හොදට English කතාකරන්න පුරුදු වෙන්න ක්‍රමයක් කියන්න

sureshdb

Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    මචන්ලා හොදට English කතාකරන්න පුරුදු වෙන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ගොඩ ඉඳන් පීනන්න බෑ වගේම තමයි පුතා.
    කතා නොකරන තාක් කල් කඩ්ඩ හදාගන්න බෑ.

    අහුවෙන හැම තිස්සම කතා කරපන්. ග්‍රැමර් ගැන හිතන්න එපා මුලින්. මුලින් සිංහලෙන් හිත හිත ඉංග්‍රීසී වලට හරෝ හරෝ වෙලා අරන් කතා කරපන්.

    කාලයක් යද්දි එනවා ඉංග්‍රීසීයෙන්ම හිතලා කතා කරන්න පුලුවන් වෙන.

    ඒ අතරේ හෙමීට පත්තරයක් කියෝලා හොඳ බර ඉංග්‍රීසි වචන ටිකක් ඉගෙනගනින් වොකැබ්ලරිඑක පොලිශ් වෙන්න.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    භාෂාවක් ඉස්සෙලේම ඉගෙන ගන්න නම් ඉස්සෙල්ල භාෂාව හොඳි සවන් දෙන්න කියල කියනවා

    නිව්ස් / රේඩියෝ / ටීවී සීරියස් / ෆිල්ම්ස් වගේ දේවල් හොඳි සවන් දෙන්න ඊළඟ එකින් එක භාවිතයට ගන්න

    ඉංග්‍රීසි නෙමෙයි මන් ඉගෙන ගත්තේ කොරියන් භාෂාව මේ ක්‍රමේට තමයි ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    මුලින්ම ඉංග්‍රීසි කතා කරනවා ඇහෙන්න ඕනේ. නැත්තං ලොවෙත් කතා කරගන්න බෑ. ඉංග්‍රිසියෙන් යන නිවුස්, සාකච්චාවල්, වෙළඳ දැන්වීම් පුලුවන් තරම් අහන්න.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113
    මචන්ලා හොදට English කතාකරන්න පුරුදු වෙන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද?
    You need to talk with someone machan. Don't be afraid to make mistakes. Our people are really afraid of making mistakes. That is why the cannot talk. Also read news papers and books. Watch movies. But when you are watching movies ditch the subtitles. You don't need to have a huge vocabulary to talk. Once you get a hang of talking then you can improve your vocabulary.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මොනව කරත් හැදෙන් නෑ බන්. English කතා කරන environment එකකටම යන්න වෙයි වගේ.
     
    • Like
    Reactions: NRTG

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    Issara nam Skype, Yahoo chat groups thibuna. Owata giyama ona tharam kattiya set wenawa voice chat walata.

    Dan WhatsApp wage groups athi. Katha karalama thamai ithin goda daganna wenne
     
    • Like
    Reactions: NRTG

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ඉංග්‍රිසි කතා කරන හැටි ඉගෙන ගන්න විදිය අහලා ත්‍රෙඩ් කිහිපයක් වැටිලා තිබුනා.
    කෙනෙක් දාලා තිබුනා ඕ ලෙවල් ඉංග්‍රිසි පෙපර් එකට ඒ සාමාර්ථයක් තියෙනවා ඒත් කතා කරගන්න බැහැ කියලා.
    ඔව් ඒක එයාගෙ වරදක් නෙමෙ අපෙ රටෙ ඉංග්‍රිසි අධ්‍යාපනයෙ වරදක් .
    මම මෙ ඉංග්‍රිසි කතා කිරිමෙ අභියොගය ජයගත් කෙනෙක් .
    සුද්දෙක් එක්ක උනත් මට පුළුවන් බය නැතිව වතුර වගෙ චතුරව ඉංග්‍රිසි හසුරවන්න .
    දැන් මන් කියන්නම් උඹලාට මන් ඉංග්‍රිසි කතා කරන්න ඉගෙන ගත්ත විදිය .

    ඊට කලින් මන් ගැන කිව්වොත්
    මම කලු ( හැබයි කැත නැහැ ) සිංහලයෙක්.
    ඉපදුනෙ සිංහල පවුලක.
    ඉංග්‍රිසි ගැවිලාවත් තිබ්බෙ නැහැ අපෙ පවුල් පසුබිමෙ.
    මම අවුරුදු 13 ක් පාසල් අධ්‍යාපනය ලැබුවා උසස් පෙල ගණිත අංශය වෙනකන් සේරම සිංහල මාධ්‍යෙන්.
    කොටින්ම මට ඉංග්‍රිසි පත්තරයකවත් ,ඉංග්‍රිසි පෙලපොතෙවත් Pharagraph එකක් කියවලා තෙරුම් ගන්න තරම් හැකියාවක් තිබ්බෙ නැහැ.
    මට O/L English වලට තියෙන්නෙ S සාමාර්ථයක්.

    2009 දි මට ඉන්ටර්නෙට් එක හම්බවුණා .
    එතනින් පස්සෙ තමා මට ඉංග්‍රිසි ඉගෙන ගන්න ඔනි කියන උනන්දුව ආවෙ .
    කියන්න ඔනි නැහැ නෙ අදටත් වැඩියෙන්ම අන්තර්ජාලයෙ කන්ටෙන්ට්ස් English .
    ඒ දවස් වල සිංහලෙන් කන්ටෙන්ට්ස් ඇත්තෙම නැහැ.
    සිංහල සයිට්ස් වෛරස් ගුහාවල් .
    හරියට ලෝඩ් වෙන්නෙත් නැහැ .
    එක නිසා ඉංග්‍රිසි කියන දෙ ඉගෙන නොගෙනම බැරි වාතාවරණයක් තිබ්බෙ.
    එක නිසා මන් පුරුදු උනා තනියම ඉගෙන ගන්න.
    ඉතිං Wikipedia එකෙයි තව සයිට්ස් වලයි ලිපි කියවන්න ගත්තා. දන්නෙ නැති වචනයක් සෙට් උනොත් මධුර ඩික්ෂනරි එකෙ ටයිප් කරලා තෙරුම බලනවා.
    ආයෙත් කියව්නවා ,තෙරුම බලනවා .
    මෙහෙම තමා මුල් කාලෙ.
    එත් එකෙන් ලොකු බෙනිෆිට් එකක් තිබ්බෙ නැහැ.
    හෙතුව අපි ඉංග්‍රිසි නොදන්න වචනයක් සිංහලෙන් තෙරුම හෙව්වාට වැඩක් නැහැ.
    මොකද ඩික්ෂනරියෙ කෙටුවහම එන්නෙ වචනයෙ තෙරුම.
    ඉතිං වචනයෙ තෙරුම දැනගත්තාට වැඩක් නැහ මොකද වචන යෙදෙන තැන සහ විදිය අනුව අර්ථය විචලනය වෙනවා.

    දවසක් මට සයිට් එකක් සෙට් උනා ඉංග්‍රිසි ඉගෙන ගන්න .
    එකෙදි තිබ්බා ඉගෙන ගන්න ඔනි පිළිවල.

    මෙන්න මෙහෙමයි .
    ඔනිම භාෂවක ඉගෙන ගන්න පිළිවෙල ගත්තොත්.

    1. ඇසීම (Listening)
    2.කතා කිරීම (Speaking)
    3.කියවීම (Reading)
    4.ලිවීම (Writing)

    අපි සිංහල ගත්තොත් බලන්න මෙ Steps 4 තුළින් නෙමෙද යන්නෙ කියලා

    මව් කුසෙ ඉන්න තැන ඉඳන් ඉපදිලා දනගහන කාලෙ අපිට ඇහෙනවා ( Listening) වචන .
    ඊට පස්සෙ අපි ඇහෙන වචනෙ අමාරුවෙන් කතා කරන්න (Speaking) ගන්නවා .
    ඊට පස්සෙ අපිට පොඩි කාලෙ අකුරු කියවීම කරනවා. අන්න කියවීම (Reading).
    අන්තිමට මොන්ටිසොරියෙදි හෝ ඉස්කොලෙදි තමා අපි ලියන්න (Writing) පටන් ගන්නෙ.

    එත් අපි ඉංග්‍රිසි වල මුලින්ම කරන්නෙ අමාරුම වැඩෙ.
    ලියන්න පටන් ගන්නවා (Writing).
    ඊට පස්සෙ කියවනවා (Reading) .
    කතා කරන්න (Speaking) උත්සාහ කරාට බැහැ .ඇයි ? අපි ඇසීමක් (Listening) කරලා නැහැ .

    ඉතිං ඕක තමා අර ත්‍රෙඩ් එකක් දාපු කෙනාට උනා වගෙ ඉස්කොලෙ වාර විභාගෙ ඉංග්‍රිසි අනු -අසූ ගණන් ලකුණු ගත්තත් O/L English A+ සාමර්ථ ගත්තත් .O/L, A/L ඉංග්‍රිසි සාහිත්‍ය (English Literature) කරත් ඉංග්‍රිසි කතා කරගන්න බැරි .

    <-------- ~
    IT වලට A සාමාර්ථ ගත්ත එවුන් කීයකට මන්ම Facebook එකවුන් හදලා දීලා ඇත්ද ? ඉතිං ඉංග්‍රිසි ගැන කවර කතාද ? ~ ---------->

    ඉතිං මන් කරෙ මුලින්ම ඇසීම පුරුදු වෙන්න ගත්තා .
    ඒකට මන් කරෙ ඉංග්‍රිසි සිංදු අහන්න ගත්තා (Listening) .
    ඉංග්‍රිසි ෆිල්ම්ස් බලන්න ගත්තා.
    හැබැයි සිංහල උපසිරැසි නැතුව .
    මොකද සිංහල උපසිරැසි එක්ක බැලුවොත් අපිට ඉංග්‍රිසි ඉගෙන ගන්නවත් ෆිල්ම් එක බලන්නවත් වෙන්නෙ නැහැ උපසිරැසි සිහියෙන් ඉන්නෙ .
    ඉංග්‍රිසි සිංදු අහලා එකෙ තියෙන ලිරික්ස් (Lyrics) ටික Download කරන් පාඩම් කරගෙන කියන්නත් (Speaking) පුරුදු උනා.
    මොකද උච්ඡාරණය (Pronunciation) හැදෙන්න.
    ෆිල්ම් එකක් බැලුවොත් ඒ ෆිල්ම් එක ගැන ලියලා තියෙන Wikipedia පිටුව උඩ ඉඳන් පල්ලෙහාට කියවනවා ( Reading).
    මට සමහරක් ෆිල්ම් වල ඩිරෙක්ටර් කවුද ,මියුසික් කරෙ කවුද නළුවා කවුද කියන එක අදටත් මතකයි .
    නොදන්න වචනයක් ආවොත් කරෙ ගූගල් එකෙ හො ඔන්ලයින් English to English ඩික්ෂනරියක ටයිප් කර්ල තෙරුම හොයාගත්ත එක.
    අන්න ඒක තමා එෆෙක්ටිව්.

    ඔන්න ඔහොම ඉන්නකොට 2014 දි වගෙ රට යන්න සෙට් උනා.

    කරාටි ප්‍රැක්ටිස් උනාට වැඩක් නැහැ කා එක්ක හරි ෆයිට් කරෙ නැත්තම් .


    <---------~ චීනෙ කොටිපති අලිබාබා නිර්මාතෘ ජැක්මා අවුරුදු 9 ක් ටුවරිස්ට් ගයිඩ් කෙනෙන් විදියට සෙවය කරද්දි සුද්දො එක්ක කතාකරාළු ඉංග්‍රිසි හදාගන්න.
    ඒ වගෙම පොර වොයිස් ඔෆ් ඇමරිකා කියන රෙඩියො චැනල් එක අහන්නත් පුරුදු වෙලා හිටියාළු ~ ----------->

    ඒ වගෙම තමා ඉංග්‍රිසි කොච්චර දැනගත්තත් වැඩක් නැහැ පාවිච්චි කරෙ නැත්තම් .

    වාසනාවකට වගෙ මන් වැඩ කරපු සමාගමෙ සේවාදයකයන් 90% දෙනා යුරොපීය-ඇමරිකා වල කට්ටිය.
    අන්න එතනින් තමා මන් හරියටම මගෙ ඉංග්‍රීසි මුවහත් කරගත්තෙ.
    හොලිවුඩ් වල අපි බලපු ෆිල්ම් වල පවා ගොඩක් වෙලාවට ඉංග්‍රිසි සැර බාල කරල තියෙන්නෙ මොකද ඉන්ටර්නැෂනල් මාර්කට් එක ටාගර්ට් කරලා හදන නිසා.
    එක තෙරුනෙ මට රියල් ඇමරිකන් -යුරොපියන් එවුන් එක්ක කතා කරද්දි .
    ඉතිං මට යුරොපෙ අය එක්ක කතා කරන්න උන නිසා
    මන් කරෙ ඇමරිකන් ,බ්‍රිටිශ් Talk Shows (The apprentice,Ted Talks) ,Standup Comedies (ex George Carling) ,Vlogs (ex: Pewdiepie )Documentaries ,ඒ වගෙම News (CNN,BBC,Al Jazeera English -News ෆෙක් ද නැද්ද කියන එක බලන්න එපා. ඉංග්‍රිසි ඉගෙනීමයි වැදගත්) . එහෙම ඇති වෙනකන් බැලුවා.
    ඉන්ටර්නෙට් අන්ලිමිටඩ් නිසා තවත් වාසී .
    ඒ වගෙම ඇක්ෂන් මූවිස් නැතුව ස්ටොරීස් තියෙන මූවීස් මන් වැඩියෙන් බැලුවා.
    මොකද ඇක්ෂන් මූවිස් වල ඇක්ෂන් විතරයි ඩයලොග්ස් අඩුයි .
    ස්ටොරීස් තියෙන එව්වායෙ ඩයලොග්ස් වැඩී .
    මොකද ඇසීම ප්‍රගුණ කරන්න .

    එතකොට තමා මට සුද්දෙක් කතාකරන දේ උනත් තෙරුම් ගන්න පුළුවන් මට්ටමකට ආවෙ .

    ඒ වගෙම මෙහෙම දෙකුත් කියන්න ඔනි .
    ඉංග්‍රිසි කියන්නෙත් භාෂාවක් .
    ඔව් එක හරි .
    එත් අපෙ වගෙ රටවල් වල ඉංග්‍රිසි කියන්නෙ ස්ටෙටස් එකක් ,බුද්ධිය මනින සාධකයක් (මන් නම් කැමති නැහැ ඒකට එත් ඒක එහෙම තමා )
    එක නිසා සමහරු කැමති නැහැ තව කෙනෙක් ඉංග්‍රිසියෙන් කතා කරනවාට සහ තවකෙනෙක් ඉගෙන ගන්නවාට.
    ලංකාවෙ මන් ඉගෙන ගන්න හදන කාලෙත් මගෙම යාළුවො කින්ඩි දැම්ම
    ආහ් මෙයා පොෂ් නෙ ?
    උඹ සුද්දාට පුක දෙන්න හදනව නෙ ?
    ඉංග්‍රිසි වලට එස් තියන උඹ ඉංග්‍රිසි කතා කරන්න හදනව
    වගෙ නොයෙකුත් අවලාද කරා.

    එත් මන් එව්වා ගණන් ගත්තෙ නැහැ,
    මන් මගෙ වැඩෙ කරන් ගියා.
    උන් ඇයි එහෙම කරෙ.

    1 . උන්ට ඉංග්‍රිසි බැරි නිසා.
    2 . තව එකෙක් ඉගෙන ගන්නවාට තියෙන අකමැත්ත නිසා.

    වැඩිය ඔනි නැහ මගෙ පවුලෙ මගෙ දෙමාපියො උනත් කැමති නැහැ ඉංග්‍රිසියෙන් කතා කරනවාට .
    මල පනිනවා ඒ අයටත්. ඉතිං අනික් අය ගැන කවර කතාද ?

    ඒ වගෙම මෙහෙම දෙකුත් කියන්න ඔනි
    දෙශීයත්වය හෙල කම ඔළුවෙ තියන් ඉන්න උන්
    ඉංග්‍රිසි ඉගෙනගෙන වැඩක් නැහැ .
    සුද්දා කොළ අතු අඳින කාලෙ අපි දාගැබ් හැදුවා
    ඔව් එත් දැන් සුද්දාගෙ ක්‍රමෙ තමා ලොකෙ ආක්‍රමනය කරන් ඉන්නෙ .
    තාම ඉංග්‍රිසි බලවත් .

    ජපානෙ ,ජර්මනියෙ ඉංග්‍රිසි ගණන් ගන්නෙ නැහැ . ඇයි අපිට බැරි එහෙම වගෙ ටොක්ස් දෙනවා .
    ජපානෙ ජර්මනිය වගෙ රටවල් වලට ලොකෙ තියෙන තැන වෙනස්. ලෝකෙට ඒ රටවල් අවශ්යයි ,අපිට ලෝකය අවශ්‍යයි. ඉතිං ලෝක්ට යන්න නම් අපිට ඉංග්‍රිසි ඉගෙනීම අත්‍යවශ්‍යයි .
    ටීවි වලට එන සමහර සරම බැනියම ගහන් කටපුරා හෙල කම වැගිරෙන උන් උනත් ඔය හා සමාන අදහස් දෙන්නෙ
    හැබැයි උන්ගෙ ළමයි යන්නෙ ඉන්ටර්ෂනල් ඉස්කූල්ස් හො රජයෙ පාසල් වලනම් ඉංග්ලිශ් මිඩීයම්.
    සිංහල භාෂාව රාජ්ය භාෂාව කරපු බණ්ඩාරනායක උන්නැහෙත් එයාගෙ ළමයින්ව පිරිවෙන් වලට යැවුවෙ නැහ නෙ ?
    රටෙ හොඳම ඉංග්‍රිසි අධ්‍යාපනය තියෙන ඉස්කොල වලට තමා යැවුවෙ.
    ඉතිං ඔය පුහු දේශීයත්වයෙ ඇලිලා ඉංග්‍රිසි ඉගෙන ගන්න එක නතර කරගන එපා .


    අහන්න ඔනි දෙයක් තියෙනවනම් අහපන් .
    :rolleyes: