මම ළගින් ම ආශ්‍රය කරපු එවුන් දෙන්නයි බන් ඉන්නෙ අවුරුදු තුනක් විතර තිස්සෙ. ඒකෙන් එකෙක් සැරින් සැරේ තරහ වෙනව මාව බ්ලොක් කරනව. ආයෙත් ඕන උනාම හොයන් එනවා. මම ඌට ගොඩක් බොක්කෙන් හිටියට ඌ මහ අමුතුයි. ඌ හිතන්නෙ ඌ කියන එක විතරයි හරි කියලා. ඌ කැම්පස් ගිහින් දැන් හොද ජොබක් කරනවා. ඌ හිතන්නෙ ම ඌ කියන එක විතරයි හරි කියලා. ඌ මොනව හරි දෙයක් ගැන මගෙන් ඇහුවොත් මම කිව්වොත් ඕක හරි නෑ කියල ඌ හිතන්නෙ මම ඉරිසියාවට කියනව කියල. මම කියපු මොනව හරි වැරදුණොත් ඌ හිනා වෙනව ඒ උඹ හෙන ලොකු ටෝක් නෙ දුන්නෙ කියල. හෙන ගොඩේ විදියට හැසිරෙන්නෙ.සිරාවට ම මම ඌ එක්ක බොක්කෙන් හිටියෙ. ඒකයි ඌ කොච්චර අවුල් වෙලා රණ්ඩු වෙලා ගියත් ආපහු ආවා ම කතා කරන්නෙ. මම මුලින් හිතුවෙ මූ ඔහොම කියන්නෙ තරහ ගිය වෙලාවට කියල. ඒ නිසා වැඩය ගණන් ගන්නෙ නෑ ඒව. ඒත් බන් මගේ හෙන ම සීරියස් ප්‍රශ්න වලටත් ඌ හිනා වෙනව. උගේ විදිය කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.අපි මචන් කවුරු හරි බැණබැණ දෙයක් කිව්වත් අහනවනෙ. ඒව නිකන් ඇරියස් එකට කියන ඒව ගානට හිතන්නෙ නෑනෙ බන්. ඒත් අරූ එහෙමයි. අනිත් යාළුව හොදයි ගොඩක් ආගමට ලැදි කාටවත් කුහක වැඩ නොකරන කාටවත් හිනා නොවෙන ඕන දේක දී උපදෙස් ගන්න පුළුවන් එකෙක්. හැබැයි ඌ ඉන්ට්‍රොවර්ට් වගේ. ඌ වැඩිය මූව් වෙන්න එන්නෙ නැති පොරක්. මුන් දෙන්නගෙන් තමයි හැමදේට ම උපදෙස් ගන්නෙ.( උඹලගෙන් ඇර
) මට හොද ම යාළුවො වෙලා හිටියෙ උන් දෙන්න විතරයි. ඒත් අරූගෙ හැසිරීම එක්ක මට එපා වෙනව බන්. උඹලගෙ හොද ම යාළුවො උණත් මෙහෙම ද? මගේ හොදම යාළුවො විදියට මම හිතන් හිටියෙ උන්ව. 
මට හිතෙනව අරූව සදහට ම හලන්න කාලෙ හරි කියල. ඒත් මට අවුල් කවදාවත් බොක්ක බෙදාගන්න යාළුවෙක් හම්බ වෙන එකක් නැද්ද කියල.
මට හිතෙනව අරූව සදහට ම හලන්න කාලෙ හරි කියල. ඒත් මට අවුල් කවදාවත් බොක්ක බෙදාගන්න යාළුවෙක් හම්බ වෙන එකක් නැද්ද කියල.
Last edited:
