මොනවා තිබුණත් වැඩක් නැහැ හොද හමුදාවක් නැත්නම්
ඉතිහාසයෙන් පාඩමක්
වෙලාවක් තියෙනවනම් කියවන්න වටිනා කතාවක්........... අපේ රට ලෝකෙත් එක්ක ගත්තම කුඩා රටක් උනත් ඔබට ඔබලාගේ අතීත මුතුන් මිත්තනියන් ගැන ආඩම්බර වෙන්න පුළුවන් ජාතියක්.
අතීතයේ පම්පෝරි අපිට දැන් මොකටද කියල අහන අයත් ඉදියි, ලොව අනාගතය නිර්මාණය සෑම විටම අතීතය පදනම් කරගෙන බව ඒ අය නොදන්නා නිසායි එහෙම අහනවා ඇත්තේ.
හෙළදිව උතුරේ නාගදීපය දක්වා විහාර දාගැබ් තනවා ජයශ්‍රීමහා බෝධියෙන් බිහිවූ සතළිස් පළරුහ බෝධීන් රටේ සෑම ප්‍රදේශයකම රෝපණය කරවා බුදු සසුන දේශව්‍යාප්ත කිරීම උදෙසා කැපවුණු දේවානම්පියතිස්ස රජතුමා වැව් ඇලවේලි බඳවමින් සමෘද්ධිමත් ධාර්මික සමාජයක් ගොඩනැගීමෙහිලා නායකත්වය දුන් බව ඉතිහාසගතවී ඇත. එසේ වුවත් දේවානම්පියතිස්ස රජතුමන් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශක්තිමත් හමුදා බලයක් ගොඩනැඟුවේ නැත. එහි ප්‍රතිඵලය වූයේ, ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ මෙන්ම ලංකාවේ දේවානම්පියතිස්ස රජුගේ අභාවයෙන් පසු දශක දෙකක් ගතවෙත්ම දේවානම්පෑතිස් රජ සොහොයුරු සූරතිස්ස රජු මරා රජරට යටත් කරගන්නට ලංකාවේ අශ්ව වෙළෙ¹මේ ආ සේන, ගුත්තික ප්රමුඛ පරසතුරන්ට හැකිවීමයි. දේවානම්පියතිස්ස රජුගේ බාලම සොහොයුරු අසේලයන්ගේ නායකත්වයෙන් සටන් කළ දේශප්‍රේමී ජනතාව සේන, ගුත්තික ප්රමුඛ පරසතුරන් පරදා රජරට මුදාගත්තද තවත් දශකයක් ගතවත්ම එළාරගේ නායකත්වයෙන් රජරට ආක්‍රමණය කළ සතුරු හමුදාවන්ට අනුරපුර රාජධානිය යටත් කරගත හැකිවිය. සාමකාමී සෞභාග්‍යවත් රජරට දසක තුනක් තුළ දෙවරක්ම පරසතුරන් යටතට පත්වූයේ ශක්තිමත් ජාතික ආරක්ෂක හමුදා බලයක් නැති නිසා බව අවබෝධ කරගත් රුහුණු රට කාවන්තිස්ස රජතුමා දේශප්‍රෙAමී ජාති හිතෛෂී ශාසන මාමක වීරයන් එක්කර දසමහායෝධයන් ප්රමුඛ ශක්තිමත් හමුදා බලයක් ගොඩනඟන්නට කටයුතු කළේ දුරදක්නා නුවණින් යුතු මහා ප්රාඥයකු ලෙසිනි.
සිය පිය රජතුමන් විසින් ගොඩනංවන ලද හමුදාව තවදුරටත් ශක්තිමත් කර රට එක්සේසත් කිරීමේ යුද ක්‍රියාමාර්ගය දියත් කළ දුටු ගැමුණු රජතුමාගේ පිළිවෙත වූයේ බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා කැපවීමයි. පරසතුරු බලසේනා පරදවා රට එක්සේසත් කර රුවන්වැලි මහා සෑය, මිරිසවැටි දාගැබ හා ලෝවාමහාපාය ආදී විහාර දාගැබ් කරවා ඒ මහා පුණ්‍ය කර්ම සඳහා ආසියාවේ සියලු රටවලින් ලක්ෂ සංඛ්‍යාත භික්ෂුන් වහන්සේලා වඩම්මවා බුද්ධශාසනයේ චිරස්තිථිය සඳහා වූ පිළිවෙත ලෝක පූජිත වන ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ දුටුගැමුණු රජතුමාගේ ප්‍රතිපත්තිය සිංහලේ ජාතික දැක්ම බවට පත්විය. ලොව ලොකුම දාගැබ වූ අභයගිරි ස්තූපය ගොඩනංවා ඒ වටා පිරිවෙන් දොළහක්ද කරවා දහස් ගණන් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් සැලැස්වූ වළගම්බාවන්ගේ අරමුණ වූයේද සිය පියාගේ දෙටු සොහොයුරු දුටුගැමුණු මහරජතුමාගේ ප්‍රතිපත්තිය වූ බුද්ධ ශාසනයේ චිරස්තිථිය සඳහා වන පිළිවෙත ක්‍රියාත්මක කිරීමයි.
අඹන්ගඟ හරස් කර අමුණබැඳ ඇලහැර ඇළ හා මින්නේරිය වැව වැනි මහවැව් ඇලවේලි බඳවා ලොව උසම චෛත්‍යය වූ ෙ-තවන දාගැබ කරවූ මහාසේන රජතුමාගේ මෙන්ම දික්සඳ සෙනෙවියා පිරිවෙන වැනි මහ පිරිවෙන් ජාතික අධ්‍යාපන මූලස්ථාන තත්ත්වයට නංවා කලා, බළලු වැව් හා යෝධ ඇළ ඇතුළු වැව් ඇළවේලි පද්ධතියක් කරවූ ධාතුසේන රජතුමාගේ මූලික අරමුණ වූයේ බුද්ධශාසනයේ චිරස්තිථියයි. අනුරාධපුර යුගයේ රට කරවූ බුද්ධදාස, සංඝබෝධි, අභය, අග්‍රබෝධි, දප්පුල මහානාම, ශිලකාල, සේන, උදය, මිහිඳු ආදී විවිධ බෞද්ධ නම්ගත් සියලුම සිංහල රජවරුන්ගේද මූලික ප්‍රතිපත්තිය වූයේ බුද්ධශාසනයේ චිරස්ථිතිය පිළිබඳ වූ උදාර අරමුණ ක්‍රියාත්මක කිරීමයි. සිංහලේ ඒ උතුම් පිළිවෙත බෝධිසත්ව ගුණෝපේත කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා දක්වා නොවෙනස්ව පැවතුණි. මහදාගැබ්, සුවිසාල විහාරාරාම හා මහවැව් ඇළවේලි කරවූ ගැමුණු, වළගම්බා, මහසේන, ධාතුසේන, බුද්ධදාස, අග්‍රබෝධි ආදී අනුරාධපුර යුගයට අයත් කිසිම රජකුගේ මාලිගාවක නටබුන් හමු නොවන්නේ අනුරපුර යුගයේ විසූ කිසිම රජෙකු සුඛෝපභෝගී මහා මාලිගා නොතැනූ නිසාය.
සේන, ගුත්තික ආක්රමණයේ පටන් ආර්යචක්රවර්තිවරුන් දක්වා වූ විදේශාක්රමණික බලවේගයන් දහතුනකට මුහුණදී රට, දැය, සමය රැකගත් සිංහලයන්ගේ ප්රමුඛ අරමුණ වූයේ බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා කැපවීමයි. පොළොන්නරුව ලේවිලක් බවට හරවා රජරට යකුන් නැටූqපිටියක් බවට පත්කළ කාලිංගමාඝගේ විනාශකාරී ආක්‍රමණයෙන් පසු බෙදී තිබූ රට එක්සේසත් කළ හයවැනි ශ්‍රී පැරකුම්බා රජතුමාගේ සෞභාග්‍යවත් රාජ්‍ය කාලය වර්ෂ පනස් ගණනක් විය. හයවැනි ශ්‍රී පැරකුම්බාවන්ගෙන් පසු රාජ්‍ය උරුමය සඳහා ඇතිවූ අර්බුදවල උච්ඡ අවස්ථාව වූයේ විජයබා කොල්ලයයි. විජයබා රජු මරා ඔහුගේ පුත්‍රයන් තිදෙනා කෝට්ටේ රාජධානිය සීතාවක, රයිගම ආදී වශයෙන් බෙදා ගැනීමෙන් ඇති වූ බල අරගලය සිය වාසියට හරවාගත් පෘතුගීසීහු හත්වැනි බුවනෙකබාහු රජු මරවා තමන්ගේ රූකඩයක් බවට පත්කරගෙන සිටි දොන් ජුවන් ධර්මපාල රජුගේ නමින් පහතරට ප්‍රදේශවල සිය ආධිපත්‍යය පතුරුවා ගත්තද පෘතුගීසීන්ට කිසිවිටෙකත් තුන්කෝරලය, සතර කෝරලය, සත්කෝරලය, සබරගමුව, ඌව වෙල්ලස්ස, දිගාමඬුල්ල, තමන්කඩුව හා වන්නිකරය යටත්කර ගත නොහැකිවිය. තිරිකුණාමලය පවා පැවතියේ තිරිකුණාමල ගලේ බල කොටුබැඳ නැඟෙනහිර වෙරළ තීරය සුරක්ෂිත කළ දෙවැනි රාජසිංහ ආදී සිංහලේ රජවරුන් යටතේ බව රහසක් නොවේ.
පෘතුගීසින්ට හා ලන්දේසීන්ට මෙන්ම බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන්ටද අවිබලයෙන් යටත්කරගත හැකි වූයේ ශ්‍රී ලංකාවේ මුහුදු තීරය ඇතුළු පහතරට ප්‍රදේශ පමණි. අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය උපායට ගොදුරුවී තමන් අල්ලා බැඳ ඉංගී්රසීන්ට පාවා නොදුන්නා නම් කෙතරම් අවිබලය යොදා කොතරම් බිහිසුණු ක්‍රියාමාර්ග දියත් කළද සිංහලේ රාජධානිය කිසිසේත් පර සතුරන්ට යටත් නොවන බව ප්‍රකාශ කළේ රටින් පිටුවහල්කරන මොහොතේ කඳුළුපිරි දෙනෙතින් කතා කළ ශ්‍රී වික්රමරාජසිංහ රජතුමාය. ආසිsයා අප්‍රිකා ඉතිහාසයේ පළමුවරට කාලතුවක්කුකාර පෘතුගීසි සේනාවක් මුල්ලේරියාවේදී සමූලඝාතනයෙන් පරාජය කරවූ සීතාවක රාජසිංහයන්ගේ අභාවයෙන් පසු සීතාවක රාජධානියද පෘතුගීසීන් යටතට පත්වූ නමුත් මහනුවර අගනුවර කරගත් සිංහලේ රාජධානිය යටත්කර ගන්නට දැරූ සියලුම කුරිරු පරංගි ප්රයත්නයන් අසාර්ථක විය. දොන් ජුවන් කොනප්පු බණ්ඩාරයන් ප්රමුඛ සිංහල ලස්කිරිඤ්ඤ සේනාවේද ආධාරයෙන් මහනුවරට පැමිණි පෘතුගීසීන් සිතාවක රාජසිංහට බියෙන් පෘතුගීසීන් සමඟ එක්ව සිටි දොaන කතිරිනා නමින් කතෝලික වූ කුසුමාසන දේවිය උපයෝගී කරගෙන සිංහල රාජවංශය අවසන් කරන්නට කූටෝපායික ක්‍රියාමාර්ගයක් දියත් කළද ඒ තීරණාත්මක අවස්ථාවේ දුරදක්නා නුවණින් කටයුතු කළ පූජ්‍යපාද දෙවනගල රතනාලංකාර නාහිමියන් කොනප්පු බණ්ඩාරයන්ට නිසිමග පෙන්වමින් අනුගමනය කළ ජාති හිතෛෂී ශාසනමාමක ක්‍රියාමාර්ගය නිසා පරංගින්ගේ කුමන්ත්රණකාරී සැලැස්ම අසාර්ථක වූයේ, පෘතුගීසි හමුදාවට සමූලඝාතන පරාජයක්ද අත්කර දෙමිනි.
සීතාවක රාජසිංහයන්ගෙන් ආරක්ෂවන්නට තමන් හා එක්වී තමන්ගේ රැකවරණ ලබා දොන්ජුවන් නමින් විරුදනාමයක්ද හිමිකරගෙන තම හමුදාවේද ආධාරයෙන් මහනුවරට පැමිණ පෘතුගීසී සේනා විනාශකර විමලධර්මසූරිය නමින් රජවූ කොනප්පු බණ්ඩාරගෙන් පළිගන්නට පෘතුගීසීන් දැරූ සියලුම උත්සාහයන් අසාර්ථක විය. දන්තුරේදී ලැබූ සමූල ඝාතන පරාජයෙන් පසුවත් දරුණුම පෘතුගීසී සේනාපතීන් වූ දොන් ජෙරනිමෝද අසවේදු, කැප්ටන් ජනරාල් කුන්ස්තන්තීනු ද සා හා දියෝගුද මේලෝ කැස්ට්‍රොa වැනි ලෝක ප්‍රකට පෘතුගීසි හමුදා නායකයන්ගේ මෙහෙයීමෙන් සිංහල රාජධානිය යටත් කර ගැනීමේ බිහිසුණු ප්රයත්නයන්හි යෙදුණද පරංගි හමුදාවන්ට අත් වූයේ ලෝක ඉතිහාසයට එක් වන පරාජයක් පමණකි. කූටෝපායෙහි අග තැන්පත් මිගෙල් පෙරේරා වැනි නායකයන් අවස්ථාවාදී ලෙස දෙවැනි රාජසිංහ රජතුමා ඉදිරියේ දණින් වැටුණද ඔහුටද සිය අරමුණ ඉටුකරගත නොහැකි විය. මිගෙල් පෙරේරා රාජසිංහ රජු ඉදිරියේ දණගැසීම පුදුමයට හේතුවක් නොවන්නේ, පෘතුගීසීන් පරාජය කර කොළඹ කොටුවෙන් පන්නා දැමීමට දෙවැනි රාජසිංහ රජතුමාට සහාය වූ ලංකාවේ පහතරට පළමුවැනි ලන්දේසි ආණ්ඩුකාරයා වූ වංශාධිපති හල්µට් සෙනෙවියාද මහනුවර රජවාසලට ඇතුළු වූ තැන් පටන් සිංහාසනාරූඪව සිටි රජුවෙත දෙදණින්ම ගමන් කළ හෙයිනි.
අතිශය කුරිරු ආක්රමණිකයකු වූ දොන් ජෙරනිමෝ ද අසවේදු සිංහල රාජධානිය ආක්‍රමණය කළ හැම අවස්ථාවකදීම මගදිගට හමුවන සියලු වැඩිහිටි පිරිමින් මෙන්ම පිරිමි ළමුන්ද ඝාතනය කරන තරම් සාපරාධී විය. පෘතුගීසී සේනා පරාජයවී පසුබැස යනතුරු සිංහලේ කාන්තාවෝ දරුවන් වඩාගෙන වනගතවී ගඩාගෙඩි කමින් වැස්සේ තෙමෙමින් අප්‍රමාණ දුක් විඳ දරාගත්තේ ජාතිකාභිමානය හා බුදු සසුන රැකගැනීමේ උතුම් අරමුණ උදෙසා කැපවෙමිනි. ක්‍රිස්තුවර්ෂ එක්දාස්පන්සිය හතළිස් ගණන්වල සිට එක්දාස් හයසිය හතළිස් අටේ පරාජය වී කොළඹ කොටුව අතහැර යනතුරු ශතවර්ෂාධික කාලයක් තුළ පෘතුගීසි හමුදාවන් සිංහල රාජධානිය යටත්කර ගන්නට දැරූ සියලු ප්රයත්නයන් අසාර්ථක වූයේ බුද්ධ ශාසනය රැකගැනීමේ උතුම් අරමුණ වෙනුවෙන් සිංහලයන් කළ උදාර පරිත්‍යාගයන් හා අසාමාන්‍ය වූ කැපකිරීම් නිසාය.
කාලතුවක්කුකාර පෘතුගීසි අවිබලය හමුවේ කඩුව, හෙල්ල අතින්ගත් සිංහලේ දේශප්‍රේමීන්ට අසාමාන්‍ය වූ පරිත්‍යාගයන් කරන්නට සිදුවිය. බයිනෙත්තු හා පිස්තෝල රැගෙන කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් ආක්රමණයේ යෙදෙන පෘතුගීසි හමුදාවන් සමඟ කළ සටන්වලදී පෘතුගීසි සෙබළුන් සියයක් මිය යන විට සිංහල සෙබළුන් දාහකට දිවි පුදන්නට සිදුවූ අවස්ථා බොහෝ වූ බව රහසක් නොවේ. පෘතුගීසි සෙබළුන් දාහක් මියයන විට සිංහල සෙබළුන් දහදාහක් තරම් සංඛ්‍යාවකට දිවි පුදන්නට සිදුවිය.
සිංහලේ දේශප්‍රේමීන් ශතවර්ෂාධික කාලයක් තිස්සේ කාලතුවක්කුකාර කුරිරු පෘතුගීසීන්ට එරෙහිව කඩු දුනු හා සතුරාගෙන්ම අල්ලාගත් අවි ආයුධද උපයෝගී කරගනිමින් සටන් කළේ තමන් ජීවත්වූ ගම්වල ගෙවතු හෝ කටුමැටි බිත්ති ගෙවල් හෝ වී බිසි, කුරහන් බිසි ආදිය රැකගන්නට නොවේ. සිංහලේ දේශප්‍රෙAමී ජාති හිතෛෂී ශාසනමාමක ජනතාව අප්‍රමාණ වූ කැපකිරීම් කළේ උතුම් බුද්ධශාසනය රැකගැනීමේ උදාර අරමුණ වෙනුවෙනි. පෘතුගීසි හමුදා ගම්බිම් ගිනිතබමින් ගේ දොර විනාශකරමින් ගෙවතුවල කොස්ගස් හා පොල්ගස් පවා කපා දමමින් යටත්කරගත් ගැටවර වියේ ළමුන් ලවා ගෙයක් පාසා සිටි ගවයන් පෘතුගීසි පාලන ප්‍රදේශයට දක්කාගෙන යන්නට කටයුතු කරමින් කුඩා පිරිමි දරුවන් පවා මරා දමද්දී ජනතාව අප්‍රමාණ වූ කැපකිරීම් කරමින් සටන් කළේ විහාරදාගැබ් මෙන්ම විහාරවල සුරැකිව පවත්වාගෙන ආ ත්‍රිපිටක, අටුවා ටීකා හා දීපවංශ, මහාවංශ, ථූපවංශ, බෝධිවංශ, බුත්සරණ, අමාවතුර, සද්ධර්මරත්නාවලී, බුදුගුණලංකාර ලෝවැඩ සඟරාදී ධර්මපුස්ථක සහ ජාතියේ මාර්ගෝපදේශක මුරදේවතාවුන් වහන්සේලා වූ මහාසංඝරත්නය රැකගන්නට මිස දෙතිස් කුණපයෙන් සැදී ශරීර කූඩු හෝ අනිත්‍ය වූ පණනල රැකගන්නට නොවේ.
සිංහලේ ජනතාව පෘතුගීසීන්ට එරෙහිව අවුරුදු සියයකට වැඩි කාලයකුත් ලන්දේසීන්ට එරෙහිව තවත් සියවසකට වැඩි කාලයකුත් යටත් නොවී අධිෂ්ඨාන සහගතව නැඟීසිටියේ උතුම් බුද්ධශාසනය රැකගැනීමේ උදාර අරමුණ උදෙසා බව නිසැකවේ. ලෝක ප්‍රකට පෘතුගීසී සේනාපතියකු වූ කැප්ටන් ජනරාල් කුන්ස්තන්තීනු ද සා පළමුව බලන දුර්ගය ඔස්සේත් දෙවැනිව මැණික් කඩවර ඔස්සේaත් තෙවැනිව ගලගෙදර දුර්ගය ඔස්සේත් මහනුවර කරා සේනා මෙහෙවන්නට දැරූ සියලු ප්රයත්නයන් අසාර්ථක වූ පසු වැල්ලවාය දෙසින් සිංහල රාජධානියට ඇතුළුවන්නට දැරූ අවිචාරවත් ප්රයත්නය අසාර්ථක වූයේ රන්දෙණිවෙලේදී පරංගි සේනා සමූල ඝාතන පරාජයකට ලක්වීමෙනි. එසේ වුවත් ලෝකප්‍රකට පෘතුගීසි සේනාපතියා වූ කුන්ස්තන්තීනු ද සා මියගියේ තමා වටකර යටත්කර ගන්නට උත්සාහදැරූ සිංහල රණවිරුවන් දාහතර දෙනකු මරා දමමිනි. ඒ නිසාම අලගියවන්න මුකවෙටි කවියා ලියූ "කුන්ස්තන්තීනු හටන" කාව්‍යයේ වීරයා ලෙස දැක්වෙන්නේද කුන්ස්තන්තීනු ද සා වීම පුදුමයට හේතුවක් නොවේ.
ශ්‍රී ලංකාව මෙන් හැත්තෑ ගුණයකටත් වඩා විශාල රටක්වූ බ්‍රසීලය යටත්කරගන්නට පෘතුගීසීන්ට ගතවූයේ දශක දෙකක් තරම් කෙටි කාලයකි. වසර සියයක් ගතවන්නටත් කලින් බ්‍රසීල ජනගහනයෙන් සියයට අනූදෙකක් තරම් ප්‍රමාණයක් පෘතුගීසී බස කතාකරන කතෝලික ආගම අදහන තත්ත්වයට පත්වෙද්දී අවුරුදු සියයකට වැඩි ප්‍රයත්නයකින් පවා පෘතුගීසීන්ට සිය ආගමට හරවාගත හැකි වූයේ සිංහල ජනගහනයෙන් සියයට අටකටත් අඩු සංඛ්‍යාවකි. සිංහල ජනතාව රෙපරමාදු කිස්තියානියට හරවා ගැනීමේදී ලන්දේසීන් පෘතුගීසීන් තරම්වත් සාර්ථක වූයේ නැත. අවුරුදු එකසිය පනහක් තරම් වූ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය මගින් පවා සිංහලයන්ගෙන් සියයට දෙකක් තරම්වත් සංඛ්‍යාවක් එංගලන්ත සභාවට හෝ මෙතෝදිස්ත සභාව වැනි රෙපරමාදු ආගමික සංවිධානවලට හරවාගත හැකි වූයේ නැත.
කුඩා පොළ හිමියන් සිවුරුපිටින් වෙඩිතබා දශක දෙකක් ගතවන්නට කලින් වලානේ සිද්ධාර්ථ හිමියන් රත්මලානේ පරමධම්ම ෙච්තිය පිරිවෙන ආරම්භ කළේ ඉංගී්රසි මිෂනාරී අධ්‍යාපනයට අභියෝගයක් වෙමිනි. පරමධම්ම ෙච්තිය පිරිවෙනෙන් බිහිවූ මහා පඬිරුවන වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් බ්‍රිතාන්‍ය යටත් විජිතයේ අගනුවර වූ කොළඹ මරදානේ මාලිගාකන්ද විෙද්‍යාදය පිරිවෙන ආරම්භ කළේ කුඩාපොළ හිමියන් ඝාතනය කර වසර විසිපහක් සම්පූර්ණ වන්නට පෙරය. වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් පානදුරාවාදයේදී සිංහ හඬ නංවා බුදු දහමේ ශ්‍රේෂ්ඨත්වය ලෝකයා හමුවේ කියාපෑවේද කුඩා පොළ හිමියන් ඝාතනය කර විසිපස් වසරක් ගතවූ අවස්ථාවේ බව රහසක් නොවේ. පානදුරාවාදයෙන් නැඟුණු විශ්වන්තරවාදී චින්තනයේ ජයහඬ බටහිර රටවල ප්රබුද්ධ පිරිස්ද අවදිකරන්නක් විය.
සෙන්පති ඕල්කොට්තුමන්, බ්ලැවට්ස් මැතිනිය, ලෙඩ්බීටර් මැතිතුමන් හා මියුසියස් හිඟින්ස් මැතිනිය වැනි බටහිර රටවල ධාර්මික බුද්ධිමතුන් බෞද්ධ උරුමය සොයා හෙළ ධර්මද්වීපයට ආවේ ලොවටම ආශීර්වාදයක් වෙමිනි. ඕල්කොට්තුමාගේ දේශන සිංහලට පරිවර්තනය කරමින් රටපුරා යමින් ජාතිය අවදිකිරීමේ මගගත් දොන් ඩේවිඩ් හේවාවිතාරණයන් හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේද ආශීර්වාදය ඇතිව අනගාරික දිවිමගට එළඹ අනගාරික ධර්මපාල බවට පත්වී ලොවපුරා බෞද්ධ සිංහනාදය පතුරුවා හැරීමේ විශ්වන්තරවාදී මෙහෙවරට කැපවූයේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයවන් පුංචි ශ්‍රී ලංකාවේ සිංහල වර්ගයා ලෝක බෞද්ධ නායකත්වය කරා යොමු කරමිනි. ලොව පුරා මහා බෝධි සමාගම් පිහිටුවමින් පටන්ගත් ධර්මපාලතුමාගේ ප්රයත්නයේ සුවිශේෂ ප්‍රතිඵලය වූයේ හින්දු අධිපතිවාදයට යටවී තිබූ බෞද්ධ උරුමය යළි ලෝක උරුමයක් බවට පත්වීමයි. සිංහල වර්ගයා ලෝක බෞද්ධ නායකත්වය කරා යොමු කිරීමේ ධර්මපාල තුමන්ගේ අරමුණ සාර්ථකවීමේ ලකුණු පෙන්වමින් මහාචාර්ය මලලසේකර මහත්මා ලෝක බෞද්ධ සම්මේලනයේ පළමුවැනි සභාපති ධුරයට පත්වූ අතර මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ බුදුන් වදාළ ධර්මය නමැති ග්‍රන්ථය ප්රබුද්ධ ලෝක ප්‍රජාවගේ අත්පොතක් බවට පත්වී තිබේ. දැවෙන ලොව නිවාස නසන බුදුදහම ලොව පුරා පැතිරවීමේ විශ්වාන්තරවාදී මෙහෙවර හෙළ ධර්ම ද්වීපවාසීන් වෙත පැවරී ඇත්තේ කිසිදු ආක්‍රමණ බලයකට යටනොවී බුද්ධශාසනයේ චිරස්තිථිය උදෙසා කැපවීමේ දුටුගැමුණු ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනායාමේ ප්‍රතිඵලයක් වශයෙනි. දැවෙන ලොව නිවේවා! සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!
අනගාරික ධර්මසේකර තුමා
divaina