මචන්ලා මගේ යාලුවෙක් ඉන්නව පොඩියට Fancy Items Business එකක් විදිහට කරගෙන යන.පොඩියට කීවට දැන් ටිකක් ලොකුවට.මේ ලගදි තම Business එක Register කලේ.පොර මගෙන් ඉල්ලුවා Business එක පොඩ්ඩක් Study කරලා අවංකෙන්ම ඒකේ තියෙන අඩුපාඩු කියන්න කියලා.තව Improve වෙන්න ඕනේ තැන් එහෙම.
එතනදී මට පොඩි පොඩි ඒවා ටිකක් අහු උනා.මම පහලින් දාන්නේ ඒ ගැන.මේ සම්භන්දයෙන් දන්න අය පොඩි පොඩියට අදහස් ටිකක් දක්වමු පහලින්.
1. Praduct එක මිනිස්සු අතරට යන්න උවමනා කරන Social Media Platform එකක් නොවීම.
2.ඇතුලේ Office එකේ වැඩ වල අපැහැදිලි බව.ඒ දේවල් පිලිවෙලකට කරන E.R.P System එකක් නැතිකම.
3.Field එකේදි කෙරෙන Sales වලදී ඒකට SFA - Sales force automation එකක් පාවිච්චි නොකිරීම.
දැන් මම මේ හොයා ගත්ත ඒවට පොඩියට Solution ටිකක් හොයා ගත්තා.ඔයාලගෙත් අදහස් අවශ්‍යයි මේක ගොඩ දා ගන්න.
1.Social Media ටිකයි Web Site එකයි කරන්න Advertising එකකට දෙන්න.(මේ ගැන Idea එකක් ඔනේ.ඒක අනවශ්‍ය මුදල් නාස්තියක්ද ? කියන එක දැන ගන්න ඔනේ)
2.E.R.P System එකක සහය ලබා ගැනීම.මෙතනදී මට හම්බුනා
Odoo
Openbravo
MixERP
Dolibarr ERP
erp5
කියන E.R.P System.
ඊට වඩා හොද එකක් තියෙනවා නම් කියන්න.
3.Sales force automation එකක් සපයන සමාගමකින් මිලදී ගන්න එක.ඒ ගැන නම් මට දන්න කෙනෙක් හරියටම කියන්න.
Ceylon Linux කියලා Company එකක SFA එක හොදයි කියලා ගොඩක් අය කිව්වා.හරියටම දන්නේ නෑ.තව X Snap කියලා එකක් ගැනත් කිව්වා.
හරි.මේ ගැන තම තමන් දන්න විදිහට අදහස් දක්වමු ප්රෙන්ස්.හැබැයි තමන් ගේ ආයතන හරි තමන් වැඩ කරන තැන් හරි Recomand කරන්න එන්න එපා.අවංකෙන්ම හොද දේ තමයි බලාපොරොත්තු වෙන්නේ.
Last edited: