගණයේ සද්ධාරතන හිමියන් අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත්තේය.
මේ අතර ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි 7 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (29 වැනිදා) නියෝග කළේය. සැකකාර හිමියන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ ඉල්ලීමට අධිකරණය අවසර දුන්නේය.
සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අමිල එගොඩමහවත්ත විසින් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස කටයුතු කරමින් ආගමික සංහිඳියාවට තර්ජනයක් වන ප්‍රකාශ නිකුත් කර ඇති බවත් ඉන් මහජන කැලඹීමක් සිදුවිය හැකි බවත් කියමින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. සැකකාර හිමිනම විසින් අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ උඩුගත කර ඇති වීඩියෝ පටය හේතුවෙන් ආගමික හා ජාතික සංහිඳියාවට තර්ජනයක් වී ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතැම් පිරිස්වලට ජීවිතවලට හා දේපළ හානි වන අයුරින් මෙම ප්‍රකාශ සිදුකර ඇති බවත් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් අධිකරණයට දන්වා සිටියේය.