ඕක පට්ට ෆිල්ම් එක. YIFY release එක ආපු ගමන් බැලුව.
You must spread some Reputation around before giving it to wiki again.
txඕක පට්ට ෆිල්ම් එක. YIFY release එක ආපු ගමන් බැලුව.
You must spread some Reputation around before giving it to wiki again.
txgood
මම කීවේ එකනේනියම පිච්චර් එක මචන්
ela mcn.\
එල
You must spread some Reputation around before
giving it to wiki again.

අඩෝ ..උබත් ගාල්ලේද?එලම තමයි... මිට පස්සේ මේ වගේ සුපිරි ඒවා sub කරලා දානකොට අපිටත් මතක් කරපන් මචන්...මම බැලූ හොදම චිත්‍රපට යන මාතෘකාව යටතේ මේ මුලින්ම ඔබට ලබා දෙන්නේ,මට කෙදිනක වත් අමතක කරලන්නට නොහැකි වූ ඒ මනස කැලබූ බයිස්කෝප් එකයි
1954 දී Reginald Rose ගේ පිටපතකින් කළ එළි බැස්ස Twelve Angry Men කියන රූපවාහිනී නාට්‍යය ඇසුරින් නිර්මාණය කල අපූරු ගණයේ සිනමා සිත්තමක් තමයි 12 Angry Men කියන්නේ. මෙය චිත්‍රපටියක් ලෙස එළිදකින්න කලින් 1955 දී වේදිකා නාට්‍යයක් බවටත් පත්වෙනවා. එය 328 වාරයක් වේදිකාගත වෙලා තියනවා. භාෂා විශාල ගණනකට පරිවර්ථනය සහ අනුවර්ථනය වී ඇති මෙය මේවන විට ලාංකීය වේදිකාවටත් ගොඩවී තිබෙනවා අනුවර්ථනයක් විදියට “දොලහක්” යන නමින්. තවමත් මටනම් එය නරඹන්න උනේ නෑ. ඒත් ලොකු ආසාවක් තියනවා එයත් නැරඹීමට.
මේවන විට මෙම චිත්‍රපටය ලක්ෂ දෙකකට ආසාන්න ප්‍රේක්ශක සංඛ්‍යාවකගේ ඇගයීම මත IMDb හි 8.9ක අගයක් අරන් තියනවා. ඒ වගේම එහි හොඳම 250 අතරින් 6 වන තැන මේ වනවිට රැඳී තිබෙනවා. හිතාගන්න පුළුවන්නේ කොහොමද කියලා..
තමන්ගේ තාත්තා පිහියකින් ඇන මැරුවේ යැයි සැක කරන පුතෙකුට විරුද්ධව අසමින් පවතින නඩුවක ඉන්නා ජූරී සභිකයින් 12 දෙනෙක් වටා තමා කතාව ගලා යන්නේ. නඩුවේ සාක්ෂි විමසීමෙන් අනතුරුව විනිසිරු විසින් ජූරියට බාරදෙනවා සාකච්ඡා කරලා ඒ අයගේ තීරණය දැනුම් දෙන්න කියල. හැබැයි ඒ තීරණය ඒකමතික තීරණයක් විය යුතු බවත් කියා සිටිනවා. ඉතින් කවුරුත් කාමරයක තියන මේසයක් වටා රැස්වෙලා මේ මිනී මැරුම සහ ඒ හා සම්බන්ධ සාක්ෂි පිළිබඳව කතාබහ ආරම්භ කරනවා. මුලින්ම කරන්නේ වැරදිකරුද නිවැරදිකරුද කියලා කට්ටියගේ ඡන්දය විමසන එක. එහිදී 12 දෙනාගෙන් 11 දෙනෙක්ම පුතා වැරදිකරු බව කියා සිටිනවා. නමුත් එක් ජූරි සභිකයෙක් පමණක් නිවැරදිකරු බව කියනව. විනිසුරු වෙත ගෙන යා යුත්තේ ඒකමතික තිරණයක් නිසා මේ සාකඡාව ඉක්මනින් ඉවර කරන්න හිතාගෙන හිටියත් මේ ඇති උන තත්වය උඩ නිවැරදිකරු බව කී ජූරි සභිකයාගෙන් එහෙම තීරණය කරන්නට හේතු වූ කරුණු අනෙක් අය විමසනවා. ඔන්න ඔතන ඉඳන් තමා කතාව පටන් ගන්නේ හරියටම. මෙතනින් එහාට කියන්න යන්නෙත් නෑ මුකුත්ම කතාව ගැන.. ඔබම බැලිය යුතුයි මොකද වෙන්නේ කියල.
මේ චිත්‍රපටයේ තියන තවත් විශේෂ දෙයක් තමයි චිත්‍රපටියේ කාලයෙන් 95% පමණ තියෙන්නේ එකම පසුතලයක. එහෙම කියපුවාම හිතෙන්නෙ නම් මේක මහ බෝරින් එකක්නේ කියලා නේද.. මටත් එහෙම හිතුනා. නමුත් බලාගෙන යනකොට ඔබටම තේරෙන්නේ නෑ චිත්‍රපටය ඉවරයි නේද කියන එක.අනෙක් කරුණ චිත්‍රපටය පුරාවටම මේ එකදු චරිතයකවත් නමක් සඳහන් වෙන්නේ නෑ. චිත්‍රපටය අවසානයේ දී පමණයි දෙදෙනෙක් තම තමන්ව හඳුනාගන්නේ.
අනිවා බලන්න පරණ කියලා අහක දාන්න එපා , ඒ තරම්ම හොද ෆිල්ම් එකක් මේක,අනික රහස් පරීක්ෂණ කතා බලන කට්ටියට නම් බලන්න ඕනේ නියමම කතාවක්
බාගන්න
මේකේ දෙබස් ප්‍රමාණය වැඩි ඉංග්‍රීසි දැනුම අඩු නම් තේරුම් ගන්න අමාරු වෙයි එහෙම කෙනෙක් ඉන්නවා නම් බයිස්කෝප් එකේ සිංහල සබ් දීලාම තියෙන්නේ අරගෙන බලන්න
හොද නම් රෙප්දිගෙනම යන්න
ජය!
ඔවු, හරි මචන්අඩෝ ..උබත් ගාල්ලේද?එලම තමයි... මිට පස්සේ මේ වගේ සුපිරි ඒවා sub කරලා දානකොට අපිටත් මතක් කරපන් මචන්...

txzwikiya uba elakiri innawada jaya wewa macho

bump
බම්ප්
patta wadak




ඒකනේ තුති!
මම මේක මිට අවුරුදු තුනකට විතර කලින් බැලුවා විකියා ,,,
තවම මගේ ලග මේක තියනවා ..
පට්ටම story එක
black & white movies වලින් බැලුව හොදම එකක් තමයි මේක
