හොදම චිත්‍රපට ඔබට

s@dun193

Member
Jul 29, 2014
696
173
0
ela mcn.

You must spread some Reputation around before
giving it to wiki again.
 
Last edited:

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මම බැලූ හොදම චිත්‍රපට යන මාතෘකාව යටතේ මේ මුලින්ම ඔබට ලබා දෙන්නේ,මට කෙදිනක වත් අමතක කරලන්නට නොහැකි වූ ඒ මනස කැලබූ බයිස්කෝප් එකයි

1954 දී Reginald Rose ගේ පිටපතකින් කළ එළි බැස්ස Twelve Angry Men කියන රූපවාහිනී නාට්‍යය ඇසුරින් නිර්මාණය කල අපූරු ගණයේ සිනමා සිත්තමක් තමයි 12 Angry Men කියන්නේ. මෙය චිත්‍රපටියක් ලෙස එළිදකින්න කලින් 1955 දී වේදිකා නාට්‍යයක් බවටත් පත්වෙනවා. එය 328 වාරයක් වේදිකාගත වෙලා තියනවා. භාෂා විශාල ගණනකට පරිවර්ථනය සහ අනුවර්ථනය වී ඇති මෙය මේවන විට ලාංකීය වේදිකාවටත් ගොඩවී තිබෙනවා අනුවර්ථනයක් විදියට “දොලහක්” යන නමින්. තවමත් මටනම් එය නරඹන්න උනේ නෑ. ඒත් ලොකු ආසාවක් තියනවා එයත් නැරඹීමට.

මේවන විට මෙම චිත්‍රපටය ලක්ෂ දෙකකට ආසාන්න ප්‍රේක්ශක සංඛ්‍යාවකගේ ඇගයීම මත IMDb හි 8.9ක අගයක් අරන් තියනවා. ඒ වගේම එහි හොඳම 250 අතරින් 6 වන තැන මේ වනවිට රැඳී තිබෙනවා. හිතාගන්න පුළුවන්නේ කොහොමද කියලා..

තමන්ගේ තාත්තා පිහියකින් ඇන මැරුවේ යැයි සැක කරන පුතෙකුට විරුද්ධව අසමින් පවතින නඩුවක ඉන්නා ජූරී සභිකයින් 12 දෙනෙක් වටා තමා කතාව ගලා යන්නේ. නඩුවේ සාක්ෂි විමසීමෙන් අනතුරුව විනිසිරු විසින් ජූරියට බාරදෙනවා සාකච්ඡා කරලා ඒ අයගේ තීරණය දැනුම් දෙන්න කියල. හැබැයි ඒ තීරණය ඒකමතික තීරණයක් විය යුතු බවත් කියා සිටිනවා. ඉතින් කවුරුත් කාමරයක තියන මේසයක් වටා රැස්වෙලා මේ මිනී මැරුම සහ ඒ හා සම්බන්ධ සාක්ෂි පිළිබඳව කතාබහ ආරම්භ කරනවා. මුලින්ම කරන්නේ වැරදිකරුද නිවැරදිකරුද කියලා කට්ටියගේ ඡන්දය විමසන එක. එහිදී 12 දෙනාගෙන් 11 දෙනෙක්ම පුතා වැරදිකරු බව කියා සිටිනවා. නමුත් එක් ජූරි සභිකයෙක් පමණක් නිවැරදිකරු බව කියනව. විනිසුරු වෙත ගෙන යා යුත්තේ ඒකමතික තිරණයක් නිසා මේ සාකඡාව ඉක්මනින් ඉවර කරන්න හිතාගෙන හිටියත් මේ ඇති උන තත්වය උඩ නිවැරදිකරු බව කී ජූරි සභිකයාගෙන් එහෙම තීරණය කරන්නට හේතු වූ කරුණු අනෙක් අය විමසනවා. ඔන්න ඔතන ඉඳන් තමා කතාව පටන් ගන්නේ හරියටම. මෙතනින් එහාට කියන්න යන්නෙත් නෑ මුකුත්ම කතාව ගැන.. ඔබම බැලිය යුතුයි මොකද වෙන්නේ කියල.

මේ චිත්‍රපටයේ තියන තවත් විශේෂ දෙයක් තමයි චිත්‍රපටියේ කාලයෙන් 95% පමණ තියෙන්නේ එකම පසුතලයක. එහෙම කියපුවාම හිතෙන්නෙ නම් මේක මහ බෝරින් එකක්නේ කියලා නේද.. මටත් එහෙම හිතුනා. නමුත් බලාගෙන යනකොට ඔබටම තේරෙන්නේ නෑ චිත්‍රපටය ඉවරයි නේද කියන එක. :D අනෙක් කරුණ චිත්‍රපටය පුරාවටම මේ එකදු චරිතයකවත් නමක් සඳහන් වෙන්නේ නෑ. චිත්‍රපටය අවසානයේ දී පමණයි දෙදෙනෙක් තම තමන්ව හඳුනාගන්නේ.

අනිවා බලන්න පරණ කියලා අහක දාන්න එපා , ඒ තරම්ම හොද ෆිල්ම් එකක් මේක,අනික රහස් පරීක්ෂණ කතා බලන කට්ටියට නම් බලන්න ඕනේ නියමම කතාවක්



බාගන්න


මේකේ දෙබස් ප්‍රමාණය වැඩි ඉංග්‍රීසි දැනුම අඩු නම් තේරුම් ගන්න අමාරු වෙයි එහෙම කෙනෙක් ඉන්නවා නම් බයිස්කෝප් එකේ සිංහල සබ් දීලාම තියෙන්නේ අරගෙන බලන්න

හොද නම් රෙප් :rolleyes:දිගෙනම යන්න :yes:



ජය!
අඩෝ ..උබත් ගාල්ලේද?එලම තමයි... මිට පස්සේ මේ වගේ සුපිරි ඒවා sub කරලා දානකොට අපිටත් මතක් කරපන් මචන්...
 

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    අඩෝ ..උබත් ගාල්ලේද?එලම තමයි... මිට පස්සේ මේ වගේ සුපිරි ඒවා sub කරලා දානකොට අපිටත් මතක් කරපන් මචන්...
    ඔවු, හරි මචන්

    මේ 2න් මොකක් ද නියම YIFY එක
    http://yify-movies-official.com
    http://www.yify-torrent.org
    :yes:

    wikiya uba elakiri innawada jaya wewa macho
    txz
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Schindler’s List (1993) | ජීවිතයක වටිනාකම

    නාසි කදවුරු තුල සිදුවු යුදෙව් සංහාරය… මිලියන 6 කට අධික යුදෙව් ජාතිකයන් මෙලොවින් තුරන් කලේ කෙසේද ? හිතන්න.. මිලියන 6 ක්? මේ අමානුෂික නාසි හමුදාවෙන් එක් යුදෙව්වෙක් හෝ බේරගන්න පුලුවන් වුනොත්? එතකොට 1200 බේරගන්න පුලුවන් වුනොත්..? මේ මහා පුණ්‍යකර්මය කරපු මිනිසා කවුද ? එය කලේ කොහොමද යන්න දැනගන්න මේ පට්ටම චිත්‍රපටිය බලන්න..

    අතිවිශිෂ්ට නිර්මාණකරුවා Steven Spielberg අතින් නිමවුනු මේ නිමැවුම Imdb ratings 8.9/10 ලබාගන්නා අතර ලොව හොදම චිත්‍රපටි අතර 7 වන තැන උසුලයි. ඒවගේම ඔස්කාර් සම්මාන 7 ක් දිනාගෙන තියනවා. එම වසරේ හොදම චිත්‍රපටියට හිමි ඔස්කාර් සම්මානයත් ඒ අතර තියනවා..

    Oskar Schindler යනු යුදෙව්වන්ගේ ශ්‍රමය මගින් ධනවතකු වු පුද්ගලයෙක්. ඇලුමිනියම් භාණ්ඩ නිශ්පාදනයෙන් පටන් ගන්නා මොහු උණ්ඩ නිශ්පාදනය දක්වා යයි… මේ අතර යුදෙව් සංහාරය ඇරෙබෙන අතර ඔහු තමා ඉපැයු මුදල් , තමන්ට ඇති ඉහල සබදතා මේ සියල්ල උපයෝගි කරගනිමින් තම යුදෙව් අයකැමි සමග එක්ව මිනිසුන් 1200 වෙනුවෙන් කරන මේ මෙහෙයුම.. මිනිසුන් බේරාගන්නා අයුරු.. ඔවුන්ට දක්වන මානුෂික දයාව… කිසිදු වැඩකට නැතැයි කියමින් මරණයට ගෙනයන අහිංසක දරුවන් බේරාගන්න අයුරු…අපූරුයි. මම කතාව කියන්නෙ නම් නෑ… මොකද ඒක රසවින්දනයට බාධාවක් වේවි…

    නමුත් අවසන් භාගය ඇසට කදුලක් නංවනු නිසැකයි. රුසියාව නැවත ජර්මනිය ආක්‍රමනය කරන මොහොතේ Oskar පැනයන විට තමන්ගේ ජීවිතය බේරු තම ස්වාමියාට යුදෙව්වන් කෘතගුණ සලකන අයුරු…. Oskar තමන්ට තවත් ජීවිත බේරාගැනීමට තිබු අවස්ථා ගැන සිතමින් කම්පාවීම… ඇත්තටම විස්තර කල නොහැකි මොකක්දෝ හැගීමක් ඇතිවෙනවා…

    ඇත්තටම මෙය මනුෂ්‍යත්වය හා අපි හැමෝම මිනිස්සු නේද ? කියා සිතීමට මිනිසා යොමු කරන අතිසාර්ථක නිර්මාණයක්.. කලු සුදු නිසා නොබල ඉන්න නම් හිතන්න එපා.. මොකද වර්ණ තාක්ෂණය තියන කාලෙක මේක කරලා තියෙන්නේ… කලු සුදු යොදාගැනීමෙත් විශේෂත්වයක් තියනවා… 100% ඇත්ත කතාවක් ඒ නිසා අනිවා බාගෙන බලන්න…

    මේකෙත් සිංහල සබ් බයිස්කෝප් එකේ තියෙනවා :yes:

    බාගන්න

    445 MB http://bit.ly/R15gPV
    1,4 GB http://bit.ly/Nk36Hw


    liam-neeson----schindlers-list-1332259139-view-1.jpg

    Schindler's_List_movie.jpg
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :love::love::love:
    මම මේක මිට අවුරුදු තුනකට විතර කලින් බැලුවා විකියා ,,,
    තවම මගේ ලග මේක තියනවා ..
    පට්ටම story එක
    black & white movies වලින් බැලුව හොදම එකක් තමයි මේක
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    :love::love::love:
    මම මේක මිට අවුරුදු තුනකට විතර කලින් බැලුවා විකියා ,,,
    තවම මගේ ලග මේක තියනවා ..
    පට්ටම story එක
    black & white movies වලින් බැලුව හොදම එකක් තමයි මේක
    ඒකනේ තුති! :yes: