හොදම_ක්‍රීඩකයා_ඉවතට_කෝටීපතියාගේ_පුතාට_අව
අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇත. අහෝ පුදුමයකි. පසුගිය වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබු ක්‍රීඩකයා , හොදම පන්දු යවන්නා ලෙස නම් දරා වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා කණ්ඩායමේ නැත.කණ්ඩායම් නායකත්වයට කමිඳු මෙන්ඩිස් පත්කර ඇත. එය නම් පිළිගත හැක. උපනායක ජෙහාන් ඩැනියෙල් ය, ජෙහාන් ගේ පියා කවුද යන්න සහ කණ්ඩායමට පැමිණීමට ඔහුගේ දක්ෂතාවය සොයා බැලිය යුතුය. තේරීම් කමිටුවේ පුද්ගලයෙකුට සමීප ආදි ශිෂ්‍ය සංගමයකින් ජෙහාන් ඩැනියල් කණ්ඩායමට ගෙනැවිත් උපනායකත්වයට පත් කළ අයුරු රටම දැන ගත යුතුය.
නවසීලන්තයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන් කණ්‌ඩායමේ සංයුතිය ගලපා ගැනීමද මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබියදී නව තේරීම් කමිටුව විසින් ඇතැම් ක්‍රීඩකයන්ව සංචිතයෙන් ඉවත් කර ඇත්තේ ඔවුන්ගේ පුහුණු තරග දක්‍ෂතාද සැලකිල්ලට නොගනිමින් ය.
මාතර ශාන්ත සර්වේශස් විදුහලේ වේග පන්දු යවන්නකු වන තිලාන් ප්‍රසාන් පුහුණු තරග හතරකදී කඩුලු 16 ක් ලබා දක්ෂතම වේග පන්දු යවන්නා ලෙස නම් දරා සිටියද නව තේරීම් කමිටුව ක්‍රිකට් ක්ෂේත්‍රයම මවිතයට පත් කරමින් තිලාන් සංචිතයෙන් ඉවත්කර තිබේ. කුරුණැගල ශාන්ත ආනා විද්‍යාලයේ රන්දීර් රණසිංහ මුල් ක්‍රීඩකයන් තිස් දෙනා අතර සිටියවත් නොසිටිය යුතු අදක්ෂයෙකි. ඒ බව පසුගිය තරග වාර්තා පරීක්ෂා කළ පසු පැහැදිලි කර ගත හැක. නමුත් තේරිම් කමිටුව ඔහුගේ පාසලෙන් ලැබු ආදි ශිෂ්‍ය සංගමයේ බලපෑමට සහ වරප්‍රසාද වලට රන්දීර් රණසිංහ කණ්ඩායමට ඇතුලත් කර ගෙන තිබෙන බව ක්‍රිකට් LK අප චෝදනා කරමු.
ගාල්ල ඇලෝසියස් විදුහලේ අති දක්‍ෂ පිතිකරුවකු වූ රවිදු සංජනද පුහුණු තරගවලදී සුවිශේෂී දක්‍ෂතා දක්‌වා තිබුණද ඔහුට ස්‌ථානයක් නොමැත.. රවිදු සංජන යනු 19න් පහල වයසේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම පිතිකරුවා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. රවිදු ට ස්ථානය අහිමි වෙද්දි ත්‍රිත්ව විද්‍යාලයේ හසිත බෝයගොඩට සහ තිසරු රශ්මික දිල්ශාන්ට අවස්තාව ලැබෙන්නේ අපුරූ ක්‍රමයකටය. මොවුන් දෙදෙනා පසුපස සිටින්නේ කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් විසින් මෙහෙයවන ආදි ශිෂ්‍ය සංගමයකි. තිසරු රශ්මික දිල්ශාන් කණ්ඩායමට ගෙන එන්නේ පිතිකරුවෙක් ලෙසය , නමුත් ඔවුන් දිගින් දිගටම අසාර්ථක නිසා දග පන්දු යවනෙකු ලෙස කණ්ඩායමට එක් කර තිබේ, අලුත් තේරිම් කමිටුව පිළිබදව විලිලැජ්ජය.
පුහුණු තරග වල මෙන්ම පසුගිය වසරේද පිට පිට ශතක ලැබූ හරීන් බුද්ධික කණ්ඩායමේ නොමැත, හරීන් බුද්ධික යනු පුහුණු තරග වල වැඩිම සාමාන්‍යය සහිත පිතිකරුවෙකි. මෙලෙස දක්ෂයන් සියල්ල ස්ටෑන්ඩ් බයි තබාගෙන තේරීම් කමිටුවෙ දූෂීතයන් දුර්වල ක්‍රීඩකයන්ට අවස්තාව දී තිබේ, සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ අනුමැතියද ලැබී ඇත. 19න් පහල කණ්ඩායම යනු රටක ඊළග තරු නියෝජනය කරනා නිජබිමයි, එවන් තැනකට දක්ෂයන් සියල්ල කපා දමා මුදල් අල්ලස් ලබා ගෙන සහ ආගම් පදනමින් ක්‍රීඩකයන් නම් කිරීම කොතරම් අවාසනාවන්ත තත්වයක්ද ? තේරීම් කමිටුව හැසිරෙන්නෙ මෙලෙස නම් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට කණකොකා හැඩීම පුදුමයක්ද ?
http://cricketlk.com/archives/2107
දහනවයෙන් පහල කණ්ඩායම නම් කරයි , පසුගිය වසරේ හොදම ක්‍රීඩකයා ඉවතට – කෝටීපතියාගේ පුතාට අවස්තාව .!