හොද, නරක, සහ සත්‍යාවබෝධය
අදුර නැතිනම් ආලෝයක් ගැන කථා කල නොහැකිය.
වැසි සමය නැතිනම් පායන කාලයක් ගැන කථා කල නොහැකිය.
මෝහය නැතිනම් බුද්ධියක් ගැන කථා කල නොහැකිය.
යක්ෂයින් නැතිනම් දෙවිවරැන් ගැන කථා කල නොහැකිය.
අධමයින් නොමැතිනම් යහපත් මිනිසුන් ගැන කථා කල නොහැකිය.
නරකක් නැතිනම් හොදක් ගැන කථා කල නොහැකිය.
ලෝකයේ සෑම දෙයක්ම සැදී ඇත්තේ අන්ත දෙකකින් යුතුව බව ඔබට පෙනේද? එක් අන්තයක් නොමැතිනම් අනෙක් අන්තය පිලිබදව කථා කල නොහැකිය. මෙය Duality හෙවත් ලෝකයේ ද්විත්ව ස්වභාවයයි. මෙම අන්ත දෙක සෑම විටම එකට ගමන් කරයි.
එසේනම්, සත්‍යාවබෝධය යනු කුමක්ද? නරක නැති කොට "හොද" වීමද? එහෙත් නරක නැති කලහොත් "හොද" ට පැවැත්මක් තිබේද? ඔබ හොද වුවද නරක වුවද ඔබට සත්‍යාවබෝධයට පත්විය නොහැකිය. නරක බව ඔබව ලෝකයට මල කෑ යකඩ දම්වැල් වලින් බැද දමන අතර, හොද බව ඔබව ලෝකයට රනින් දිලිසෙන දම්වැල් වලින් බැද දමයි. ඔබ කොයි අන්තයට ගියද ඔබ ලෝකයට බැදෙනවා මිස එයින් නිදහස් නොවෙයි. එසේ නම්, සත්‍යාවබෝධයට පත් පුද්ගලයා යනු හොද නරක යන දෙකින්ම නිදහස් වූ පුද්ගලයාය. අදුරින් මෙන්ම ආලෝකයෙන්ද නිදහස් වූ පුද්ගලයාය. "මම" සහ "අනෙකා" නැමැති මායාවෙන්ද මිදුනු පුද්ගලයාය. අනෙකුන් නැතිනම්, ඔබට ඔබ ගැන අදහසක් ඇති වේද? අනෙකුන් තැනිතම්, ඔබට ඔබ සිටිනවා කියා පවා නොදැනෙනු ඇත. සත්‍යාවබෝධයට පත් පුද්ගලයා යනු, තමා යනුවෙන් කෙනෙකු සිටිනවා කියා පවා නොදැනෙන "පුද්ගලයා" ය. එවිට ඔහු/ඇය "මම" නැමැති බැම්මෙන් මිදී, ලෝකය සහ විශ්වය සමග ඒකාත්මික වෙයි.
"දකින්නාත් දකිනදෙයත් දෙකක් නොව එකක්මය" ~ J.ක්‍රිෂ්ණමූර්ති.

)