හොන්ඩා හොනට් චැසි 115 ගැන (full review about CB250FX)

blogshan

Junior member
  • Mar 16, 2011
    36
    30
    18
    හොන්ඩා හොනට් චැසි 115 ගැන (full review about CB250FX)

    ගොඩක් කොල්ලෝ පදින්න කැමති බයික් එකක් තමයි Honda Hornet කියන්නේ. ඉතිං මේ හොනට් එක සමහර අයටනම් ගැලපෙන්නේ නෑ. ගොඩක්ම කෙට්ටු අයට මේ හොනට් බයික් එක ගැලපෙන්නෙම නෑ මගේ මතයට අනුවනම්. ඒක නිකං අලියෙක්ගේ පිටේ කූබියෙක් යනවා වගේ. කොහොම උනත් හොනට් කියන්නේ බයික් එකක් උනාට ඒකේ දැනගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ගොඩක් අය දැකපු ගමං එක්කෝ අන්රෙජිස්ටර් හරි, නැත්නම් පාවිච්චි කරපු එකක් හරි ගන්නවනේ.

    කොහොම උනත් අන්රෙජිස්ටර් ගත්තත්, පාවිච්චි කරපු එකක් ගත්තත් බයික් එක ගැන දැනගෙනම ඉන්න ඕන. ඒ මොකද, හොනට් කියන්නේ ලේසි පහසු බයික් එකක් නෙමෙයි. බයික් එකේ පාර්ට් (parts) වල මිළ ගොඩක් වැඩියි. ඉන්දියන් බයික් එකකට රෝද තුනක් හතරක් දාගත්තහැකි හොනට් එකේ පිටිපස්සේ ටයර් එක දාද්දී. ඉතිං ඔය විදිහට කිසිම දෙයක් නොදැන ආසාවට හොනට් එකක් අරගත්තහම අනිවාර්යෙන්ම වැලමයිටක් සෙට් වීමේ සම්භාවිතාවයට 90% දක්වා ඉහලයි.


    මොකද, පිටින් ලස්සනට තිබුනට ඇතුලේ තත්වය කොහොමද කියලා පිටින් දැකලා කියන්න බෑනේ. ගොඩක් අය කරන්නේ තමන් ලඟ තියෙන වැලමයිට විකුණගන්න බැරිනම් අලුතින් පේන්ට් ගහලා, පොලිෂ් කරලා අනං මනං වැඩ කිඩ දාලා ඔන්න විකුණන්න දානවා. ඉතිං පිට ඔපේට රැවටිලා බයික් එකට ලක්ෂ ගාණක් යට කරලා ගෙදර ගෙනත් සතියක් විතර පදිද්දී ඔන්න ලෙඩ දෙන්න පටං ගන්නවා.


    මීටර් කේස් ආවොත්, රුපියල් 30000ක් ලෑස්ති කරගෙන තියාන ඉන්න වෙනවා. ටැංකිය ඩැමේජ් වෙලා මෙහෙන් පාස්සපු එකක්නං අලුත් ටැංකියකට රුපියල් 20000ක් විතර ලෑස්ති කරගෙන ඉන්න වෙනවා. ටයර් ගෙවිලනම්, පිටිපස්සේ ටයර් එකට රුපියල් 22000ක්, ඉස්සරහා ටයර් එකට රුපියල් 16000ක් විතර ලෑස්ති කරගෙන ඉන්න වෙනවා. එන්ජින් ට්‍රබල් ඇවිත් හදාගන්නම බැරිවුනොත් රුපියල් ලක්ෂ දෙකක් විතර ලෑස්ති කරගෙන ඉන්න වෙනවා. තව හොනට් එකට ඕන කරන භාණ්ඩ කීපයක මිළ ගණන් මේ පෝස්ට් එක යටින් මම ලියන්නම්.

    ඉතින්, මම මේ කියන්නේ බයික් එකක් ගද්දී පොඩ්ඩක් ඒ ගැන දැනගෙන ඉන්න එක හොඳයිනේ. මම ෆේස්බුක් එකේ කිව්වා වගේම, හොනට් වලින් හොයාගන්න අමාරුම ඔරිජිනල් චැසි 115 බයික් එකක්. ඒක ඇත්තටම කලුනික හොයනවටත් වැඩිය අමාරුයි. මම පින්තූරත් එක්කම ඔරිජිනල්ම චැසි 115ක පින්තූර පාවිච්චි කරලා ඔයාලට මේ ඔරිජිනල් චැසි 115 කියන්නේ මොකක්ද, කොහොමද බයික් එකක් ඔරිජිනල් චැසි 115ක් කියලා දැනගන්නේ කියලා කියල දෙන්නම්. මේකට මම පාවිච්චි කරන්නේ මගෙ අයිය කෙනෙක්ගේ බයික් එකක්. ඒ වගේම මගේ බයික් එකේ කෑලි ටිකකුත් එකතු කරනවා. ආඩම්බරෙන් කියන්න පුලුවන් දැනට මම ඉන්න පළාතේම තියෙන්නේ ඔරිජිනල් චැසි 115 වලින් දෙකක් විතරයි. ඒ අයියගෙ එකයි මගේ එකයි විතරයි. අයියගේ එක දැන් ikman.lk එකේ විකුණන්න දාලා තියෙනවා. ඔයාලට ඒ දැන්වීම මෙතත උඩ ක්ලික් කරලා බලාගන්න පුලුවන්.




    මෙන්න මේ රූප බලන්න. මේ රූපයේ මම 1, 2, 3... ආදී වශයෙන් අංක කරලා තියෙනවා. ඒ අංක පිළිවෙලින් විස්තර කරලා පහළ තියෙනවා.


    1. හොනට් චැසි 115ට එන්නේ K1 කියන සයිලාන්සර් එක. මේ සයිලාන්සර් එකේ වර්ග දෙකක් තියෙනවා. එක්ක තමයි මේ K1 සයිලාන්සර් එක. අනිත් එක තමයි K2 කියන සයිලාන්සර් එක. K1 සයිලාන්සර් එක එන්නේ හොනට් චැසි 100 ඉදන් 115 වෙනකම් විතරයි. එතනින් එහාට, ඒ කියන්නේ චැසි 120 ඉදන් 150 වෙනකම් එන්නේ K2 සයිලාන්සර් එක. දෙකේ සද්දේනම් දෙවිදිහක්. ඒ වගේම K2 සයිලාන්සර් එකේ චැසි 140 සහ 150 කියන මොඩල් වලට dual sound ඒ කියන්නේ සයිලාන්සර් එකෙන් ශබ්ද දෙකක් ඇහෙන විදිහටයි නිර්මාණය කරල තියෙන්නේ. ඕක K1ද නැත්නම් K2 කියලා බලාගන්න පුලුවන් ඔය උඩින් වෙනම තියෙන තහඩුවට යටින් HEM K1 හෝ HEM K2 කියලා තියෙනවා.


    2. සුවින්ග් ආර්ම් එකේ තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ ෆූට්රස් දෙක තියෙන තැනට උඩින් (දෙපැත්තෙම) මේ රතුපාට බුෂ් එක තියෙනවා. හොනට් චැසි 115 මොඩල් එකට විතරයි මේ රතුපාට බුෂ් එක එන්නේ. ගොඩක් අය ඔය බුෂ් එක නැත්නං කරන්නේ රතු පාට ස්ටිකර් එකක් අලවන එක. දැන් කෙනෙක්ට ප්‍රශ්ණයක් එන්න පුලුවන් චැසි 115ට රතුපාට බුෂ් එකක් එනවනම් ඇයි තව කෙනෙක් ඒකට රතුපාටින් ස්ටිකරයක් අලවන්නේ කියලා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. හොනට් එකේ චැසිය 115 නොවී, ඒ උනාට චැසි 115 කියලා විකුණපුවාහම (ගොඩක්ම මේ ගැන නොදන්න අය ඇන්දෙනවා වැඩියි.) එයාලා පස්සේ මේ ගැන දැනගද්දී වැඩ දුරදිග ගිහින් ඉවරයි. ඉතිං එතකොට කරන්නේ රතුපාට ස්ටිකර් දෙකක් ගහලා ඒ ගමන්ම බයික් එක විකුණනවා. මොකද චැසිය වෙනස්නම් හොනට් ගැන දන්න කෙනෙක් නම් ඒ බයික් එක කීයටවත් ගන්නේ නෑ.


    *. ඔරිජිනල් චැසි 115ක්නම්, චැසිය පටං ගන්න ඕන MC31-115**** කියලයි. එතකොට එන්ජින් නම්බර් එක පටං ගන්නේ MC14E-160**** කියලයි. ඔය මම තරු දාලා තියෙන්නේ එතනින් එහාට එන අංක ටික. ගොඩක් වෙලාවට කරන්නේ ලංකාවට බයික් එකක් ගෙනාවාම ඒවගේ චැසි, එන්ජින් අංක වෙනස් කරනවා. මොකද සමහරවිට කෙනෙක් ජපානයෙන්ම ඔරිජිනල් චැසි 115ක් ගෙනාවත් ඒ චැසි අංකෙට ලංකාවේ තව බයික් එකක් තියෙනවා වෙන්න පුලුවන්. අන්න එතකොට කරන්න දෙයක් නැතිවෙනවනේ. ඉතිං එයා චැසි අංකේ කොටලා රෙජිස්ටර් කරනවා. චැසි අංකෙයි, එන්ජින් අංකෙයි එකපාරක් කෙටුවට ඒක හොයන්න බෑ. ලස්සනට ග්‍රයින්ඩ් පාර දාලා එයාලා කරනවා. ඉතිං චැසිය කොටලද කියලා බලන්න යන්න එපා. ඒක කොහොමත් කොටලමයි තියෙන්නේ. චැසි, එන්ජින් නම්බර් කොටපු නැති ඒවා හොයාගන්න නෑ. ඒ නිසා ඔය උඩින් මම කියපු චැසියයි, එන්ජින් නම්බර් එකයි පටං ගන්න අංක ඒ අදාල ස්ථාන වල තියෙනවද බලන්න. චැසි අංකේ තියෙන්නේ බයික් එකේ හැඩල් එක සෙට් වෙලා තියෙන තැන දකුණු පැත්තේ. හැඩල් එක වමට හැරෙව්වාම චැසි අංකේ පේනවා.ඓන්ජින් නම්බර් එක තියෙන්නේ දකුණු පැත්තේ එන්ජිම උඩ. ඒ වගේම, ඔරිජිනල් 115ක්නම් color code එක CB250FX කියලා කලර් කෝඩ් එක සඳහන් වෙලා තියෙන්න ඕන. ඔය CB250FX කියන එකේ FX කියන්නේ චැසි 115ට. ඕකේ තව තියෙනවා FT, FV, FY, F1, F3, F6, F7 කියලා. ඒවා ඉතින් හොනට් 250 මොඩල් එකේ අනිත් චැසිවලට එන කෝඩ් එක.මේ CB250FX කියන කෝඩ් එක තියෙන්නේ ෂීට් එක ගලවපුවාම චැසියේ. ඒක ටැංකියට ලඟින් තියෙන්නේ.


    **. අනික ඔය අලුතින් රෙජිස්ටර් කරන බයික් 2012, 2013, 2014 අනං මනං කියලනේ තියෙන්නේ. 2006න් පස්සේ හොන්ඩා කම්පැනි එක හොනට් 250 ගහන එක නැවැත්තුවා. අනික හොනට් 250 චැසි 115 ගැහුවේ 1998දී. හැබැයි කියන්න දෙයක් තියෙනවා. මෙහෙම දේකුත් තියෙනවා. දැන් කෙනෙක් මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2014 බයික් එකක් ගත්තා කියමුකෝ. ඒ උනාට ඒක නිෂ්පාදිත වර්ෂය 2010 වගේ වෙන්නත් පුලුවන්. ඒ ඉතිං චැසිවල අරුමේ තමා.


    3. තුන්වෙනි එක තමයි එන්ජින් එක. කලින් කිව්වා වගේම එන්ජින් එකේ උඩ ගහලා තියෙනවා එන්ජින් නම්බර් එක. එන්ජින් නම්බර් එක වෙන්න ඕන MC14E-160**** කියලා. ඒ වගේම, එන්ජිමේ පාට මෙන්න මේකේ තියෙන gray metalic පාට වෙන්න ඕන. මොකද චැසි 100 ඉදන් 110ට එනකම්ම එන්ජින් කලර් එකට ආවේ silver කලර් එක. ඕක නොදැන චැසි 115ක් කියලා අරගන්නවා. එන්ජින් නම්බරෙත් හරි. ඒ උනාට එන්ජින් එක 100ක, නැත්නං 105ක, නැත්නං 110. ඒ මොකද මුං එන්ජින් නම්බරේ කොටලා.


    4. මේකනම් එච්චර විශේෂයක් නෑ. හැබැයි මේකත් හොන්ඩා හොනට් චැසි 115ක් ගද්දී බැලුවනම් තමයි හොඳ. මේ "Hornet" කියන අකුරු ටික තියෙන ස්ටිකරේ තියෙන්න ඕන ටැංකියේ. හම්ප් එකේ කිසිම දෙයක් තියෙන්න බෑ. හම්ප් එක කියන්නේ පිටිපස්ස රෝදෙට උඩින් තියෙන නිල් පාට කෑල්ල :D ඕක නිල්පාට කීවට ඉතිං බයික් එකේ පාට අනුව වෙනස් වෙනවා. ඒ වගේම ටැංකියේ Hornet කියලා Fiber sticker එකක් එනවා චැසි 125ට. අන්න ඒකත් පොඩ්ඩක් බලන්න. බයික් එකේ පාට කියද්දී තව දෙයක් කියන්න ඕන. Two tone, ඒ කියන්නේ පාට දෙකක් තියෙන හොනට් බයික් ඔයාලා දැකල ඇතිනේ. ඒ කියන්නේ උඩ එක පාටක්, දෙවෙනියට තියෙන්නේ කලුපාට. ඉතින් ඔය Two tone එක මේ චැසි 115 බයික් එකට නෑ. Single tone එකක් විතරයි චැසි 115ට එන්නේ. ඒ කියන්නේ නිල් පාටනම් තනිකරම බයික් එක නිල් පාටයි. කලු පාටනම් තනිකරම කලු පාටයි. විශේෂයෙක් නෑ කීවට මුලින්, මේ Single tone සහ Two tone කියන එකනම් විශේෂයෙන්ම බලන්න ඕන දෙයක්.


    5. චැසි 110 ඉදන් තමයි හෙල්මට් හෝල්ඩර් (helmet holder) එක එන්නේ. සමහරක් චැසි 115 කියාගන්නා ඒවගේ හෙල්මට් හෝල්ඩර් එක නෑ. ඒ චැසිය වෙන එකක එකක් නිසා. ඉතින් කලින් කියපුවා සේරම තියෙනවනම්, හෙල්මට් හෝල්ඩර් නැත්නං හොනට් ගැන දන්න බුවෙක් ඒ බයික් එක ගන්නෙත් නෑ. මම වගේ :D හැබැයි ඉතිං හෙල්මට් හෝල්ඩර් එකට ලේමට් එකක් දාගෙන පැදගෙනනම් යන්න බෑ. නවත්තලා තියෙද්දි හෙල්මට් එක දාලානං යන්න පුලුවං.


    6. හයවෙනි එකක් නෑ නේ :P ඒ ඉතිං අංක දාද්දී වැරදිල්ල තමා. ඒක නිසා කරුණාකරලා අංක 7 වෙනි එක බලන්න හොඳේ.


    7. ඔය මම සළකුණු කරලා තියෙන්නේ නම්බර් ප්ලේට් එකට යටින් කෑල්ලක්. සමහර වෙලාවට ඔය කෑල්ල නැතිව බයික් තියෙනවා. ඉතිං ඒ ඇයි අහපුවාම කියන්නේ මොඩිෆයි කරලා කියලා. රෙද්ද තමා මොඩිෆයි. මොකක් හරි මඟුලක් වෙලා ඒ කෑල්ල කැඩුනාම ඕකුන් කරන්නේ ආය ඔය කෑල්ල සෙට් කරන්නේ නෑ. සමහර වෙලාවට ඔය නම්බර් ප්ලේට් එක සෙට් කරන කෑල්ලම කැඩිලා යනවා. ඒකට කියන්නේ ටේල් එක කියලා. ටේල් එක කැඩුනාම කරන්නේ පිටිපස්සේ සිග්නල් ලයිට් සෙට් කරන්න විදිහක් නෑනේ. මුං ස්කූටරේ ලයිට් සෙට් එක හම්ප් එකට සෙට් කරනවා. එතකොට හම්ප් එකේම තමයි බ්රේක් ලයිට්, සිග්නල් ලයිට් සේරම තියෙන්නේ. වඳින්නං, එහෙම හම්ප් එකේම සේරම තියෙන ඒවනං ගන්න එපා.


    8. ඔය side mirror එක තමයි ඔරිජිනල් චැසි 115ට එන්නේ. හැබැයි ඉතිං සයිඩ් මිරර්ස්නං එච්චර ගානක් නෑ. මොකද මගේ එකේ තියෙන්නේ රවුම් එකක් නෙමෙයි, කොටු එකක්. හැබැයි ඔරිජිනල් සයිඩ් මිරර්ස් ඈ. ඒ කියන්නේ made in japan :D


    තව පොඩි පොඩි දේවල් වගයක් තියෙනවා කියන්න.


    *. මීටරේ තියෙන්න ඕන සුදුපාට ඩයල් දෙකක්. ඒ වගේම මීටරේ ආවරණය වෙලා තියෙන්න ඕන සිල්වර් ෆ්රේම් එකකින්. ඔයාලට ඔය මම සයිඩ් මිරර්ස් පෙන්නලා දීල තියෙන එකේ තියෙන මීටරේ ආවරණය කරලා තියෙන එක පේනවනේ. ඔය කවර් එක නැතිව එන්නේ චැසි 100, 110 ඒවට. ඒ වගේම චැසි 115 එන්නේ heat meter එකක් විතරයි.


    **. ප්ලග් ටොප් සහ මොනෝෂොක් එක රතුපාට වෙන්න ඕන.


    ***. ටැංකියට ලීටර් 16ක තෙල් වදිනවා. කාර්බියුලේටර් එලම ඒවගේ 25+ විතර ලඟ දිවෙනවා. මගෙ එකෙත් 27+ක් විතර කෙරෙනවා. අයියගෙ මේ බයික් එකෙත් එහෙමයි.


    ****. ජියර් හයක් තියෙනවා. පලවෙනි ජියර් එක පහළට. දෙවෙනි ජියර් එක උඩට. පළවෙනි සහ දෙවෙනි ජියර් දෙක මැද තමයි නිවුටල් එක තියෙන්නේ. තුන, හතර, පහ, හය කියන ඉතුරු ජියර් ටිකත් දෙවෙනි එක වගේම උඩට තමයි කැඩෙන්නේ.


    *****. මේ චැසි 115 බයික් එක බොහෝ දුරට චැසි 110 මොඩල් එකට සමානයි. ඒ නිසා පරිස්සමින් පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලලා අරගන්න.

    ******. මම දැනගත්තු විදිහටනම් හොනට් චැසි 115 නිල්පාට බයික් එකට එන්නේ සුදුපාට රිම්. මොකද මම දැකල තියෙන හැම ඔරිජිනල් 115 චැසි එකකම නිල් කලර් එකට සුදු රිම් තමයි ඇවිත් තිබුනේ. ඒ වගේම ජපානේ තියෙන පොටෝ බලපුවාමත්, එයාලගේ නිවුස්පේපර් වල ගියපු ආර්ටිකල් වල බලපුවාමත් ඒක ඇත්තක් කියලා පිළිගන්න පුලුවන් සාදක තියෙනවා.



    මේ ඉන්නේ මගේ හුරතලී. මෙයා මාත් එක්ක ගොඩ කාලෙක ඉදං ඉන්නවා. තාම කිසි ලෙඩක්නං දුන්නේ නෑ. තනිකරම ඔරිජිනල් එකක්. K1 සයිලාන්සරය වෙනුවට තියෙන්නේ මේක ජපානෙන්ම ආපු ඔරිජිනල් TSR ඩබල් කෑන් දෙකක්. මේක සෙට් කරලා තියෙන්නේ කපලා කොටලා නෙමෙයි. ඔරිජිනල් V හබ් එකකටයි සෙට් කරලා තියෙන්නේ. කණ්නාඩි දෙකනං මම වෙනස් කරා. මොකද ලොකු දෙක පොඩ්ඩක් අයින් කරලා පොඩි එක දැම්මා. ඒත් ආපහු සැරයක් ලොකු දෙකම දැම්මා ඔරිජිනල් තත්වේ තියෙන්න ඕන හන්දා. අනික පොඩි දෙකෙන් හරියට පේන්නේ නෑ. පිටිපස්සේ ටයර් එකක්නං ලඟදීම දාන්න වෙන තත්වේ තියෙන්නේ. මේ පොටෝව දැන් මාස ගාණක් වෙනවා ඇරගෙන. ඔයාලට පේනවා ඇතිනේ මේකෙත් ඔය උඩින් සඳහන් කරපු හැම ගතිගුණයක්ම තියෙනවා කියලා.

    දැනට මතක් උනේනම් ඔය ටික විතරයි. තව ඔයාලා මේකේ සඳහන් වෙලා නැති දෙයක් දන්නවනම්, මේකේ වැරදි තියෙනවනම් ඒවා පොඩ්ඩක් සඳහන් කරලා යන්න. මොකද මම හොනට් චැසි 115 හදපු එකා නෙමෙයිනේ. මේක දැම්මේ බයික් වලට ඇම්මක් තියෙන එවුංට :D


    තව දැනගන්න ඕන ඒවා තියෙනවනම් කියන්න. පුලුවං විදිහට හොයලා හරි කියන්නම්. නැත්නං පෝස්ට් එකක් විදිහට දාලා ලොකු විස්තරයක් දැනගන්න තියෙනවනම් ඒත් කියන්න. විස්තර හොයලා පෝස්ට් එකක් විදිහට හරි දෙන්නම්.



    මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. නැත්නං මාව Facebook එකෙන් සම්භන්ධ කරගන්න.
    www.facebook.com/lionshan



     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    huge-thumbs-up-smiley-emoticon.gif
     

    blogshan

    Junior member
  • Mar 16, 2011
    36
    30
    18
    ganan kohomada wenne 110 - 115 CH nos wala. mamath ekak hoyanawa me dawaswala

    Den hornet gennanawa afui machan. Mama hithanne japane 250cc hornet kunu godawal iwara ethi :v kohoma unath petrol ganan adu nisai bikes den wediya nwthi nisai ganan wedi. Original 100k 110k 115k tiyena ekek malata afuwata denne nethi tathwayak den udgatha wela tiyenne.
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    magavath tiyene hornet 115 ekak thamai. Petrol karane 20 - 25 th athare thamai habayi pickup eka tiyenava niyematama. Mama langadi yamaha r1 ekakui cbr1000 ekakui ekka nuvara pare kadugannawa indala kadavathatama ava. Mama ara bike dekatama honda tharangayak dunna. Mata kisi apahasuvak tibbe naha e dekath ekka yanna. Mage bike eka accelerater eka uparimayata aluvahama pickup venava ivarayak naha up to 160kmh nagala thamai passa balanne. Velavata ape paraval vala ita vada 1000cc evatath yanna amarui ne. Eka nisa mama ara bikes dekatama kalin kadavathata ava :). Habai ekak kiyanna oni, seat eka ganna deyak naha lallak vage seat eka. passa ridenavaa inna baha. Ita vada hondai indian oni bike ekak. Me hethuva nisa mage GF mage bike eke nagala yanna ene naha. Habai machan bike ekkin ganna puluvan uparima fun ekak aragana puluvan hornet ekakin ape rate nithiyanukula ramuve indan. Thava ekak mama r1 ekka tharangayata yanakota petrol karala tibbe 10ta aduven :)
     
    Last edited: