හොදම පාසල් බොක්ෂිං ක්‍රීඩිකාව- එක තරගයක්&#3520

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    හොදම පාසල් බොක්ෂිං ක්‍රීඩිකාව- එක තරගයක්&#3520

    එක තරගයක්වත් පැරදිලා නැ, ශ්‍රී ලංකාවේ හොදම පාසල් බොක්ෂිං ක්‍රීඩිකාව " උදව් කරන්න, දුප්පත්කම නිසා ක්‍රීඩාව අත් හැරීමට යන ගමේ දියණියක් .! (PHOTOS)

    By: MediaHub on April 22, 2018 / comment : 0





    [FONT=&quot] පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා බොක්ෂිං ක්‍රීඩීකා අනූෂා කොඩිතුවක්කු මවුබිම වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. මවුබිමේ සහ අනූෂාගේ වාසනාවට ඇයව රැක බලා ගැනීමට ඇයගේ කළමණාකරු ඩයන් ගෝමස් සිටියේය. නමුත් අප රටේ කොතරම් දක්ෂ ක්‍රීඩක , ක්‍රීඩිකාවන් පිරිසක් ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් හෝ මූල්‍ය අනුග්‍රහය නොමැතිව ක්‍රීඩාව අතහැර ඇත්ද ?[/FONT]
    [FONT=&quot] අනාගත අනූෂා කොඩිතුවක්කු කෙනෙකු වීමට හැකි පාසල් ක්‍රීඩිකාවක් පිළිබදව නෙත් ගොසිප් අපට වාර්තා වෙනවා. නමුත් අවාසනාවකට මූල්‍ය අනුග්‍රහය නොමැතිව ඇය ක්‍රීඩාව අත් හැර දැමීමට පවා ආසන්නය. එලෙසින් සිදු වුවහොත් මවුබිමට අහිමිව යන්නේ තවත් පදක්කම් රැසක් විය හැක. [/FONT]
    [FONT=&quot] 2017 යොවුන් පොදු රාජ්‍ය මණ්‌ඩලීය බොක්‌සිං තරගාවලිය සහ 2017 යොවුන් ලෝක ශූරතා බොක්‌සිං තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ හඟුරන්කෙත පල්ලේබෝවල ද්විතීයික විද්‍යාලයේ එම්. එච්. පී. මධුමාලි එරංගා ප්‍රියදර්ශනී දියණිය මෙවර තායිලන්තයේ පැවැත්වෙන 2018 යොවුන් ආසියානු බොක්‌සිං තරගාවලිය සඳහා සහභාගි වීමේ වාසනාව හිමිකර ගෙන ඇත.

    ඒ වාසනාව පසුපසම එක්‌තරා අවාසනාවන්ත තත්ත්වයක්‌ උදාවීමේ පුවතක්‌ ද තිබේ. එරංගා මධුමාලි දියණියටත්, ඇයගේ පුහුණුකරුටත් ඒ සඳහා ගුවන් ටිකට්‌පත් ලබා ගැනීමට මුදල් නොමැති වීම හේතුවෙන් පල්ලේබෝවල මහා විද්‍යාලයේ ආචාර්ය මණ්‌ඩලය සහ සිසු දරු දැරියන් මේ සඳහා මුදල් ලබා ගැනීමට හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ පාසල්වලත්, මහනුවර නගරයේත් ස්‌ටිකර් අලෙවි කිරීමේත් යෙදී සිටිති.

    තායිලන්තයේ පැවැත්වෙන 2018 යොවුන් ආසියානු බොක්‌සිං තරගාවලිය නියෝජනය කිරීම සඳහා මුළු දිවයිනෙන් ම තේරී ඇත්තේ පාසල් ළමුන් සතර දෙනෙක්‌ පමණි. එයිනුත් ඒ සඳහා සහභාගි වන එකම ක්‍රීඩිකාව මධුමාලි එරංගා දියණියයි. අනික්‌ ක්‍රීඩකයන් තිදෙනා කොළඹ රාජකීය, හොරණ විද්‍යාරත්න සහ පිළිමතලාව ධීරානන්ද යන විදුහල් නියෝජනය කරති.

    කිලෝග්‍රෑම් 48 බර පංතියෙන් තරග වදින මධුමාලි එරංගා දියණිය මේ දක්‌වා ශ්‍රී ලංකාවේ පැවැති කිසිදු බොක්‌සිං තරගයකින් පරාජය වී නොමැති අපරාජිත ක්‍රීඩිකාවකි. [/FONT]

    [FONT=&quot] ඇයට මේ තත්ත්වය උදාකර දීමට ඉමහත් කැපවීමක්‌ කළ ඇයගේ පුහුණුකරු වන ක්‍රීඩා උපදේශක ජමිත ගයාන් බණ්‌ඩාර දැනට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළේ මෙලෙසය.

    "පල්ලේබෝවල වැනි දුෂ්කර ප්‍රදේශයක පිහිටි පාසලකින් මේ තරම් දක්‍ෂ බොක්‌සිං ක්‍රීඩිකාවක්‌ බිහිකර ගැනීමට හැකිවීම මගේත් මේ ප්‍රදේශයේත් භාග්‍යයක්‌. තායිලන්ත ගමන පිළිබඳ ලංකා ජාතික බොක්‌සිං සංගමය මගින් වෙනත් අයුරින් උපකාර කළත් ඒ සඳහා මූල්‍ය අනුග්‍රහයක්‌ දැක්‌වීමට ඉදිරිපත් වුණේ නැහැ.

    මධුමාලි තායිලන්තයට කැඳවාගෙන යැමට නම් අනිවාර්යයෙන්ම ඇය සමඟ ගුරුවරියක්‌ ද යා යුතු වෙනවා. ඇයත් ඇයගේ පුහුණුකරු වන මටත්, ඇය සමඟ යන ගුරුවරියටත් යන තිදෙනාටම ගුවන් ටිකට්‌පත් වලටත්, දින 10 ක්‌ එහි නැවතීම සඳහා රුපියල් 1,76,000 ක්‌ පමණ වැය වෙනවා. දුෂ්කර පාසලක්‌ වන අපට ඒ තරම් මුදලක්‌ සොයා ගැනීම හරිම අසීරුයි. ළමයින්ගේ දෙමාපියනුත් ආර්ථික අතින් එතරම් පොහොසත් අය නෙවෙයි."

    මේ නිසා දින ගණනාවක්‌ වෙහෙස වී කෙසේ හෝ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවී තත්ත්වය පැහැදිලි කිරීමෙන් පසුව එතුමාගේ උපදෙස්‌ පරිදි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අපිට ගුවන් ටිකට්‌පත් ලබා දුන් බව ස්‌තුති පූර්වකව සිහිපත් කරනවා. නමුත් අප්‍රේල් 19 වැනිදා තරගයට සහභාගි වීමට යා යුතු බැවින් ඒ සඳහා කල් මදි නිසා වීසා ලබා දීමට නොහැකි බව තායිලන්ත තානාපති කාර්යාලය පැවසුවා.

    ඊට පසු එහේ මෙහේ දුව පැනලා "තායි ට්‍රැවල්ස්‌ ඒජන්සියකින්' මේ ගැන විමසන විට ඒ අය කීවේ වීසා ලබාදීමට නම් ඒ අයගෙන් ගුවන් ටිකට්‌පත් නැවත මිලදී ගත යුතු බවයි. ඒ අනුව රජයෙන් ලබාදුන් ගුවන් ටිකට්‌පත් භාර ගත නොහැකි බව කීවා. එක්‌ අයකුට රුපියල් 63,000 ක ටිකට්‌පතක්‌ ගත යුතු බවත් ඔවුන් පැවසුවා. අපිට වෙන කරන්න දේකුත් නැහැ. මධුමාලි මේ තරගය සඳහා අනිවාර්යයෙන් ම සහභාගි කරවිය යුතුයි. එසේ නොවුණහොත් ඒක ඇයට කරන විශාල අසාධාරණයක්‌

    ඒ අනුව මගේ ගමන අවලංගු කරලා, ගුරුවරියක්‌ සමඟ මධුමාලි තායිලන්තයට යෑවීමට අපි තීරණය කළා. මේ සඳහා රුපියල් 1,26,000 ක්‌ සොයා ගත යුතුයි. ඒකට මුදල් සොයා ගැනීමට ස්‌ටිකරයක්‌ මුද්‍රණය කරලා මේ දිනවල හැම තැනම අලෙවි කරනවා. මහනුවර නගරයේත් ඒවා අලෙවි කරනවා. කෙසේ හෝ මධුමාලි මේ තරගයට යවලා ඒකෙන් ජය ලබාගෙන '2018 යොවුන් ඔලිම්පික්‌ තරගාවලියට' යැමට සුදුසුකම් ලබා ගැනීමයි අපේ එකම පරමාර්ථය "


    නගරයේ සුපිරි පාසල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇති පහසුකම්වලින් දහසෙන් එකක්‌වත් නොමැතිව බොක්‌සිං ක්‍රීඩාවෙන් විශිෂ්ට දස්‌කම් දක්‌වන මධුමාලි එරංගා ක්‍රීඩිකාවට 2018 යොවුන් ආසියානු බොක්‌සිං තරගාවලියෙන් ජය ලබා 2018 යොවුන් ඔලිම්පික්‌ තරගාවලියට සහභාගි වීමට සුදුසුකම් ලැබේවා යැයි නෙත් ගොසිප් අප ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. මෙහිදි ඇය වෙනුවෙන් උපරිම කැපකිරීම කරනා ඇයගේ පුහුණුකරු ජමිත ගයාන් බණ්ඩාරටද විශේෂ ස්තූතියක් හිමි විය යුතුය. ඔහු සිය ක්‍රීඩිකාව වෙනුවෙන් සමාජජාලා ඇතුලු මාධ්‍ය වලද හඩ නගා තිබෙන අයුරු දක්නට ලැබි තිබුනි. [/FONT]

    [FONT=&quot]
    30571925_2075013119382381_2670537877842034688_n(1).jpg
    [/FONT]

    [FONT=&quot]
    30226441_2074291782787848_6816973505255440384_n.jpg
    [/FONT]

    [FONT=&quot]
    30261073_2074291616121198_3344545351846592512_n.jpg
    [/FONT]

    [FONT=&quot]
    30261715_2074291709454522_2587108881146576896_n.jpg
    [/FONT]

    [FONT=&quot]
    30261784_2074291742787852_3065964401409392640_n.jpg
    [/FONT]

    [FONT=&quot]
    30411586_2074291646121195_8401020850622431232_n.jpg
    [/FONT]
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,627
    113
    Nowhere
    අර සැටලයිට් ඩිශ් එකක්ද බන් වහලේ තියෙන්නේ? නිකන් ඒ වගේ පෙනුනේ :confused:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අර සැටලයිට් ඩිශ් එකක්ද බන් වහලේ තියෙන්නේ? නිකන් ඒ වගේ පෙනුනේ :confused:

    ඒ වගේ පැති වල කොච්චර සල්ලි නැති උනත්
    ගොඩක් ගෙවල් වල සැටලයිට් ගහලා තියෙන්නේ මචන්.
    රටේ ලෝකේ වෙන දේවල් දැනගන්න ඕනේ නිසා.
    :yes::yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,627
    113
    Nowhere
    ඒ වගේ පැති වල කොච්චර සල්ලි නැති උනත්
    ගොඩක් ගෙවල් වල සැටලයිට් ගහලා තියෙන්නේ මචන්.
    රටේ ලෝකේ වෙන දේවල් දැනගන්න ඕනේ නිසා.
    :yes::yes:


    hm
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අර සැටලයිට් ඩිශ් එකක්ද බන් වහලේ තියෙන්නේ? නිකන් ඒ වගේ පෙනුනේ :confused:

    23.gif


    දෙයි හාන්දුරුවනේ..... ඔව් නේන්නං...
    මෙච්චර දේවල් තියෙද්දි උඹත් දැකපු දේවල්...
    ඒ කෙල්ල sports channels බලනව ඇති පුරුදුවෙන්න..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,627
    113
    Nowhere
    23.gif


    දෙයි හාන්දුරුවනේ..... ඔව් නේන්නං...
    මෙච්චර දේවල් තියෙද්දි උඹත් දැකපු දේවල්...
    ඒ කෙල්ල sports channels බලනව ඇති පුරුදුවෙන්න..
    wrestling balanawa ati


    achara dewal kiayla tiyeddi, thota penune oka witarai neda :angry::growl:
    wisthare kiyawala photo baladdi dakke. dish eka spot wela penawa