හොදම යාලුවෝ ඉන්නවා මචන්. නමුත් සමහර ප්‍රශ්න මමම විසදගන්න උත්සහ කරනවා. මොකද මම මගේ ජීවිතේට මිනිස්සු ලං කරගන්නේ ආපසු හැරීමක් ඕන උනොත් කරන්න පුළුවන් විදිහට. නැත්තම් සමහරු එව්වා පස්සේ අපිටම ආයුද විදිහට පාවිච්චි කරනවා
ඒක ඇත්ත, මටත් යාලුවෙක් හිටිය, යාළුවගේ ගේ නංගිත් ගොඩක් ලස්සණ කෙල්ලක්, මට ඒකී ගැන ක්‍රෂ් එකක් තිබුණ, මට එත් යාළුකම නිසා ගටක් තිබ්බේ නැහැ ඒ ගැන අහන්න කියන්න, මම තව මියුචුවල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගැන ඔය ගැන කතා කළා, කොහොමටවත් නරක දෙයක් කිව්වේ නැහැ, ක්‍රෂ් එකක් තියෙන එක, ඒ වගේ දේවල් ගැන කොල්ලන් කරන ජෝක්ස්, කොහොමටවත් පහත් දෙයක් කිව්වේ නෑ, මොකද මට ඒකී ගැන ක්‍රෂ් එකක් තිබ්බ නිසා.
එත් මූ මේ ගැන ජරා කේලමක් කියල තිබ්බ, මොකද ඌටත් අර කෙල්ල ගැන අදහසක් තිබ්බ නිසා, ඉතින් යාළුවා ඌගේ වෙඩින් එකවත් මට කියන්නේ නැති තරමට අවුල් වුන, ඊට පස්සේ ඉඳල මම කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. යාළුවො ඉන්නවා, එත් උන් හැම දේම කියන්න පුළුවන් හොඳම යාළුවො නෙවේ.
මාත් මගේ ප්‍රශ්ණ තනියම විසඳා ගන්නවා.